Translate

Wednesday, February 19, 2014

මගේ නොවූ මගේ ආදරය... ආදරණීය නුඹට සුභ උපන් දිනයක්..!

දින සති වෙලා,සති මාස වෙලා කාලය ගෙවිලා ගිහින්... ඒත් වසර දෙකකට එහා ඒ අතීතය තවමත් මට අද ඊයේ වගේ. මතක් වෙන කොට ඉස්සර තරමටම දුකක් නොදැනුනත්,ඉස්සර වගේම නුඹ ලඟින් උන්නනම් කියලා හිතෙන වාර ගණන අනන්තයි.

දුකක් නොදැනුනත් හැම තිස්සෙම හිත පාරවන ඒ මතකය අමතක කරන්න බැරි උනත්, යටපත් කරලා හරි තියාගන්න හදන හැම වෙලාවකම වගේ නුඹ කොහේ හරි ඉඳන් ඇවිත් ඒ දේ නතර කරන්නේ මොන අරුමයකටද කියලා තවමත් මට හිතාගන්න බැහැ.

නුඹ හින්දා ලැබුනු දේට වඩා නොලැබුනු දේ වැඩි උනත් කවමදාකවත් ඒ ගැන හිතේ දුකක් නැහැ...
නුඹ කවදාවත් හමුනොවුනානම් ගොඩක් වෙලාවට මන් ආදරේ ගැන ලියපුව  නොලියවෙන්න තිබුනා. අද නැතත් කවදමහරි දවසක නුඹ මේ සටහන් දකීවි... නුඹට එදාටවත් මාව තේරුම් ගන්න පුළුවන් උනොත්, මතකයක් විතරක් වත්කම විදියට ඉතුරු උන මේ ආදරේට ඒ හොඳටම ඇති...

අද ඔයාගේ 22 වෙනි උපන් දිනය... මම දන්න තරමින් දැන් ඔයා අලුතින්ම ජීවිතේ පටන් අටන්. මන් හිතනව ඔයාගෙ අලුත් ආදරේ දන් ඔයාව හොදට බලාගන්නව ඇති කියල. ජීවිතේට නොලැබුනු හැම දෙයක්ම ආපහු ඔයාගේ ජීවිතේට ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා...

"නුඹ
ගියත්
දුක නෑ...
ආදරේ
කලනිසා
මං... "

මේ කවිය කියවන හැම පාරකම මට මතක් උනේ ඔයාව... ඔයාගේ සතුට තියෙන්නේ ඔයා හොයාගෙන ගිය ආදරේ ගාවනම්...අහිතක් නැතිවම මම සුභ පතනවා...ඒත් අදටත් ආදරේ කරනවා... බලාපොරොත්තු හා අපේක්ෂා රහිත
මේ ආදරේ ඇත්තටම දුකක් නෙමෙයි... දාහක් දේ කියන්න හිතේ තිබුනත්, හතර අතේ විසිරෙන සිතුවිලිත් එක්ක ඒ දේ කරන එක යුද්ධයක් වගේ... ඉතිං..., මගේ නොවුනු මගේ ආදරය... නුඹට සුභ උපන් දිනයක්... හැමදාම සතුටින් ඉන්න...!

❒උපුටා ගැනුමකි.
❒True Love Never Dies & Love is Everything Team.
❒http://www.facebook.com/true.love.never.dies77
❒♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥
❒♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
❒♥...Like...♥...Comment...♥...Share...♥
❒D♥ Presents...™©®