වර්තමනය වන විට ගබ්සව ඉත පොඩි දෙයක් ලෙස සමහරු පිලි ගනිති. ජිවිතයක් විනස කිරීම සුලු දෙයක්ද? කලලයක් වුවත් එයටත් ජිවිය පවතී. අපේ පිටුවෙන් ආදරේ ගැන කතා කලත් ලස්සන කවියකුයි අපි පොඩ්ඩක් හිතන්න ඔනි කරුනක් හින්දයි මට මේක දාන්න හිතුන. උපුටා ගත්තෙ "සිරසි" බ්ලොග් අඩවියෙන්.
ගබ්සාව දෙස එක්තරා කවියෙකු දුටු සානුකම්පිත
දෘෂ්ටියක උපුටා ගැනීමක් මෙලෙස දැක්විය හැකිය.
කුසතුළ සිටින දරුවා තමා ගබ්සාවට ලක්වන්නට
නියමිත කෙනෙක් බව දැනගෙන ඔහුගේ අහිංසක
ආයාචනය මෙම පැදි පෙළෙහි වස්තුබීජය බවට පත්වී තිබේ.
අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..
ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා..
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා..
ඔයා අඩන විට හිමිහිට..
මටත් ඇඩෙනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද..
ආසයි මට බලා ගන්න..
කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ...
තාත්තානේ... මට සිතුනා...
දොස්තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්ද?''...
අනේ අම්මෙ තව සිතන්න...
තාත්තාට කියලා දෙන්න...
කල පින් මගේ මදි හින්දද....
මට ඔය ලෝකය දකින්න....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....
කල පින් මගේ ඇති වේවා....
මම ලෝකේට බිහි වේවා....
ඔය දෙන්නම බුදු වේවා....
මගේ ලෝකය මගේ වේවා....
No comments:
Post a Comment