Translate

Friday, August 14, 2015

ජීවිතේට ලන්සු තියමු.

ජීවිත් වෙනකොට උත්සහ ගන්න ඕනි ප්‍රශ්න වලින් පැනල යන්න නෙමෙයි. ඒක විසඳගන්න. ඒකට මුණ දෙන්න. මිනිස්සුන්ට කොච්චරක් නම් දේවල් වෙනවද..? එත් හැම එක්කෙනාම බලන්නේ ජීවත් වෙන්න... තත්පරයක් හරි... ඒ ජීවිතේ ගොඩාක් වටින නිසා. ජීවිතේ නැති කරගන්න නෙමෙයි හිතන්න ඕනි. ජීවිතේ ලස්සන කරගන්නේ කොහොමද කියල. ජීවිතේ නැති කරගන්නෙ, කරන්න දෙයක් නැති කමට නෙමෙයි... ඒ උන්ගෙ පව්... වටින ජීවිතේකට අඩු ලන්සුවක් දෙන්නෙත් ඒකයි. ජීවිතේ කියන්නේ මිල කරන්න බැරි ලන්සුවක්.

කෙදිනකවත් ඔබේ ජිවිතය ගැන අවතක්සේරු නොකරන්න. ඔබේ ආනාගතය ඔබට අවශ්‍ය අයුරින් අලංකාර කර ගැනීමට අප්‍රමාදව කටයුතු කරන්න.
කන්දක් නැග්ගොත් පළ්ලමක් හම්බවෙනවාමයි.

ඔයාලට බුදු සරණයි. මේ ඔයලගෙ ආදරණීය IsH.

Friday, July 31, 2015

පිරිමියා සහ ආදරය.

මෙම ජීවිත කාලය තුලදී හැම පිරිමියෙක්ම තම පෙම්වතියට, බිරිදට විවෘතව ආදරය කල යුතුය. ලිංගික තෘප්තිය වූ කලී ඕනෑ මට්ටමකින් ලබා ගත හැකි සුලබ දෙයකි. එහෙත් ගැහැනියකගේ පවිත්‍ර ආදරයකට හිමිකම් කීමට පිරිමියෙකුට ලෙහෙසියෙන් ඉඩ ලැබෙන්නේ නැත.

පිරිමියෙක් එකම බිරිදක් සමඟ ජීවිතය බෙඳාගෙන ජීවත්වීම ඉතා ප්‍රශංසනීය කටයුත්තකි.  අද බොහෝ පිරිමි තමන්ගේ බිරින්දෑවරුන් සිටියදී වෙනත් ගැහැණුන් සමග සබඳතා පවත්වති. මේ දුර්වලකම් නිසා දුකට පත්වූ බොහෝ ගැහැණුන් මේ සමාජයේ ජීවත් වෙති.

ගැහැනිය ස්පර්ශයෙන් සංවේදී වන හෝමෝන වලින් යුත් සත්ව විශේෂයකි. ආශාවන් ඇති කරන ඔක්සිටොස්කින් නැමැති හෝමෝනයේ ප්‍රතිග්‍රාහක බව පිරිමින්ට වඩා ගැහැනියකගේ දස ගුණයකින් වැඩිය.

පිරිමියෙක් කවදත් එක ගැහැනියකගෙන් සතුටු වීමට කැමති නැත. පිරිමි තම බිරිද සමග යුග දිවි ගෙව්වත් මොළයේ ක්‍රියාකාරිත්වය පවතින්නේ බහු භාරය රුචිය පිළිබඳ කැමැත්ත පෙර දැරිවය. පිරිමි, ගැහැණු කිහිපදෙනක් සමග ඇසුරු කිරීමේ නොමද ආශාවෙන් පෙලෙන බව බිරින්දෑවරුන් දැන ගත යුතුය. එහෙත් සැබෑ මානසික විද්‍යාවට අසු නොවන සමහර පිරිමින්ද සිටිති. ඒ තම බිරිදට ඉතා ගැඹුරින් ආදරය කරන පිරිමින්‍ ය.

Tuesday, July 28, 2015

ආදරය විරහව සහ කදුල.

මේක සත්‍යය සිදුවීමක්. ඒ නිසා මෙහි එන නම් ගම් නම් කියන්න ටිකක් අමාරුයි. නමුත් මේ සිදුවීමෙන් අපේ ජීවිත වලට ලොකු පාඩමක් කියා දෙනව. ඒ නිසයි මේක කියන එක වැදගත් කියල හිතුනෙ. ඉතින් අපි ඔහුට සංජීව කියමු. ඇයට චාපා කියමු. (ටයිප් කරද්දි වැරදිලා තියන ඒවට සමාව ඉල්ලනව)
පාසල් සමය කියන්නෙ කෙනෙකුගෙ ජීවිතයේ උදා වෙන සුන්දරම කාලය කිවුවොත් මම නිවැරදි කියලයි හිතන්නෙ. ඉතින් මතක් කරන්න කොයි තරම් නම් දේවල් තියනවද? පන්තියෙ යාළුවෝ එක්ක කල දග වැඩ. කට්ටියම සෙල්ලම් කල හැටි, ප්‍රින්සිපල් ගෙන් ගුටි කාපු හැටි. ඒ අතර මැද්දෙ ගියපු පුංචි පුංචි වලි. තවත් ගොඩක් දෙවල් තියනව.
ඉතින් මොහුගෙ පාසල් කාලයත් ඒ තරම්ම සුන්දරයි. මොහු ඉගෙන ගන්න බොහොද දක්ෂයෙක්. ඒ වගේමයි ක්‍රීඩාවටත්. ගුරුවරුන්ගෙ හිත බොහොම හොදට දිනාගෙන හිටියෙ මොහු. අපි පාසලට ඇතුලත් වෙනකොට ඉන්න කෙනා නෙමෙයි ටිකකාලයක් යද්දි ඉන්නෙ. වයසෙන් මුහුකුරා යද්දි අපේ අදහස් හැගීම් වෙනස් වෙන්න ගන්නව. නව යොවුන් විය කියන්නෙ හරිම පුදුමාකාර කාලයක්. අපේ භාෂාවෙන්ම කියනවනම් හොදටම පිස්සු කෙලින කාලය. මේ කලෙදි ඉතින් ගැහැණු ළමයි පරිමි ළමයි අතර පුංචි ආකරශනේකුත් ඇති වෙනව. අපි නම් කියන්නෙ මෙන්න මේ ආකරශනය තමයි මේ කාලෙදි ආදරය කියල වැරිදයට තේරුම් ගන්නෙ. එත් අපි දැනට කියමුකො මේ ආදරයමයි කියල.
ඔහුත් බොහොම කඩවසම් පෙනුම තිබුනු ලස්සන තරුණයෙක්. පාසලේ විවිධ ක්‍රියාකරකම් වලට දැයක වෙමින් ඔහු පැමිණෙනව පාසල් ජීවිතයෙ සුන්දරම කාලය වන සාමාන්‍ය පෙළ පන්තියට. ගුරුවරුන්ගෙ භාෂාවෙන් කියනවනම් කිසිම නහට අහන්නැති උන් ටිකක් තමයි මේ පන්ති වල ඉන්නෙ. ඔහුත් කෙතරම් ඉගෙන ගන්න දක්ෂ කෙනෙකු උනත් ඔහු තුළත් අපි කලින් කිවුව හැගීම් ජනිත වෙන්න ගන්නව. ඉතින් ඔහුත් පෙම්වතියක් සොයා ගන්නව. ඇය චාපා. ඇය ඔහුගෙ ගමේමයි. සාමාන්‍ය පෙළ පන්ති වලට ආව මුල්ම කාලෙමයි මේ දෙන්න යාළු වෙන්නෙ. ඉතින් මේ දෙන්න පෙම්වතුන් විදියට ගෙවුව මේ කාලය බොහොම සුන්දරයි. ඒ කාලේ ඉතින් දැන් වගේ ජංගම දුරකතන නැහැනේ කනේ ගහගෙන කොච්චරවත් මල් කඩන්න. ලියුම් තමයි එකම සෙල්ලම. මේ දෙන්නති ලියුම් මල්ලක් විතර ගියන්න ඇති. ඔන්න එක දවසක් ළමි උදය රැස්වීමට ආවට පස්සෙ ගුරුවරු හදිසියේම 10/11 සහ 12/13 පන්ති වල සිසුන්ගෙ පොත් බෑග් පරීක්ෂා කරනව. ඇයි ඉතින් එයාලටත් මේ කාලෙ සෙල්ලම් රහසක් නෙමෙයිනෙ. කරුමෙකට වගේ අපේ මේ පෙම්වතුන් දෙන්නගෙ ලියුමකුත් අහු වෙනව. ඒත මේ දෙන්න ඉගෙන ගන්න දක්ෂ නිසාත් ගුරුවරුන්ගෙ ආදරයට ලක් වෙලා හිටිය නිසාත් අවවාද කරනව මේ අදහස් අතෑරල විභාගෙට ලෑස්ති වෙන්න කියල. ඒත් ඉතින් අප කවුරුත් දන්නවනෙ අනිත් මොන කාරනේදි ගුරුවරු කියනදේ අහුවත් මේකෙදිනම් ඒක එහෙම නෙමේ කියල. මේ දෙන්න දෙමෙයි මේක නවත්තන්නෙ. ඔහුනම් ඇය කෙරේ පුදුම බැදීමකින් තමයි හිටියෙ.
ඔන්න ඉතින් සාමාන්‍ය පෙළ විභාගෙත් එනව. දෙන්නම විභාගේට හොදින් මුහුණ දෙනව. ඇය සාමාන්‍ය ප්‍රතිපලයක් ලබල තමනි හිටිය පාසලේම නවතිනව උසස් පෙළ කරන්න. එත් ඔහු බොහොම හොද ප්‍රතිපලයක් ලබල මහනුවර ප්‍රෙද්ශයේ පාසලකට යනව වාණිජ විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන්න. ඉතින් ඔහුගෙ මේ ගමනම ඔහුගෙ ජීවිතය තීරණය කරන සාදකය වෙයි කියල කවුද හිතුවෙ දෙවියනේ.
උසස් පෙළ කරන සමයෙ ඔවුනට මුන ගැහෙන්න ලැබෙන අවස්ථව අඩු වෙනව. මේ දුරස් වීමත් එක්ක චාපා වෙනත් පෙම්වතෙක් හොයා ගන්නව. සංජීවට කොහොමින් හරි මේක ආරන්චි වෙනව. ඒත් ඔහු කොහොමද දෙවියනේ මේක දරාගන්නෙ. ඔහුගෙ මානසික මට්ටම බොහොම පහළට වැටෙව. ඔහුට ඔහුගෙ පාසල් ජීවිතෙත් එපා වෙනව. ඔහු පාසල අතෑරල ගෙදර එනව. ගෙදරින් කොච්චර බල කලත් ඔහු නෙමෙයි ආයෙ පාසල වෙත යන්නෙ. ඉතින් ටික දවසක් යද්දි මොහුගෙ හැසිරීම් වල වෙනසක් දැනෙනව. පිස්සු හැදිල ඇත්තටම ඔහුට පිස්සු හැදිල. එ මෙදිවට මත්ද්‍රවය වලටත් ඇබ්බැහි වෙලා. මොහුගෙ උමුතු ගතිය වැඩි උනාම ළග ඉන්න ඕනම කෙනෙකුට පහර දෙනව. අවසක් ඔහුගෙ අම්මටම ලීයකින් පහර දිල දතකුත් කඩනව. ඒ කාලෙ ඔහුගෙ ජීවිතෙ වැඩි හරියක්ම ගෙවුනෙ ගමේ කඩපිල් වලයි බෝක්කු උඩයි තමයි. ඉතින් අවුරුදු දෙක තුනක්ම මොහුට ප්‍රතිකාර කරනව ඒත් කිසිම ගුණයකනම් නැහැ.
මෙහෙම කාලය ගෙවිගෙන යනව. මේ වෙනකොට චාපා සරසවියටත් ගිහින් අවිත්. ඒත් එක්කම ඇය විවාහ වෙනව. සමහර විට සංජීව කොයි මොහොතක හරි ඇය ඔහුව සොයගෙන එයි කියල බලා පොරොත්තුවෙන් ඉන්නත් ඇති. ඒත් ඇයගේ විවාහයත් එක්ක ඔහුගෙ මේ උමුතු ගතිය තවත් වැඩි වෙනව.
මේ විදියට එක දවසක් ඔහු ඔහුගෙ ජීවිතය ගැන අන්තිම තීරණය ගන්නව. ඔහු එක දවසක් උදේ මහව ඉදන් මඩකලපුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පනිනව. දෙවියනේ ඔහුගෙ ඒ සුන්දර මුහුන ගරීරයෙන් වෙන් වෙලයි තිබුනෙ. ඒ වෙලාවෙ දුම්රිය පදවපු රියදුරාගෙ සාක්ෂියට අනූව මොහු රේල්පාරට සමාන්තරව ඇවිදගෙන ගිහින් කොච්චිය ලන් වෙද්දිම එක පාරටම පැන්නලු. ඔහුගෙ හස කදින් වෙන් වෙලා ඇතට ගිහින්. අපිට මේක ඒ වෙලාවෙම ආරන්චි උනා. අපිට ලොකු වෙහෙසක් දරන්න උනා ඔහුගෙ හිස සොය ගන්න. අපි ලග තමාත් තියනව ඒ වෙලාවෙ ගත්ත ඡායාරූප. ඒති මොනම හේතුවක් නිසාවත් අපි ඒවනම් ඉදිරිපත් කරන්න යන්නෙ නහැ.
ඉතින් ඔහුගෙ අම්ම තාමත් වැළපෙනව. මේ ආදරයෙන් අවසානෙ ඉතිරි වුනේ දෙමව්පියෝ දෙන්නෙකුට දරුවෙක් නැති වුන එක විතරයි. චාපා නම් ඔහුගෙ මළ ගෙදරටවත් ආවෙ නැහැ. ඉතින් අපි කියන්නෙ ආදරය කලාට කමක් නැහැ එත් තමන්ගෙ දෙව්පියන්ගෙ හිත් රිදවල ජයගන්න හදන ආරයනම් කවදාවත් හොද දෙයක් නෙම්. ඒ වගේම තමයි මේ කාරණා වලදි බොහොම බුද්ධිමත් උනේ නැත්තන් තවත් මේ වගෙ තරුණ ජීවිත කියක් නැති වෙයිද....?
උපුටා ගැනුම buwanekabayouth.blogspot.com

Wednesday, September 24, 2014

අහිමි ආදරය...

උත්තරීතර ආදරයක මතකය කොච්චර ලස්සන උණත් අහිමි ප්‍රේමය දැනෙන වාරයක් පාසා නෙතට කඳුළු උණනවා. වෙනද නොදැනුණ අමුතු තනිකමක් හිස් බවක් හිතට දැනෙනවා. සමහර දවස් වලට රෑට නින්දයන්නෙ නෑ, ඒ මතකය සැරෙන් සැරේ ඇවිත් සිත ගාව හොල්මන් කරනවා. අමතක කරන්න කියල ඇස්දෙක පියාගත්තාම ඇස් පියන් යට එයාගෙ රූපෙ මැවි මැවී පේනවා. ඒ වෙලාවට නෙත අඬපු තරම් දන්නෙ බදන් හිටපු කොට්ටය තමයි. දවසෙ කිසිම වැඩක් හරියට කරගන්න බෑ. නිරන්තරයෙන් එයාව මතක් වෙදදි, දකින දකින හැමතැනම, බලන බලන හැමතැනක දීම දකින්නෙ එයාව නේද. මයාවක් වගේ හැමතැනම ඉන්නව වගේ දැනෙනවා. හිත හදාගන්න කියල කට කිව්වත්, කොල පිරෙන්න මොනව ලිව්වත්, ෆෝන් එකට එවපු මැසේජ් ඩිලීට් කරලා දාන්න උත්සාහ කරත්, මතක්වෙන්න දීපු හැමදෙයක් ම පුච්චල දාන්න හැදුවත් කොහොම කරන්නද. සන්තකටම තිබුණු හිත බිදිල ගියාට කොහොමද එහෙම කරන්නෙ. මොනව කරත් ආදරය කරපු හිතකට වෛර කරන්න රිද්දන්න නම් හිතන්න වත් බෑ නේද. ඉන්න තැනක හොඳින් ඇති කියල හොඳින් ඉන්න කියලා දෙයියො බුදුන් ඉදිරියේ කඳුළු පුරවන් කරපු ප්‍රාර්ථනා වලට ඉඩ දීල බලන් ඉන්නවා මිසක් වෙන මොනව කරන්නද. කන්නෙ බොන්නෙ නැතුව පැත්තකට වෙලා කල්පනා කරකර ඉන්නකොට අම්ම බැනපු තරම් අනන්තයි. කවුටු හරි කියපු විරහ ගීතයක් තමන්ගෙ කරගෙන, රෑ නොනිදා කටපාඩම් වෙනකන් ඒක අහපු, අහල හිතේ දුකට අඬපු වාර ගණනත් අනන්තයි අප්‍රමාණයි. සමහර දේවල් ලියන්න බැරි තරමට සංවේදී නිසා නොලියන්න හිතුවා. හදවත සිදුරු කරගෙන ලේ, ඇට, මස්, නහර හරහ ගිහිපු ආදරයේ වේදනාව දරාගන්න බැරිම තැන අන්තිමේදි ජීවිතයෙන් පලා යන්න හිතපු අවස්ථාත් නැතුවම නෙමෙයි නේද...

ගෙවුණු ආදරණීය මතකයට ආදරයෙන් සමුදීලා කඳුළු අමතක කරලා "මගේ පාඩුවේ ඉන්නව මං" කියන තැනට හිත අරන් යන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. ඒක කරන්න බැරි නෑ. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා ට්‍රයි කරල බලන්න.

Monday, September 8, 2014

What is LOVE.....?

* ආදරේදි තියෙන්න ඕනි මුලිකම දේ තමයි විස්වාශය.
විස්වාශය නැති තැන ආදරයක් නෑ. ගොඩ දෙනෙක් ආදරයක් පටන් ගන්නෙ දෙන්නත් එක්ක ගොඩක් දුර යන්න හිතන්. බොහෝ වෙලාවට සමහරු ඒ බැදීම අත් හරින්න හිතන්නෙ මේ ආත්මය අවසානයේ. ඉතින් ඔය දුර ගමන යන්න තනියට අනිත් කෙනා එයි කියන විස්වාසය අනිවාරෙන් තියෙන්න ඕනිනෙ.
සමහර වෙලාවට අපි අතින් පිටවෙන එක වචෙනෙකින් විස්වාසය බිදෙන්න පුලුවන්. එත් දෙන්න අතර රහස් නැත්තම් විස්වාසය බිදෙන්නෙ නෑ. කවුරුත් කියනවනෙ විස්වාසයක් බිදුනොත් නම් අයෙ මොනව කලත් ඒ විස්වසෙ අයෙ ඇතිකරන්න බෑ කියල, ඉතින් ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරන එක තමයි හොද.
* ආදරේ කරද්දි, දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් බවට පත් වෙනව.
අපි ගාව තියෙන රහස් එකිනෙකා බෙදාගන්න ඕනි. තමන් කරන් කියන දේ අනිත් කෙනාට කියන්න ඕනි. ප්‍රස්නයක් ආපුවාම දෙන්නත් එක්ක සාකච්චා කරල විසද ගන්න ඕනි.
සමහරවිට ඔයා අතේ දාගෙන ඉන්න වලල්ලක් ඉල්ලනව ඔ‍යාගෙ ආදරේ. ඔයා එක වැඩක් නෑ කියල බැහැර කරයි. එත් එක අනිත් කෙනාට ගොඩාක් වටින්න පුලුවන්. ඒ නිසා ඉල්ලන හැම දෙයක් ගැනම පොඩ්ඩක් හිතන්න.
සමහර වෙලාවට ඔයගෙ ආදරේ කියයි ඔයා මේව කරන්න, මේව කරන්න එපා එහෙම කියල. එහෙම කියපුවාම ඔයා අහන්න ඇයි එහෙම කියන්නෙ කියල. එයා කියන හේතුව ඇත්ත කියල හිතුනොත් ඒක කරන්න. එයා කියන විදියට ඉදපුවාම වෙන්නෙ ආදරේ අඩු වෙන එක නෙමෙයි ආදරේ හුගක් වැඩි වෙන එකයි.
සමහරවිට අපිට අපේ ආදරවන්තයගෙන් ලැබෙන ආදරේ මදි වෙන්න පුලුවන්. එහෙම වෙලාවට ආදරවන්තයො 3,4 දෙනෙක් ආදරේ හොයන්න ගියොත් ඒ ඔයාගෙ ජීවිතේ ඔයා ගන්න වැරදිම තීරනේ වෙයි. මොකද එක කෙල්ලෙකුට එක කොල්ලටයි ආදරේ කරන්න පුලිවන්. එක කොල්ලෙකුට එක කෙල්ලටයි ආදරේ කරන්න පුලුවන්. දෙන්නෙක් තුන්දෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල කියනව නම් කරලම බලන්නකො.
ඔයාගෙ ආශරවන්තයගෙන් ලැබෙන ආදරේ මදි වගේ නම් ඔයා ඒක කෙලින්ම එයාට කියන්න. එයා එතකොට ඔයාට ශැනෙන්නම ආදරේ කරයි. මොකද සමහරු දන්නෙ නෑ. පේන්න ආදරේ කරන්න. එයාල හිතින් ඔයාලට ගොඩක් ආදරේ කරනව.
ජීවිතයේදි අපි කරන වැඩ ගැන විශ්වාසයක් අපිට තියෙන්න ඕනි. අපි කරන දෙයක් වැරදුනොත් අයෙ ඒක හදන්න බෑ.
අපේ කටින් පිට වෙන හැම වචනෙකින්ම මොනවා හෝ දෙයක් වෙනව. අපි හොද වචන පිට කලොත් හොද දේවල් වෙයි. නරක වැචන පිට කලොත් නරක දේවල් වෙයි.
අපි හැමෝගෙම ආගම් වල හොද වැඩ නරක වැඩ කියල වර්ග දෙකක් තියෙනවනෙ. හොද වැඩ කලොත් හොද පතිපල හම්බෙනව. නරක වැඩ කලොත් නරක පතිපල හම්බෙනව කියලනෙ කියන්නෙ.
කොයි ආගමේ වත් කියල නෑ බොරු කියන එක, වංචා කරන එක, වන්ක වෙන එක හොද වැඩ කියල. එතින් ඔයාලත් ඔයාලගෙ ආදර වලට බොරු කියල, වංචා කරල පව් පුරෝගෙන දුක් විදින්න එපා.
හැම වෙලේම මතක තියා ගන්න අපි කරන වැඩ වල හොද හෝ නරක ප්‍රතිපල ගොනෙක්ට බැදපු කරත්තයක් වගේ හැමදාම අපි පස්සෙන් එනව කියල.
මන් ඔයාලගෙ ආදරණීය Ish...

Monday, August 11, 2014

ආදර්ණීය ආදරයක් අ‍රඹමු.

අපේ ජීවිත වලට නැතුවම බැරි දෙයක්නෙ ආදරේ. නමුත් වර්තමාන ලෝකෙ ආද‍රේ හින්ද සතුටු වෙන අයට වඩා ඉන්නෙ ආදරේ නිසා දුක් වෙන අය. එහෙම වෙන්න මුලික හේතුව තමයි අපි පටන් ගන්න ආදරේ නොගැලපීම. මට දැනෙන විදියට හොද ආදරයක් හොයා ගන්නෙ මෙන්න මෙහෙමයි.

1. කෙල්ලො කරන ලොකුම වැරැද්ද තමයි තමන්ගෙ හිතේ වෙන කෙනෙක් තියාගෙන තමන්ට ආදරෙයි කියන කෙනෙක්ට ආදරේ කරන එක. ලෝකෙ හැමතනම, හැමදේකටම "ladies first" කියල අපි කියන්නෙ. නමුත් ආදරේදි කෙල්ලො හැමදාම දෙවෙනි තැන. දැන් ලෝකෙ හුගක් වෙනස් වෙලා ඔයාලටත් යම් කෙනෙක් ගැන ආදර හැගීම් දැනුනොත් ඒක එලියට දාන්න.

2. අපි ආදරේ කරන්න තෝර ගන්න ඕනි අපි වගේම කෙනෙක් නෙමෙයි, ඔයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පූලුවන් කෙනෙක්. කොල්ලෙක් ඉන්නව එයා හිතන්නෙ තමන් කරන දේ විතරයි හරි කියල. එහෙමම හිතන කෙල්ලෙකුත් ඉන්නව. මෙයාල දෙන්න කසාද බදිනව. පොඩ්ඩක් හිතන්නකෝ මෙයාල දෙන්නට සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න පුලුවන්ද? අපෝ බෑ. කෙල්ල කරන ඒව කොල්ලට හරියන්නෙ නෑ. කොල්ල කරන දේවල් කෙල්ලට හරියන්නෙ නෑ.

විරුද්ධ දේවල් දෙකක්  එකතු උනහම තමයි ලස්සන. කොල්ලෙකුයි කෙල්ලෙකුයි වගෙ. අනිවාරෙන් දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි.

3. අපි ආදරේ කරන්න ඕනි ඇගේ ලස්සනට නෙමෙයි හදවතේ ලස්සනට.  ඔයාල අහල තියෙනවද සින්දුවක තියෙනව "හදවත ලස්සන නැති ගැහැනිය ඇති තැන ලෝකෙම ගිනිකෙලියයි" කියල. ඉස්සර දැන් වගේ නෙමෙයිනෙ. ඒ කාලෙ හැමදේටම අර්ථයක් තිබුන. ඒ නිසා ඔහොම සින්දුවෙ තිබුනෙත් කට කහනවට නෙමෙයි. කෙල්ලෙක් විතරක් නෙමෙයි කොල්ලගෙත් හදවත ලස්සන නැත්තම් ලෝකෙම ඉවරයි තමයි. හදවත ලස්සන කෙනෙක්ට ආදරේ කලොත් අනිව ඔයා ගොඩාක් සතුටින් ඉදීවි. ඔයා හදවත ලස්සන නැති රූපෙ ලස්සන කෙනෙක්ට ආදරේ කලොත් ටික දවසක් සතුටින් ඉදල ජීවිතෙන් සමු ගන්න දවස වෙනකන්ම අඩයි.

4. කවුරු හරි ඔයාට ආදර යෝජනාවක් ගෙනවොත් හරි ඔයාට කෙනෙක් ගැන අදහසක් ඇති උනොත් හරි කෙලින්ම ආදරේකට යන්න එපා. මුලින්ම ඔයාල යාලුවො වගේ ටික දවසක් ආශ්‍රය කරල බලන්න. ඔයාලට හැමදාම එකට ඉන්න පුලුවන් වෙයිද කියල.  ඊට පස්සෙ තීරනය කරන්න ආදරය කරනවද නැද්ද කියල.

5. වර්තමානෙ ආදරය කියන දේ මිනිස්සු පිලිකුල් කරන තැනටම පත් වෙල. එකට හේතුවම මිනිස්සුන්ගෙම නොහොබිනා වැඩ. අපි සතෙක් ම‍රන එක පව් වැඩක් කියලනෙ හිතන්නෙ. ඒ වගෙම තමයි ආදරේ විහිලුවට ගන්න එකත්.  අපි ආදරේ කරන එක නවත්තපු දාට ලොකෙ පැවැත්මත් ඉවරයි කියල මතක තියා ගන්න. ඒ නිසා තමයි හැම ආගමකම වගේ ආදරේ ගැනත් පුන්චි හරි දෙයක් කියල තියෙන්නෙ.

කොල්ලෙක් කියනව නම් මගේ පෙම්වතී මාව දාල් ගියා, එ නිසා මගෙ අනාගතේම විනාශ වුනා කියල,
නැත්තම් කෙල්ලෙක් කියනව නම් මගේ පෙම්වතා මාව විනාශ කලා, මන් කොහොමද දැන් ලොකෙට මුන දෙන්නෙ කියල,
නැත්තම් මන් එයා ගැන විතරයි හිතුවෙ. මගෙ හීන වල ඉදියෙ එයා විතරයි. මන් කොහොමද අලුත් ජීවිතයක් පටන් ගන්නෙ කියල අඩ අඩ ඉන්නව නම්....
ඔයාල ආදරේ කරල නෑ. ආදරේ කලා නම් ඔහොම අඩන්නෙත් නෑ. දුක් වෙන්නෙත් නෑ, පසුතැවිලි වෙන්නෙත් නෑ. මට ඔහොම දෙයක් අහපුවම හිතෙන්නෙ කවුරු හරි මොලේ තියෙන කෙනෙක් ඔයාගෙ මොඩ කම ප්‍රයෝජනයට අරන් කියල විතරයි.

ඔයා දවසක් හරි ඇත්තටම ආදරේ කලා නම් ඒ දවස ගැන හිත හිත සතුටු වෙන්න. කවුරු මොනව කලත්, කිවත් මන් ආදරේ කලේ හදවතින්ම නේද කියල.

අවන්කව ආදරය කරන යුවලක් මේ ආත්මෙ විතරක් නෙමෙයි ආතම ගොඩක්ම එකට ජීවත් වෙනව කියලයි බුදුහාමුදුරුවො දේශණා කරල තියෙන්නෙ. බණ කතා වල කියල තියෙනව යශෝදරා දේවිය තවත් ආත්ම ගොඩක එතුමාගෙ බිරිද වෙලාම ඉපදිලා තියෙන බව. ඉතින් තවත් මොන කතාද.....

මේකත් ඔයාල හිතේ තිය ගන්න. අත් අල්ලගෙන තුරුල් වෙලා කාතා කරන එකවත්, ෆෝන් එකෙන් මල් කඩන එකවත්, රෑම් ගානෙ ගිහින් පිස්සු නටන එකවත් නෙමෙයි ආදරේ කියන්නෙ. ඊට වඩා ගොඩක් ලස්සන, ගැඹුරු, ආධ්‍යාත්මික දෙයකට තමයි ආදරේ කියන්නෙ.

මන් වැරදි දෙයක් කීව නම් ඒක මට කියන එක ලොකු උදව්වක්.

ඔයාලට බුදු සරණයි. මම ish.... බායි බායි...

ආදරේ කොච්චර උතුම් ලස්සන දෙයක් උනත් අපි හමෝම ඒ වගෙ ලස්සන ආදරයක් ලබන්න පින් කරල නෑනෙ. ඉතින් බූට් කන්නත් වෙනවනෙ. හැබැයි බූට් එකත් ආතල් එකක් තියෙනව. ඒ වගේ වෙලාවකට මලක් එහෙම පුජා කලහම කොහොමද ආතල් එක.

Sunday, August 10, 2014

ෆේස්බුක් සහ ආදරය...

බුකිය හැම කෙනෙක්ම වගේ පාවිච්චි කරනවනෙ. නමුත් වැඩි පිරිසක් තරුණ තරුණියො. ආදරේ කරන්න වගේම අලුත් ආදරයක් හොයාගන්නත් ෆේස්බුක් එක හොද තැනක්.

අපි බුකියෙන් ආදරය හොයද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. මොකද ගොඩක් නරක අයත් බුකියෙ ඉන්නවනෙ. සමහරු හිතනව බුකියෙන් ආදරයක් හොයන එක මහ මෝඩ වැඩක් කියල. එත් හොද නරක දෙකම තියන තැනක් තමයි බුකිය. මට නම් දුකේදි සැපේදි ඉන්න ගොඩක් විස්වාස කරන්න පුලුවන් අය හුග දෙනෙක් බුකියෙන් හම්බුනා. ඒ වගෙම තමයි මිනිස්සුන්ව රවට්ටල තමන්ගෙ ආශාවන් ඉශ්ට කර ගන්න බුකියට් එන අයත් හම්බුනා.

බුකියෙන් ආදරයක් පටන් ගන්නව නම් මුලින් ටික කාලයක් ආශ්‍රය කරල බලන. හැබැයි request එකක් confirm කරපු ගමන්ම ඔයාලට කවුරු හරි ආදරෙයි කිවොත් නම් ඒ ආදරේ වෙන්න නම් බෑ.

~~ish~~