Translate

Sunday, August 4, 2013

මොකද කෑල්ලක් දා ගන්න බැරිද...? Part 3

දැන් එහෙනන් කෙල්ලගෙන් කැමැත්ත අහන විදිය බලමූ.මම හිතන්නේ අදාල කෙනාගෙන කැමැත්ත ගන්න තියන හොදම ක්රමේ ඇයත් සමග කෙලින්ම කතා කිරිම... ඔබ ඇයට නංගී හෝ අක්කේ හෝ මොක කියල හරි කතා කරල කියන්න මට ඔයත් එක්ක කත කරන්න ඕනි මට
වෙලාවක් කියවනද කියල. කවදාවත් ඒකි මූනට දමල ගහල යන්නේ නෑ කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ලගට ගිහිල්ල අහන්න. ඊට පස්සෙ දවසක් වෙලාවක් කියයිනේ. දැන් කියන්න කිවුවත් කමක් නෑ.

ඇයගේ දෑස් දිහා කෙලින්ම බලන්න. ඇය අහක බලා ගත්තත් කමක් නෑ. ඇස් තියෙන දිහාම බලන්න. ඇයගේ දෑස් රදවා ගන්න ඔබ දක්ශයෙක් විය යුතුයි. තිරනාත්මකව ඇයට ඔබේ හද්වතේ තියන දේ ප්රකාශ කරන්න. මම කියනන් ඕණි විදිය ඒ කිසිම දෙයක කියන්නෙ නෑ. මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නැතිව බුද්දිමත්ව ඒක අහ්න්න ඕණි (කෙනා අනුව වෙනස් වෙනවනේ) ඔබ ඇත්තටම හද්වතිනම බොක්කෙන්ම අදරේ කරන්වනන් ඇයට ඒක දැනෙනවා.

ඔබ ඇයට කතා කරන කාලය තුල ලං වෙච්ච ප්රමානයට සරිලන පිලිතුරක ඔබට ලැබේවී. 1පාර සමහර විට බෑ කියාවී. සතියක් දෙකක කලින් විදියටම ඉන්න. 2පාර අහන්න ඒකත් බෑ කිවුවොත් මාසයක් විතර ඉන්න. ඊට පස්සෙ 3 පාර අහන්න ඒත් බෑ කිවුවොත් විතරක්, ඒ ඇයි කියල අහන්න. ඊට පස්සෙ හේතුව දැනගෙන ඔබ සද්ද නැතුව ඉන්න. කලින් වගේම යාලුවන්ට චාටර් කරන්න දෙන්න එපා ඇයට එවිට පාලුවක් දැනේවී. හැබැයි ඔබ ඇය ගැන උනනදුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න.

ටික කාලෙකට සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින්, දවසකින් ඇය ඔබ පිලිබද උනන්දු වන බව පෙනෙන්න තියෙනවනන් පොඩ්ඩක් හොට දාන්න තමන්ගෙ සෙන්සර් එකට දැනෙනවා දැන් නන් හරි කියල ආයෙ ලගට ගිහිල්ල අහන්න මට ඔයාව තේරෙනව කියලා අහන්න. මම හිතන්නේ දැන් ඔබ සාර්තකයි නොවැරදීම ඇගෙන් ඔබට ඇගේ කැමැත්ත ලැබෙනවා සහතිකයි.

සැ.යූ.- ඇයගේ යහලුවන් හැකි තරම් ලගින් තියාගන්න.(ශේප් එකේ )

ඉතින් ඔය ගැහැනු අපි ට නොකියන අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියනවා අන්න ඒවත් දැනගන්න ඕනි.

මොකද කෑල්ලක් දා ගන්න බැරිද...? Part 2

ඊයෙ girl ගෙ මනස හදන්නෙ කොහොමද කියල කිව්වා. දැන් මෙන්න මේ විදියට තමන්ගේ පිලිවෙල හදාගන්න...

1.නිතරම පිරිසිදුව ඉන්න (කෙල්ලන් වඩාත් කැමති පිරිසිදු අයටයි)

2.හැකිනම් පමනක් කොන්ඩය වවන්න(පිටු පස විශේශයි) ගොඩක් අය ආසයි

3.නිතරම රැවුල කොටටම කපන්න. දැලි රැවුලට ගැහැනුන් අකමැතිය.

4.ක්රීඩාශීලි වන්න ඇදුම් අපිරිසිදු වනවා කියල පැත්තකට වෙලා ඉන්න එපා.

5.සබකෝලය නැති කරගන්න ඇය සිටින සබාවක් ඉදිරියේ කතා කරන්න.

6.ඔබ ආඩමබර අයෙකු බව ඇයට හැගෙන්නට හරින්න (නිකන් බල්ල වගේ දෙකට නැවිලා පස්සෙන් එන අය ගැන කෙල්ලොන්ට තියෙන්නෙ අනුකම්පාවක් මිස ආදරයක් නෙවෙයි)

7.ඇය ඉදිරියේ ලදක් වගේ වන වන ඇවිදින්න එපා. කොන්ද කෙලින් තියාගෙන වේගවත්ව ගමන් කරන්න. (උඹ වැනුවම ඒකි වනන්නේ මොකක්ද.?)

8.ඔබ ඉගෙන ගන්න අයෙකු නන් හොදින් ඉගෙන ගන්න බව ඇයට ඒත්තු ගන්වන්න (ඔබ ඇත්තටම ඉගෙන ගත යුතුයි. බොරුවක් කලොත් එය කවද හරි මාට්ටු වෙනවා එදාට චටර් තමයි ආ)

9.ජොබක් එහෙම කරන්වනන් රැකියාවේ කටයුතු ඉතාමත් සාර්තකව කරගෙන යන බව ඇයට හගවන්න.(බොරුවට මවා පෑම් නොකරන්න)

10. මුල් කාලයේදී හැකි පමන ඇයට ලොකු ලයින් දෙන්න. පසුවට එය ක්රමයෙන් අඩු කරන්න.

Saturday, August 3, 2013

මොකද කෑල්ලක් දා ගන්න බැරිද..? Part 1

ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්රශ්නයක් තමයි ඔය. අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක. හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නම් කියන්නේ ඕක මොන විලි සංගේ නැති වැඩක්ද. අපේ සදාචාරෙද මොකක්ද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා. අනේ ආච්චිගේ හැ____ටේ තමයි.

මොකෝ කෙල්ලො කොල්ලො යාලු උනයි කියලා, නැතිවෙන සදාචාරේ මොකක්ද.?
මේ මම අද කියන්නේ යන්නේ... ඔය කෙල්ලොන්ගේ හිත් දිනාගන්න පහසුම මග. මුලින්ම පේවිලා මේවට ලේස්ති වෙන්න ඕනි. අනික ඉතින් මේවයින් යම්කිසි හානියක් උනොත් මම වගකීම බාරගන්නෙ නෑ ඕං. පෝස්ට් එක දිග උනත් ඔබට වැදගත් නම් කියවන්න.
(පහත සදහන් කරුනු හැම කෙල්ලටම 100%ක්
නොගැලපිය හැකියි ගැලපියද හැකියි,)

මම මුලින්ම කියන්නේ මුලින්ම ඇයගේ මනස සකස් කරන ආකාරය, (යාලු වෙන්න පෙර)

1.ඔබට යාලු වීමට අවශ කෙනාට,. ඇත්තටම හදවතින් ආදරය කරන්න. ඇයගේ ඇග පතට, කටහඩට ,ස්පර්ශ්යට ආදරය නොකරන්න. (ඉතා වැදගත්)

2.ඔබ ඇයට ආදරය පැවසීමට පෙර ඇය පිලිබද ඔබ උනන්දුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න. (එයා ඔබව ගනන් ගන්නෙ නැතිව යන වගක් පෙන්නාවී. නමුත් ඇත්ත එය නොවේ)

3.කවදාවත් ඇයගේ උපකාරක හෝ වෙනත් පන්තියක් අසල නොගැවසෙන්න. එය ඇයට මහත් වූ කරදරයකි,

4.ඔබගේ යාලුවන්ටත් (විශ්වාස කට වැඩී) මෙය දැනගන්නට හරින්න. ඔවුන් ඇයට අනිවා ඔබ ගැන කියමින් චාටර් කරාවී. එය ඇයට කරදරයක් නොවීමට ඔබ වග බලාගත යුතුය. විශේශයෙන් ඔය චාටර් කිරීමෙන් නිතරම ඇයට ඔබ මතක් කරවයි. නමුත් එය වැඩි වීමෙන් ඇයට ඔබ එපා කරවයි.

5.ඔබ පිලිබද නරක දේවල් ( මත් ද්රව්ය,XXX,) ඇයට ආරංචි වීමට නොදෙන්න. ( ඔබ කෙතරම නෑ කිවුවත් මේ දෙකෙන් එකක හෝ දෙකම කරන බව මම දන්නවා)

6.නිතරම ඇයට පෙනෙන්නට සිටින්න (උපකාරක පන්ති අසල නොව. පාර තොටේදී ඇයගේ මූනට මුන ගැසෙන්න. එය අහම්බයක් බවට හැගෙන සේ)

7.ඇය ඉදිරියේ බොරු වැඩර් කෙනෙක් වීමට නොයන්නේ. (රගාපානව කියන්නෙ අන්න ඒකට වැඩිය රගන්න එපා)

8.ඇය ඉදිරිපිට වැදගත් මහතෙකු සේ හැසිරෙන්න. (ඒකත් වැඩිය එපා කොලු කම කියන දේ තියෙන්න ඕනි ලාවට)

9.තමන් පිරිසක් මැද සිටින විට ඇය ඉදිරිපස හෝ. කොයි ලෝකෙ හරි පේන තැනක ඉන්නවනන්. පොඩ්ඩක් ඇය දෙස බලා ඔබගේ පිරිසත් සමග කටයුතු කරන්න. නිතරම බලන්න යන්න එපා. හැබැයි ඒ ලග ලගම ඉනන්වනන් විනාඩි20කට සැරයක් වගේ නිකන් බලන්න.

10.කොහෙදි දුටුවත් වචනයක්වත් කතා නොකරත් ඇගේ දෑස් දිහා බලන්න. (මල පෙරේතය වගේ බලන්න එපා, පුන්චි[හීන් හිනාවක්]දාගෙන )

Thursday, August 1, 2013

මුහුනුපොතට ඇබ්බැහි වීමේ රෝගය.

ෆේස්බුක්. අද මේ වචනය නොදන්නා කස්ටිය හොයාගන්න එකත් ටිකක් අමාරුයි. දැන් මාස කිහිපයට කලින් ෆේස්බුක් යූසර්ස් බිලියන 1 පැන්නා.  කවදහරි ඔයාල හිතල බලලා තියනවද "මම ඇයි මෙච්චර් ෆේස්බුක් යන්නේ" කියලා.
අද කියන්න යන්නේ F.A.D කියන රෝගය ගැන.

ඒ කියන්නේ Facebook Addiction Desorder. ඒකේ තෙරුම මුහුනුපොතට ඇබ්බැහි වීමේ රොගය. ලඟදී කරන ලද සමීක්ෂණයකට අනුව psychologists and researchers කස්ටියක් හොයාගේන තියනවා අලුත් රෝගයක් ගැන. ෆේස්බුකිය භාවිතා කරන 50% දෙනා දන්නෙම නෑ එයාල මේ Facebook ඇබ්බැහි වීම ගැන.

ඔයාලා දන්නවද දවස පැය 19ක් පමණ ෆේස්බුක් භාවිත කරන අයත් ඉන්නවලු. ඔවුන් නින්දට යාමට පෙර, නැගිටිලා දත් මැදීමට පෙර, උදේ කෑම් කනකොට, ඔෆීස් එකේ අදිය හැම වෙලාවකම ෆේස්බුකියට ලොග් වෙලා ඉන්නේ. දැන් ෆේස්බුකිය ලොග් වීමට හෝ චැට් කිරීමට පරිගණකයක්ම ඕන නැති බව ඔබ දන්නවා. ලංකාවේ පැය 19ක් ෆේස්බුකිය යූස් කරන අය නොතිබුනත් මේ රෝගය අනිවාර්යෙන්ම තියනවා. Alexa Site Rankings වලට අනුව, ෆේස්බුක් මුල්තැන. මෙතන විශේෂයෙන් දැකිය යුතු පැත්තක් තියනවා. ඒ තමා ලොව හොඳම සර්ච් ඉන්ජින්ස් තියෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ ලංකාවේ ගූගුල් වෙබඩවිය යන අයට වැඩිය ෆේස්බුක් භාවිතා කරන කස්ටිය වැඩී. ඒකියන්නේ අපේ කස්ටියත් ඉන්න පුලුවන් ෆේස්බුක් ඇබ්බැහි වුනු කස්ටියගේ කුලකයේ. ඒ අය තන් ෆේස්බුකියට ඇබ්බැහි වීම හඳුනාගන්නේ කේසේද? මේ පෝස්ට් එකෙන්  ඒ ගැන තමා ලියන්න ඉන්නේ.

මේ ෆේස්බුක් ඇබ්බෙහි වීමේ රෝගයෙන් පෙළෙන්නේ පාසල් ලමයි. මේකෙන් සිදුව ප්රධානතම අවාසිය තමා ඔවුන් ඉගැනීමට දක්වන උනන්දුව අඩු වෙන එක. තව සිදුවන අවාසි ගොඩයි. ඔවුන් ක්රීඩාවට දක්වන උනන්දුව අඩු වෙනවා. ඇස් වලින් අධික ලෙස වැඩ ගැනීම නිසා පෙනීම දුර්වල වෙනවා. මේක පොඩි quiz එකක්. මුලින්ම පහළ තියන උත්තර වල අක්ෂර බලා ගන්න.

(A) නැත.
(B)කලාතුරකින්
(C)සමහර විට.
(D)බොහෝ විට එහෙම කරනවා.
(E)අනිවාර්යෙන්ම (ඔව්).

ඔබ මේක අවංකව සිදුකළ යුතුයි. කොළයක් අරගෙන මේ ප්රශ්ණවලට උත්තර ලකුණු කරගන්න.

(ඔව්/නෑ) ලෙස සඳහන් ප්රශ්ණවලට දිය හැක්කේ (A) හො (E) පමණි.

1. ඔබගේ ෆේස්බුක් අකවුන්ට් එකට ලොග් කරගන්න බැරිවුනාම ඔබට හරියට තරහ යනවද?

2. අන්තරජල සම්බන්දතාවය විසන්දි වී හෝ ෆෝන් එකේ DATA ඉවර වී ඔබට ෆේස්බුක් ලොග් වීමට නොහැකි වූ විට ඔබට අපහසුවක් දැනේද?

3. ඔබගේ Facebook භාවිතය කවුරුහරි සීමකරන්න හැදුවොත් ඔබ එම් පුද්ගලය සමග රණ්ඩු වෙනවද?

4. ඔබගේ ෆේස්බුක් භාවිතය නිසා ගෙදර කට්ටියත් එක්ක කාලය ගතකිරීමට නොහැකි වෙනවද?

5. ඔබ ඔබට කැමති අනෙක් දේවල් සඳහා යොමු
කරන කාලය (ක්රීඩා, රූපවාහිනිය, ෆිල්ම්, පොතක්
කියවීම වැනී සීම කරනවද?

6. ඔබ නින්දට යාමට කලින් ඔබගේ ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපකරණවලින් ෆේස්බුක් ලොග් වෙනවද?

7. ඔබගේ ෆේස්බුක් යාලුවන්ගෙන් 80%ක්ම නොදන්නා අයද? (ඔව්/නෑ)

8. ඔබ අලුත් යාලුවෙක් හම්බවුනු පළවන දවසේම ඔහුට ෆේස්බුක් ගිනුමක් තිබේද යන්න අසනවද?

9. කාර්යබහුල වෙලාවේ ඔබට ලැබෙන විවේකය ඔබ ෆේස්බුක් ලොග් වීම සඳහා යොදා ගන්නවද?

10. අන්තර්ජාල භාවිතයට අවස්ථාවක් ලැබූ විට ඔබ මුලින්ම යන්නේ ෆේස්බුක් අඩවියටද?

11. ඔබගේ පෙම්වතා/පෙම්වතිය ෆේස්බුකියේ සිටී නම් ඇගේ relationship status එක single යැයි තිබුනු විට married, in relationship යැයි මාරුකරන්න බලකරනවද?

12. ඔබ දන්නා හෝ නොදන්නා ඕනෙම කෙනෙක්
ෆේස්බුක් එකට ඇඩ් කර් ගන්නවද? ඒ කියන්නේ ෆ්රෙන්ඩ් ලිස්ට් එක දිගූ වීමට ඔබ ප්රිය කරන්නේද? (ඔව්/නැත )

13. ඔබ නොදන්නා කෙනෙක් සමග පැය ගනන් ෆේස්බුකියේ චැට් කරනවද?

14. ඔබ පින්තූරයක් අල්ලපු ගමන් එය මුහුනු පොතට අප්ලෝඩ් කරනවද?

15. කවුරුහරි ඔබෙගේ Status and pictures හැමදාම ලයික් කරනව නම් ඔබ ඔහු හොඳම යාලුවෙක් හැටියට සලකන්නේද?

16. ඔබ කලින් දාපු කොමන්ට්, පින්තූර, මෙසේජ් ආදිය නැවත නැවත බැලීමට ප්රිය කරන්නේද?

17. ඔබ ෆේස්බුක් හැර වෙනත් එවෙනි සයිට්ස් තිබේ දැයි සොයාබලන්නේද?

18. ඔබට ප්රෂ්ණයක් ඇති උනහොත් ෆේස්බුක් යාලුවන් මගින් එයට විසඳුමක් හොයන්නේද?

19. සතියකට 3 සැරයක් හෝ ඊට වඩා ඔබගේ ප්රොෆයිල් පින්තූරය, කවර් ඉමෙජ් එක මාරු කරනවද? (yes/No)

20. දවසට 3 සැරයක් හෝ වැඩි වාර ගණනක් ෆේස්බුක් ලොග් වන්නේද?

21. ඔබගේ සතුට, දුක, එදා දවසේ සිදුවු වැදගත් දේ ෆේස්බුකියේ share කරනවද?

උත්තර පත්රයේ (D) හා (E) පිලිතුරු ගණන එකතු
කරන්න. එය දහයට වඩා වැඩිනම් කණගාටුයි ඔයා එම රෝගයට ගොදුරු වෙලා.

Wednesday, July 31, 2013

Hacking gm and ym

අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න
තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි
කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න
තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි
කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට
හොරවැඩ කරන්නත් මේ ක්රමය ගොඩක්
උදව්වෙනවා.
හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න
ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට
පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න
යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක
සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි
ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා.
බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක්
උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න
වෙනවා ලොග් වෙන්න.
ඉතිං මේ ක1මේ භාවිතා කරලා ඒකට ලොග් වෙන්න
පුලුවන්. තවත් ඔයාලට ඕන ඕන දේවල් වලට මේක
යොදාගන්න පුලුවන්. එහෙනම් බලමු කරන හැටි.

ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි
උදාහරණයටත් ජීමේල් අරන් තියෙන
හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු.

ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප්
කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත්
කමක් නෑ.

දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්රිප්ට්
එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන
ගිහිල්ලා පේස්ට් කරන්න.

javascript:alert( document .getElementById( '
Passwd' ).value)

ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැස
ේජ් එකක් එයි.
ඔය ජාවා ස්ක්රප්ට් එක ජීමේල් එකට විතරයි
පුලුවන්.

යාහු මේල් එකේ කොඩ් එක පල්ලෙහායින්
මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම
තමයි.

javascript:alert(document.getElem
entById('passwd').value)

ප්රථම ප්රේමය.

ඔබට පෙම්වතෙක් පෙම්වතියක් සිටිනවාද.?

බොහෝ දෙනාගෙ පිලිතුර ඔවු කලාතුරකින් කෙනෙක් නැහැ කියලත් කියාවී ඒත් ඔහුගේ /ඇයගේ හිතේ කෙනෙක් නැහැයි කියන්න බෑ,., මම හැමදාම කියනව වගේ ඔය කොයි අයියත් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හොයන්නෙ තමන්ටම කියල කෙනක්්.. ඉතින් ඔබට කෙනෙක් සිටිනවානන් මේ ලිපිය වැඩගත් වගේම සිත් රිදීමටත් ඉඩ ඇත,.,

ඉතින් ඔබේ පෙම්වතා/පෙම්වතිය ඔබට ලැබුනේ කොහොමද කියලා මම ඇහුවොත් ඔබට ගොඩක් පිලිතුරු තියේවී... මම පංසල් ගියපු වෙලාවේ , අමතර පන්තියෙදී,ඉස්කෝලෙදී , කැන්ටිමේදි, ඔෆිස් එකේදි, සමහර විට අහල පහල කෙනෙක් , කලාතුරකින් කෙනෙක් බුකියෙන් කියලත්
කියයි.. අනික මොබයිල් 4න් වලින් පටන් ගන්න ආදර කතාත් සමාජයේ ඕනි තරම් තියනවා ,.,ඒත් ,., ඔබ ඔබේ වත්මන් පෙම්වතාගේ/පෙම්වතියගේ පලමු පෙම්වතාද /පලමු පෙම්වතියද.. ඔබ අනිවාර්යෙන් ඔබ යාලු උන සැනින් අහන්නෙ , කියන්නෙ කලින් කෙනෙක් හිටියනන් එයා ගැන .."මට මෙහෙම කෙනෙක් හිටියා ඒත් දැන් එයා මගේ ජීවිතේ නෑ ඔයා තමයි හැමදාම මගේ ජීවිතේ..මීට පස්සෙ මගෙන් එයා ගැන අහන්නෙ එපා හරිද..ඔයාට මම හැමදෙයක්ම කියන
නිසා මේ කිවුවේ"... ඔය විදියට හරි ඔයිට සමාන
විදියකට හරි,.,ඇය / ඔහු කලින් යාලු වෙලා හිටිය කෙනෙක් ගැන පවසාවී... (ඔබ ප්රථම ප්රේමවන්තයා/වන්තිය නොවේනම්) ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න,.,

ඔබට ඇයව/ඔහුව ලැබුනේ .. කොහෙන්ද කියලා..මට ඔය ප්රශ්න වලට එන පිලිතුරු අතරේ ටිකක් හයිලයිට් වෙන උත්තරයක් එනවා "කලින් පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්"
කියලා .. මේකට ඔබ කෙතරම් දුරට මාත් එක්ක
එකගද කියලා මම දන්නෙ නෑ.. ඒත් මට
හිතෙන්නේ මේක වෙන්නෙ මෙහෙම තමයි කියලා.. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න.. ඔහු /ඇය ඔබේ වෙන්න කලියෙන් තව
කෙනෙක්ගේ වෙලා හිටියා නේද සමහර විට ඒ
ඔහුගේ ඇයගේ පලමු පෙම්වතිය/පෙම්වතා විය
හැකියි සමහර විට ඊටත් වඩා අගයක් ගන්න
පුලුවන්,.,.,

පොඩ්ඩක් කල්පනා කරල බලන්න,., ජීවිතයේ ප්රථම ප්රේමය අහිමි උනු කෙනෙක් ඉතාමත් කලාතුරකින් තමයි දෙවෙනි ප්රේමයක් හොයාගෙන යන්නෙ නැත්තේ.. ඉතින් ඔහු/ඇය දෙවෙනි ප්රේමයෙනුත් වෙලෙනව බැදෙනවා./. ආදරය කරනවා ජීවිතය විදිනවා ,.,ඒත් ඔබ කවදාවත් සිතුවාද,., ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම .. කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,.,ඔබ පලමු ආදරය අහිමිව වෙනත් ආදරයකින් වෙලිල ඉන්න කෙනෙක්නන් හිතට එකගව ..ඔබේ හිතෙන් මේ ප්රශ්නය අහන්න ,.,
"මම මගේ පලමු ආදරයට ආදරේයිද.. මම දැන්
මේ ආදරයෙන් බලා පොරොත්තු වන්නේ ඔහුගේ/ ඇයගේ ආදරය නොවේද"

මේ උත්තරයට හැමෝටම ලැබෙන්නේ එකම
උත්තරයක්,., ඔබගේ පලමු ආදරයට ඔබ ආදරය
නොකලා නන් කවදාවත් දෙවෙනි ආදරටත් ඔබට
ආදරය කරන්න බැහැ ,., ජීවිතයේ පලමු ආදරය
හා පලමු හාදුව කියන්නෙ හරි පුදුම දෙයක් ජීවිතය
වසනා තුරාවට හිතෙන් යවන්න බැරි මතකයක්,ඔබ
ඔහුගේ /ඇයගේ ,., උනුහුමට තුරුලු උනු පලවෙනි
වතාව මදක් සිහි කරන්න,.,කවදාවත් ඔබට එය අමතක කරන්න බැහැ ,.,ඔබ ඊලග පෙම්වතාගෙන්/
පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ ඒ ආදරය ඒ උනුසුම,., ඒ නිසාවෙන්ම තමයි,., ගොඩක් වෙලාවට,., පලමු පෙමින් පසුව ආදරයක් පටන් ගත් විට ආයෙමත් අර පලමු ප්රේමය ඔබට ලං වූ සැනින් ඔබ ඒ වෙත ඇදිලා යන්නේ,., [ ඒක එහෙමම වෙනව කියලා මම කියන්නෙ නැහැ]

ඔබට ඔබේ පලමු පෙම අමතක කල යුතුනම්
ඇත්තටම කල යුත්තේ ඔබ ආයෙමත් මැරිල නැවත
ඉපදීමයි,.ඒක ඒ තරම් ප්රබලයි.. ඉතින් දැන් ඔබට
ඉන්නෙ පලමු ආදරය නැති වෙච්ච පෙම්වතෙක් /
පෙම්වතියක් නම් ඔබට හිතෙනවා ඇති
මේයා එන්නෙ මගෙන් එයාගෙ පලවෙනි
කොල්ලගෙ /කෙල්ලගේ උනුහුම ගන්න කියලා...

එහෙම හිතන්න එපා .. ඔබටයි ඔබේ පෙම්වතාට/
පෙම්වතියට... ඔහුගේ /ඇයගේ පලමු පෙමේ හැගීම් යටපත් කල හැක්කේ ,., එවිට ඔහු/ඇය කවදාවත් ඔබව දමා යන්නේ නැහැ ,., ඇයට ඔහුට හැකි පමන උපරිමයෙන් ආදරය දෙන්න ,., ඔහුගේ /ඇයගේ කලින් ප්රේමය සම්බන්ද අන්ශු මත්ර්යක්වත් විහිලුවටවත් ඔබ මතක් කරන්න එපා,.,ඒක ඇයට/ ඔහුට වගේම.. ඔබටත් පසුවට පසු තැවීමට කාරනයක් වේවී.,.

ඉස්සර අපි ආදරේ කරපු අය, අපේ ජිවිත වල ඉදපු අය ගැන හිතුවොත් අපි හැමදාම පරාදයි. අපේ ජිවිත වලට අලුතෙන් එන්න හදන අයටත් පොඩි අවස්තවක් දීල බලන්න.

පලමු ආදරය සහ දෙවනි ආදරය.

ඔබ කවදාවත් සිතුවාද..?

ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,//

ඉල්ලනවා නෙවෙයි,, පළවෙනි ආදරේට දෙන්න බැරිවුනු තරම් ආදරේ දෙනවා කිව්වොත් නිවැරදි,

පළවෙනි ආදරේ අමතක කරන්න බෑ, හේතුව පළවෙනි අත්දැකීම, පළවෙනියටම ආදරේ කියන හැගීම ඇතිවුනු අවස්තාව නිසා,ඒත් ඒක හැමදාටම හිත හිත ඉන්න ගියොත් ආයේ ජීවිතයක් නැතිවෙනවා, එයා ගියා නම්, ගියේ යන්න ඕනේ නිසා,, ඒක නම් එයාගේ සතුට ඒ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම ආදරේ කරා නම්...

වෙන්වුනු එක දුකක් තමයි,නමුතු මට දුකක් වුනාට ඒක එයාට සතුටක් වුනානම්,එයා ගියේ එයාගෙම ලෝකයක් හොයාගෙන නම්, එයාගෙම කියලා ජීවිතයක් හොයාගෙන නම් ඇයි මම අකුල් හෙලන්නේ.. සතුටු වෙන්න එපැයි මගේ ආදරේ හොදට ඉන්නවා කියලා.. ලගින් ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් ආදරේ දුන්නා නම් එච්චරයි.. ආයේ ඒ ගැන හිතලා පසුතැවෙන්න ඕනි නැ..

පළවෙනි ආදරේ හිතේ තියනවා හැමදාටම,නමුත් ඒක ඉවර වෙච්ච අතීතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි, හැමදාටම ඒ ආදරේ ගැන හිත හිත හිටියොත්, හිත හිත ඉන්නවා නම් දෙවනි සැරයක් විහිළුවටවත් ආදරේ කරන්න,තව කෙනෙකුට බලාපොරොත්තු දෙන්න, විහිළුවට හරි කෙනෙකුට මම ඔයාට ආදරෙයි කියලා කියන්න ඕනි නෑ.. තමන් කලින් ආදරේ කරා නම් ඒක දුක, ඒ හැගීම හරියට වින්දා නම් දුන්නා නම් ඒ දේ කරන්නේ නෑ.. නමුත් ආයේ ආදරයක් හිතට ඇවිල්ලා මම ආදරේ කරනවාමයි කියලා හිතලා පටන් ගත්තොත්, ගෙවිලා ගියපු අතීතේ සම්පූර්ණෙන්ම පැත්තකින් තියලා ආදරේ කරන්න ඕනේ.. කලින් ආදරේ කරන්න බැරිවුනු තරමටම... ඒහෙම කරන්න තරම් හිත හදාගන්න බැරිනම් හරි, හිත චංචලයිනම් හරි ආදරේ නොකර ඉන්න ඕනි..

අපි කාටත් පළවෙනි ආදරේ මතක් වෙන අවස්තා එනවා. නමුත් ඒක ගෙවිලා ගියපු මතකයක් මිසක් දැන් ජීවිතේ නෙවෙයි. අතීතයගේ ගමන් මලු බිමින් තිබ්බේ නැතිනම් අනාගතේතකුත් නැති වෙනවා..