වරක් රූමත් වැන්දඹු කාන්තාවකට ලීලය පෑමට සිත්
ඇතිව එක තරුණයෙකු විසින් මෙම හිටිවන කවිය
නිර්මාණය විය ..
අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට
නැතුවට නොවෙයි සින්නකර කුඹුරු මට...
මෙම කවට කමට ලැජ්ජාවට පත් වුවද ඒ බව
නොඅඟවා ඇයද මෙසේ කීවාය.
අකලට පුරන් වුවත් ලෝ දහම උඩ
අඳ ගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ
ට්රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
නගුලක් රැගෙන විත් මොනවද කරන වැඩ...
තරුණය හිමිහිට එතනින් ශේප් උනාලු .. ;-)
No comments:
Post a Comment