Translate

Saturday, April 5, 2014

ආදරය කරන්න පුරුදු වන්න ක්රම 4 ක්.

වර්තමාන තරගකාරී ලෝකය තුල මිනිසුන්ට ආදරය පිලිබඳව අමතක වෙලා තිබෙනව. මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ මිනිසුන්ට ආදරය පිලිබඳව නැවත මතක්කරල දෙන්න.

01. සුරතල් සතෙක්ව ඇතිකරන්න.

සුරතල් සතුන් කියන්නෙ ලස්සන ජීවීන්. ඒ වගේම ඔවුන් ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද කියල සලකන්නෙ නැහැ. ඔවුන් ඔබට ආදරය කරනව. සුරතල් සතෙකුට ආදරය කිරීමෙන් පලමු පියවර තබන්න, ඔබ ආදරය පිලිබඳව බොහෝ දේ ඉගෙන ගනීවි.

02. පරණ යාලුවෙකුට කතා කරන්න.

යහලුවන් ඔබව අවබෝධ කරගෙනයි සිටින්නෙ. ඒ වගේම ඔවුන් ඔබට සෑම වෙලාවකම නොපෙන්වුවත් ගොඩක් ආදරය කරනව. එම නිසා පරණ යහලුවෙකුට කතා කිරීමෙන් ඔබගේ සතුට වඩවාගත හැක.

03. ස්වෙච්ඡාවෙන් පොදු වැඩවල යෙදෙන්න.

අද වන විට සමාජයේ සිටින බෝහෝ පුද්ගලයින් අතිශය ආත්මාර්ථ කාමීන් බවට පත්ව සිටිනව. මෙමගින් ඔවුන්ටවත් සමාජයටවත් සෙතක් සිද්ද වන්නෙ නැහැ. හැකි සෑම විටම ස්වෙච්ඡාවෙන් පොදු වැඩවල යෙදෙන්න ඔබට බොහෝ දෙනාගේ ආදරය ලැබේවි.

04. සිනහ වන්න.

සිනහවට බොහෝ දේ කල හැකියි. ඔබගේ සිනහවෙන් අනෙක් පුද්ගලයින් ඔබව මිත්රශීලී පුද්ගලයෙක් ලෙස හඳූනා ගන්නවා මෙන්ම ඔබට ආදරය කරනව.

Friday, March 28, 2014

ඔබත් ආදරය සොයනවාද?

ආදරය සහ ජීවිතය පිළිබදව ඔබ ඉන්නේ යම් කිසි පසුතැවීමකින්ද?
එයට හේතුව ඔබ ළගින්ම ඉන්න මිතුරා හෝ මිතුරිය පෙම්වතියක් හෝ පෙම්වතෙක් සොයා ගැනීමද?
ඔබ සිතන්නේ ඔබට ආදරය අහිමි වන්නේ ඇයි දැයි කියාද?

ඔබේ ජීවිතයට ආදරය සොයා ගැනීමේදී අනුගමනය කළ හැකි සරළ දේවල් කිහිපයකි මේ.

වඩාත් කාර්යබහුල වන ඔබට වෘත්තීය ජීවිතය හේතුවෙන් වඩාත් කාර්ය බහුල වන ඔබ ගැළපෙන ආදරය සොයා ගැනීම සදහා කාලය වෙන් කරන්න. ආදරය සහ කාලය යන දෙකම ඔබට නොමැති බව කිව්වේ කවුද?

විසදුම:
ඔබ ආදරය සොයා යන්නේ නැති තාක් ඔබට ආදරය හමු නොවේ. වඩාත් ඥානාන්විත වන්නේ ඒ සඳහා කාලය මිඩංගු කිරීමයි. ඔබ විසින් කළ යුතු ප්රධාන කරුණ වන්නේ වඩ වඩාත් සමාජශීලී වීමයි. (සම්මන්ත්රණ ,සමුළු සහ වෙනත් ඉසවු සඳහා සහභාගී වන්න )

කදිම ගැළපීම සොයන්න..
බොහෝ කාන්තාවන් උසස් තත්වයන් ඇති සහ උසස් අපේක්ෂාවන්ගෙන් යුතු පිරිමින් බලාපොරොත්තු වේ. එහි යතාර්ථය කුමක්දැයි ඔබ වටහා ගන්නා තෙක් එය නිවැරදි යැයි සිතේ.

විසදුම:
කිසිවකු සර්ව සම්පූර්ණ නොවීම සත්ය වේ. එම නිසා නැවත වරක් ඔබගේ Mr. Perfect ලැයිස්තුව පරීක්ෂා කරමින් එහි ඇති වැඩි දේ අඩු කිරීමට පටන් ගන්න. ඔබට වඩාත් ගැළපෙන සැබෑ කරුණු එයින් ලැබෙනු ඇත. ඔබගේ ශක්තීන් සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඔබ වෙත පැමිණෙන පිරිමින් තුළ ද එසේ ඇතැයි සිතන්න.

පළමුව ඔබට ආදරය කරන්න...
කාන්තාවන්ට සහ පිරිමින්ට ඔවුන්ගේ ජීවිතය තුළ ටෙලි නාට්යයක මෙන් ප්රතික්ෂේපවීම් සහ පාවාදීම් වැනි අමිහිරි අතීත අත්දැකීම් තිබිය හැකිය. එවැනි සිදුවීම් නිසා ඔබගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන අතර ආදරය ඔබ සඳහා නොවේ යැයි විශ්වස කිරීමට පටන් ගනී.

විසදුම:
එවැනි තත්ත්වයන් මඟහැරීම සඳහා ආත්ම අභිමානය ඇති කර ගන්න. ඔබ සමාජයට අවශ්ය පුද්ගලයකු බවත් ඔබ තුළ ධනාත්මක අදහස් පිරී ඇති බවත් සිතන්න.ආදරය විශ්වාස කිරීම ඔබ විසින්ම ආරම්භ කරන්න. එවිට ඔබේ පසුපස එන පිරිමින්ද එය විශ්වාස කරාවි!

ආදරයට බිය වීම...
සෑමවිටම අපට අවශ්ය වන්නේ ආරක්ෂා වීමයි. සත්ය ආදරය සොයා යෑමේදී කරදර සිදුවෙතැයි අප තුළ ඇතිවන බිය නිසා ආදරය සොයා යෑමේදී අපව පසුපසට තල්ලු කරනු ලබයි.

විසදුම:
අවස්තාවන් ලබා ගැනීම සඳහා ඔබටම බල කරන්න. ඔබේ ජීවිතයේ ඔබට සැබවින්ම අවශ්ය වන්නේ කුමක්දැයි යන සත්ය සඳහා බල කරන්න. ඔබට ආදරය අවශ්ය නම් ඔබ ආදරය සොයා ගත යුතුය.

සැබෑ ආදරය ලබා ගැනීම සඳහා දිරිමත් වීමට ඔබට අවශ්ය වන්නේ කුමක්දැයි වටහා ගන්න. ඔබට අවශ්ය දේ වටහා ගනිමින් එය ලබා ගැනීමට සැරසෙන්න.

පමාව...

මේ ජීවිතේදී අපි කරන ,කියන ගොඩාක් දේවල් වලදි අපිට හිතෙනවා ඇයි අපි මේ දේ කරන්න මෙච්චර පරක්කු වුනේ කියල.

විභාගයක් අවසානයේ හිතෙනවා, 'අපරාදේ තව ටිකක් පාඩම් කලානම්...'

තරඟයකින් පැරදුනාම හිතෙනවා, 'තව ටිකක් උත්සහකලානම්....'

බස් එක,කෝච්චිය මගහැරුනම හිතෙනවා, 'තව ටිකක් ඉස්සර උනානම්....'

තමුන් ආදරය කරන ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දැක්කම හිතෙනවා, 'අපරාදෙ මම තව ටිකක් ඉක්මන් උනානම්...'

මේවගේ අපේ ජීවිතේ හැම දෙයකින්ම පසුතැවීමක් ඉතුරුවෙනවා....

හිතට එකඟ නැති ආදර සම්බන්ධයක පැටලිලා ඉද්දි,හදවතට හුගාක් දැනෙන කෙනෙක්ව මුණගැහුනොත් අපේ හිත් මොනව කියයිද???????

Thursday, March 27, 2014

අවංක ආදරේ...

තවමත් අපි අතර අවංකව ආදරය කරන අය ඉන්නවා. මම අත්දැකීමෙන්මයි මේ කියන්නෙ.එහෙම ආදරේ කරල, ඒ ආදරේ අහිමිවුනාම සියදිවි හානි කරගන්න,මනස අවුල් වෙන, මානසිකව ලෙඩ වෙන අය ඉන්නවා. සමහරු කියන්න
පුලුවන් ඒ ඉතින් මෝඩයොනේ, එහෙමත් නැත්නම් නූගත් කමනෙ කියලා.ඒ අයට එහෙම කියන අපිත් හොයන්නේ අවංකව ආදරය කරන කෙනෙක්ව නේද?

ආදරේ කියන්නේ දෙන්නෙක් අතර ඇතිවෙන බැඳීමක්.ඒ බැඳීම ශක්තිමත් වෙන්නේ ඒ දෙන්න අතර තියෙන විශ්වාසය, පිලිගැනීම, ගරුකිරීම,තේරුම් ගැනීම වගේ ගොඩාක් දේවල් එකතුවුනාමයි. ඉතින් මෙහෙම ආදරය කරද්දි ඒ දෙන්නට මුහුණදෙන්න සිද්ධවෙන ප්රශ්ණවලදි තමයි ඇත්තටම ඒ දෙන්න අතර තිබුණෙ ආදරයක්ද? නැත්නම් ආශාවක්ද කියනදේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.

ගොඩාක් වෙලාවට දෙන්නා අතර තියෙන ආදරේ පලුදුවෙන්නෙ, එහෙම නැත්නම් ආදරය කරන කෙනාව දාලා යන්න සිද්ධවෙන්නෙ ඒ දෙන්නගෙ අදහස් නොගැලපීම, එහෙම නැත්නම් මම කලින් කියපු දේවල් වල තියෙන අඩුපාඩුකම් නිසයි. ඒත් ඒ මොහොතෙදි අපිට හිතාගන්න බෑ මෙච්චර ආදරේ කරලත් එයා මාව දාලා ගියේ ඇයි කියන කාරණාව. කාලයත් එක්ක ඒ දේවල් තේරුම්ගන්නකොට අපේ අතින් හුගාක් දෙනෙකුගෙ හිත් රිදිලා ඉවරයි.

කොහොම වුනත් ආදරේ කරන දෙන්නකුව වෙන්කරන්න හදනව කියන්නෙ ලොකු පවක්. දෙන්න නොගැලපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක වෙනම දෙයක්. හුඟාක් වෙලාවට දෙමවුපියන් තමන්ගෙ දුවගේ නැත්නම් පුතාගේ අනාගත සහකරු හෝ සහකාරියව හොයන්නෙ මනුස්සකමට වඩා මුදලට,වත්පොහොසත්කම් වලට, යාන වාහන, ඉඩම් කඩම්, ගෙවල් දොරවල් වගේ යුගල පද ගෝනියක් කරේ තියාගෙනයි. ඒත් ඒ මොනදේ තිබුනත් වැඩක් නෑ හොද හදවතක් නැත්නම්, මනුස්සකමක් නැත්නම්, අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැත්නම්. එහෙම කෙනෙක්ව විවාහ කරලදීලා වටේම ඉන්න නෑයොයි,වේයොයි,කාවොයි ඔක්කොටම පේන්න මඟුල් අරගෙන ටික දවසෙන් උසාවි ගානෙ රස්තියාදු වෙන්නයි වෙන්නේ.

ව්ටිනාම දේ තමයි මනුස්සකම. අද කාලේ හොයාගන්නත් බැරි මේ මනුස්සකමයි. අපි කවුරුත් සර්වසම්පූර්ණ නැහැ. ඉතින් කවමදාකවත් එහෙම කෙනෙකුව හොයාගන්නත් බැහැ. හොදම දේ තමයි එකිනෙකාව තේරුම් අරගෙන ජීවත් වෙන එක.

ඉස්කෝලෙ යන කාලෙනම් කොල්ලො,කෙල්ලො ආදරේ කරද්දි දෙමව්පියන් විරුද්ධවෙන එක වැරදියි කියන්න බෑ. මොකද ඒකාලෙදි ජීවිතේ ගැන අත්දැකීම් බොහොම අඩුයි. නමුත් උසස් අධය්යාපනයත් අවසන් කරල, වයසින් වැඩිහිටි කියන මට්ටමටත් ඇවිල්ල, හොද නරක තේරුම් ගන්න පුළුවන් වයසට ආවමත් දෙමව්පියන් හිතන්නෙ තාමත් මේ ළමයි නොදරුවො කියලයි. එතකොට කවදද ළමයි වැඩිහිටියො වෙලා තීරණගන්න පුළුවන් වයසට එන්නේ????

අද සමාජයේ ආදරේ කරල විවාහ වුනත්,විවාහ වෙලා ආදරේ කලත් වෙනසක් නෑ ඊටත්වඩා දික්කසාදවෙන පිරිස එන්න එන්නම වැඩිවෙනවා. ඒ අතින් අපිට ආඩම්බරවෙන්න පුළුවන් අපේ දෙමාපියන්ගේ අවංක ආදරේ දිහා බලලා.එයාලගේ ඒ අවංක ආදරේ නිසා තමයි අපිත් ඒ අවංක ආදරේ පස්සෙන් දුවන්නේ....

Wednesday, March 26, 2014

අපේ ආදරය.

අපි නිතරම ආදරය කරන්නේ අපිටමය. අන් කෙනෙකු පිළිබඳ ආදරයක්, පිවිතුරු ප්රේමයක් කියා අප රැවටෙන්නේ අපේම සිතේ අන් කෙනෙක් ගැන පහළ වූ සිතිවිල්ලකටය. අපි දරුවෙකුට ආදරය කරන්නේ ඔහු සුරතල් කිරීමෙන් අපි ලබන වින්දනය නිසායි. අනුන්ට පිහිට වීමේ මුවාවෙන් අපි සමාජසේවා කටයුතු කරන්නේ අපේම සතුට සඳහාය. මම දේශන පවත්වන්නේ කරුණු කියා දීමට ඇති තදබල ආශාව නිසාය. එයින් මා සතුටක් ලබන්නේ නැත්නම් දේශන පැවැත්වීම නොකෙරෙනු ඇත. අප දෙමව්පියන්ට ආදරය. කිරීම අපේ යුතුකමක් යැයි අපිට සිතෙන නිසා අපි
යුතුකමට සලකමු.

රාගයෙන් තොර, ලාභාපේක්ෂාවෙන් තොර කාහටත් එක සේ මෙත් කිරීමේ දී එක් අයෙකුට, එක් පවුලකට, එක් ජාතියකට ආදී වශයෙන් සීමාවෙන්නේ නැත. සීමාවන් ඇත්තේ එය ස්වකීය සතුට සඳහා වෙන්වී ඇතිවිට පමණයි.

-සුමනදාස සමරසිංහ

Wednesday, February 19, 2014

මගේ නොවූ මගේ ආදරය... ආදරණීය නුඹට සුභ උපන් දිනයක්..!

දින සති වෙලා,සති මාස වෙලා කාලය ගෙවිලා ගිහින්... ඒත් වසර දෙකකට එහා ඒ අතීතය තවමත් මට අද ඊයේ වගේ. මතක් වෙන කොට ඉස්සර තරමටම දුකක් නොදැනුනත්,ඉස්සර වගේම නුඹ ලඟින් උන්නනම් කියලා හිතෙන වාර ගණන අනන්තයි.

දුකක් නොදැනුනත් හැම තිස්සෙම හිත පාරවන ඒ මතකය අමතක කරන්න බැරි උනත්, යටපත් කරලා හරි තියාගන්න හදන හැම වෙලාවකම වගේ නුඹ කොහේ හරි ඉඳන් ඇවිත් ඒ දේ නතර කරන්නේ මොන අරුමයකටද කියලා තවමත් මට හිතාගන්න බැහැ.

නුඹ හින්දා ලැබුනු දේට වඩා නොලැබුනු දේ වැඩි උනත් කවමදාකවත් ඒ ගැන හිතේ දුකක් නැහැ...
නුඹ කවදාවත් හමුනොවුනානම් ගොඩක් වෙලාවට මන් ආදරේ ගැන ලියපුව  නොලියවෙන්න තිබුනා. අද නැතත් කවදමහරි දවසක නුඹ මේ සටහන් දකීවි... නුඹට එදාටවත් මාව තේරුම් ගන්න පුළුවන් උනොත්, මතකයක් විතරක් වත්කම විදියට ඉතුරු උන මේ ආදරේට ඒ හොඳටම ඇති...

අද ඔයාගේ 22 වෙනි උපන් දිනය... මම දන්න තරමින් දැන් ඔයා අලුතින්ම ජීවිතේ පටන් අටන්. මන් හිතනව ඔයාගෙ අලුත් ආදරේ දන් ඔයාව හොදට බලාගන්නව ඇති කියල. ජීවිතේට නොලැබුනු හැම දෙයක්ම ආපහු ඔයාගේ ජීවිතේට ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා...

"නුඹ
ගියත්
දුක නෑ...
ආදරේ
කලනිසා
මං... "

මේ කවිය කියවන හැම පාරකම මට මතක් උනේ ඔයාව... ඔයාගේ සතුට තියෙන්නේ ඔයා හොයාගෙන ගිය ආදරේ ගාවනම්...අහිතක් නැතිවම මම සුභ පතනවා...ඒත් අදටත් ආදරේ කරනවා... බලාපොරොත්තු හා අපේක්ෂා රහිත
මේ ආදරේ ඇත්තටම දුකක් නෙමෙයි... දාහක් දේ කියන්න හිතේ තිබුනත්, හතර අතේ විසිරෙන සිතුවිලිත් එක්ක ඒ දේ කරන එක යුද්ධයක් වගේ... ඉතිං..., මගේ නොවුනු මගේ ආදරය... නුඹට සුභ උපන් දිනයක්... හැමදාම සතුටින් ඉන්න...!

❒උපුටා ගැනුමකි.
❒True Love Never Dies & Love is Everything Team.
❒http://www.facebook.com/true.love.never.dies77
❒♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥
❒♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
❒♥...Like...♥...Comment...♥...Share...♥
❒D♥ Presents...™©®

Thursday, January 2, 2014

මගේ බෙහෙත ඒඩ්ස්වලට සියයට සීයක් සාර්ථකයි.

වෛද්ය තරංගා කුමාරි පවසයි තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්) ආසාදිතයන්ගේ ප්රතිශක්තිය සියයට සියයක් ඉහළ දමන සාර්ථක ඖෂධයක් බව ආයුර්වේද වෛද්ය තරංගා කුමාරි වික්රමසූරිය මහත්මිය පැවසුවාය. එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක් ඇතුළතදී සියයට සියයක්ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්ය වික්රමසූරිය මහත්මිය පැවසුවාය.

‘එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. සියයට සියයක්ම සාර්ථකයි. සිංහල වෛද්ය ක්රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ’ යෑයි ද වෛද්ය වික්රමසූරිය මහත්මිය ප්රකාශ කළාය. ‘මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ. මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක් කළේ නෑ. දේශීය වෛද්ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක් ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක් නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක් ලබාගන්නත් පුළුවන්. ශ්රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්ථාවක්’ යෑයි ද ආයුර්වේද වෛද්ය තරංගා කුමාරි වික්රමසූරිය මහත්මිය ප්රකාශ කළාය. මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක් සොයාගත්තාය. එයද සාර්ථක ප්රතිකාර ක්රමයක් බව පවසන වෛද්ය වික්රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.