Translate

Wednesday, July 31, 2013

Hacking gm and ym

අපි වෙබ් සයිට් එකකට ගියපුවහම රෙජිස්ටර් වෙන්න
තියෙනවනම් ගොඩක් දුරට තරැ(*) සළකුණ හරි
කලුපාට පොඩි බිංදුවක් වගේ දෙයක් තමා පේන්න
තියෙන්නේ. ඉතිං සමහර වෙලාවට අපි
කැෆේ එකකින් වගේ ලොග් වෙනවනම් අපිට
හොරවැඩ කරන්නත් මේ ක්රමය ගොඩක්
උදව්වෙනවා.
හොරවැඩ කරන්න කිව්වේ අපි කැෆේ එකකින් ඔන්න
ඉන්ටනෙට් ලොග් වෙන්න සීට් එකේ ඉදගත්තා. ඊට
පස්සේ අපි ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙන්න
යනවා. එතන ඊට කලින් හිටපුකෙනා ඒ පාස්වර්ඩ් එක
සේව් කරලා ගිහිල්ලා. අපි ඉතිං හෙන ජොලියේ අපි
ආපු වැඩෙත් අමතක කරලා ඒකට ලොග් වෙනවා.
බලද්දී ඒ එකවුන්ට් එකේ තියෙන දත්ත අපිට ගොඩක්
උවමනා වෙනවා. ඉතිං අපිට ඒ පාස්ව්ඩ් එක දැනගන්න
වෙනවා ලොග් වෙන්න.
ඉතිං මේ ක1මේ භාවිතා කරලා ඒකට ලොග් වෙන්න
පුලුවන්. තවත් ඔයාලට ඕන ඕන දේවල් වලට මේක
යොදාගන්න පුලුවන්. එහෙනම් බලමු කරන හැටි.

ඉස්සෙල්ලම ඔයාට ඕනි වෙබ් සයිට් එකට යන්න. අපි
උදාහරණයටත් ජීමේල් අරන් තියෙන
හින්දා මෙතනටත් ජීමේල් උදාහරණයක් විදිහට ගමු.

ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප්
කරන්න. නැත්නම් අර සේව් වෙලා තියෙන එක උනත්
කමක් නෑ.

දැන් මේ පල්ලෙහායින් දීල තියෙන ජාවා ස්ක්රිප්ට්
එක ඇඩ්රස් බාර් එකට කොපි කරගෙන
ගිහිල්ලා පේස්ට් කරන්න.

javascript:alert( document .getElementById( '
Passwd' ).value)

ඊට පස්සේ පල්ලෙහා විදිහට බ්රව්සර් එකෙන්ම මැස
ේජ් එකක් එයි.
ඔය ජාවා ස්ක්රප්ට් එක ජීමේල් එකට විතරයි
පුලුවන්.

යාහු මේල් එකේ කොඩ් එක පල්ලෙහායින්
මම දානවා. යාහු වලත් කරන්නේ මේ කරපු විදිහම
තමයි.

javascript:alert(document.getElem
entById('passwd').value)

ප්රථම ප්රේමය.

ඔබට පෙම්වතෙක් පෙම්වතියක් සිටිනවාද.?

බොහෝ දෙනාගෙ පිලිතුර ඔවු කලාතුරකින් කෙනෙක් නැහැ කියලත් කියාවී ඒත් ඔහුගේ /ඇයගේ හිතේ කෙනෙක් නැහැයි කියන්න බෑ,., මම හැමදාම කියනව වගේ ඔය කොයි අයියත් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හොයන්නෙ තමන්ටම කියල කෙනක්්.. ඉතින් ඔබට කෙනෙක් සිටිනවානන් මේ ලිපිය වැඩගත් වගේම සිත් රිදීමටත් ඉඩ ඇත,.,

ඉතින් ඔබේ පෙම්වතා/පෙම්වතිය ඔබට ලැබුනේ කොහොමද කියලා මම ඇහුවොත් ඔබට ගොඩක් පිලිතුරු තියේවී... මම පංසල් ගියපු වෙලාවේ , අමතර පන්තියෙදී,ඉස්කෝලෙදී , කැන්ටිමේදි, ඔෆිස් එකේදි, සමහර විට අහල පහල කෙනෙක් , කලාතුරකින් කෙනෙක් බුකියෙන් කියලත්
කියයි.. අනික මොබයිල් 4න් වලින් පටන් ගන්න ආදර කතාත් සමාජයේ ඕනි තරම් තියනවා ,.,ඒත් ,., ඔබ ඔබේ වත්මන් පෙම්වතාගේ/පෙම්වතියගේ පලමු පෙම්වතාද /පලමු පෙම්වතියද.. ඔබ අනිවාර්යෙන් ඔබ යාලු උන සැනින් අහන්නෙ , කියන්නෙ කලින් කෙනෙක් හිටියනන් එයා ගැන .."මට මෙහෙම කෙනෙක් හිටියා ඒත් දැන් එයා මගේ ජීවිතේ නෑ ඔයා තමයි හැමදාම මගේ ජීවිතේ..මීට පස්සෙ මගෙන් එයා ගැන අහන්නෙ එපා හරිද..ඔයාට මම හැමදෙයක්ම කියන
නිසා මේ කිවුවේ"... ඔය විදියට හරි ඔයිට සමාන
විදියකට හරි,.,ඇය / ඔහු කලින් යාලු වෙලා හිටිය කෙනෙක් ගැන පවසාවී... (ඔබ ප්රථම ප්රේමවන්තයා/වන්තිය නොවේනම්) ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න,.,

ඔබට ඇයව/ඔහුව ලැබුනේ .. කොහෙන්ද කියලා..මට ඔය ප්රශ්න වලට එන පිලිතුරු අතරේ ටිකක් හයිලයිට් වෙන උත්තරයක් එනවා "කලින් පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්"
කියලා .. මේකට ඔබ කෙතරම් දුරට මාත් එක්ක
එකගද කියලා මම දන්නෙ නෑ.. ඒත් මට
හිතෙන්නේ මේක වෙන්නෙ මෙහෙම තමයි කියලා.. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න.. ඔහු /ඇය ඔබේ වෙන්න කලියෙන් තව
කෙනෙක්ගේ වෙලා හිටියා නේද සමහර විට ඒ
ඔහුගේ ඇයගේ පලමු පෙම්වතිය/පෙම්වතා විය
හැකියි සමහර විට ඊටත් වඩා අගයක් ගන්න
පුලුවන්,.,.,

පොඩ්ඩක් කල්පනා කරල බලන්න,., ජීවිතයේ ප්රථම ප්රේමය අහිමි උනු කෙනෙක් ඉතාමත් කලාතුරකින් තමයි දෙවෙනි ප්රේමයක් හොයාගෙන යන්නෙ නැත්තේ.. ඉතින් ඔහු/ඇය දෙවෙනි ප්රේමයෙනුත් වෙලෙනව බැදෙනවා./. ආදරය කරනවා ජීවිතය විදිනවා ,.,ඒත් ඔබ කවදාවත් සිතුවාද,., ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම .. කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,.,ඔබ පලමු ආදරය අහිමිව වෙනත් ආදරයකින් වෙලිල ඉන්න කෙනෙක්නන් හිතට එකගව ..ඔබේ හිතෙන් මේ ප්රශ්නය අහන්න ,.,
"මම මගේ පලමු ආදරයට ආදරේයිද.. මම දැන්
මේ ආදරයෙන් බලා පොරොත්තු වන්නේ ඔහුගේ/ ඇයගේ ආදරය නොවේද"

මේ උත්තරයට හැමෝටම ලැබෙන්නේ එකම
උත්තරයක්,., ඔබගේ පලමු ආදරයට ඔබ ආදරය
නොකලා නන් කවදාවත් දෙවෙනි ආදරටත් ඔබට
ආදරය කරන්න බැහැ ,., ජීවිතයේ පලමු ආදරය
හා පලමු හාදුව කියන්නෙ හරි පුදුම දෙයක් ජීවිතය
වසනා තුරාවට හිතෙන් යවන්න බැරි මතකයක්,ඔබ
ඔහුගේ /ඇයගේ ,., උනුහුමට තුරුලු උනු පලවෙනි
වතාව මදක් සිහි කරන්න,.,කවදාවත් ඔබට එය අමතක කරන්න බැහැ ,.,ඔබ ඊලග පෙම්වතාගෙන්/
පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ ඒ ආදරය ඒ උනුසුම,., ඒ නිසාවෙන්ම තමයි,., ගොඩක් වෙලාවට,., පලමු පෙමින් පසුව ආදරයක් පටන් ගත් විට ආයෙමත් අර පලමු ප්රේමය ඔබට ලං වූ සැනින් ඔබ ඒ වෙත ඇදිලා යන්නේ,., [ ඒක එහෙමම වෙනව කියලා මම කියන්නෙ නැහැ]

ඔබට ඔබේ පලමු පෙම අමතක කල යුතුනම්
ඇත්තටම කල යුත්තේ ඔබ ආයෙමත් මැරිල නැවත
ඉපදීමයි,.ඒක ඒ තරම් ප්රබලයි.. ඉතින් දැන් ඔබට
ඉන්නෙ පලමු ආදරය නැති වෙච්ච පෙම්වතෙක් /
පෙම්වතියක් නම් ඔබට හිතෙනවා ඇති
මේයා එන්නෙ මගෙන් එයාගෙ පලවෙනි
කොල්ලගෙ /කෙල්ලගේ උනුහුම ගන්න කියලා...

එහෙම හිතන්න එපා .. ඔබටයි ඔබේ පෙම්වතාට/
පෙම්වතියට... ඔහුගේ /ඇයගේ පලමු පෙමේ හැගීම් යටපත් කල හැක්කේ ,., එවිට ඔහු/ඇය කවදාවත් ඔබව දමා යන්නේ නැහැ ,., ඇයට ඔහුට හැකි පමන උපරිමයෙන් ආදරය දෙන්න ,., ඔහුගේ /ඇයගේ කලින් ප්රේමය සම්බන්ද අන්ශු මත්ර්යක්වත් විහිලුවටවත් ඔබ මතක් කරන්න එපා,.,ඒක ඇයට/ ඔහුට වගේම.. ඔබටත් පසුවට පසු තැවීමට කාරනයක් වේවී.,.

ඉස්සර අපි ආදරේ කරපු අය, අපේ ජිවිත වල ඉදපු අය ගැන හිතුවොත් අපි හැමදාම පරාදයි. අපේ ජිවිත වලට අලුතෙන් එන්න හදන අයටත් පොඩි අවස්තවක් දීල බලන්න.

පලමු ආදරය සහ දෙවනි ආදරය.

ඔබ කවදාවත් සිතුවාද..?

ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,//

ඉල්ලනවා නෙවෙයි,, පළවෙනි ආදරේට දෙන්න බැරිවුනු තරම් ආදරේ දෙනවා කිව්වොත් නිවැරදි,

පළවෙනි ආදරේ අමතක කරන්න බෑ, හේතුව පළවෙනි අත්දැකීම, පළවෙනියටම ආදරේ කියන හැගීම ඇතිවුනු අවස්තාව නිසා,ඒත් ඒක හැමදාටම හිත හිත ඉන්න ගියොත් ආයේ ජීවිතයක් නැතිවෙනවා, එයා ගියා නම්, ගියේ යන්න ඕනේ නිසා,, ඒක නම් එයාගේ සතුට ඒ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම ආදරේ කරා නම්...

වෙන්වුනු එක දුකක් තමයි,නමුතු මට දුකක් වුනාට ඒක එයාට සතුටක් වුනානම්,එයා ගියේ එයාගෙම ලෝකයක් හොයාගෙන නම්, එයාගෙම කියලා ජීවිතයක් හොයාගෙන නම් ඇයි මම අකුල් හෙලන්නේ.. සතුටු වෙන්න එපැයි මගේ ආදරේ හොදට ඉන්නවා කියලා.. ලගින් ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් ආදරේ දුන්නා නම් එච්චරයි.. ආයේ ඒ ගැන හිතලා පසුතැවෙන්න ඕනි නැ..

පළවෙනි ආදරේ හිතේ තියනවා හැමදාටම,නමුත් ඒක ඉවර වෙච්ච අතීතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි, හැමදාටම ඒ ආදරේ ගැන හිත හිත හිටියොත්, හිත හිත ඉන්නවා නම් දෙවනි සැරයක් විහිළුවටවත් ආදරේ කරන්න,තව කෙනෙකුට බලාපොරොත්තු දෙන්න, විහිළුවට හරි කෙනෙකුට මම ඔයාට ආදරෙයි කියලා කියන්න ඕනි නෑ.. තමන් කලින් ආදරේ කරා නම් ඒක දුක, ඒ හැගීම හරියට වින්දා නම් දුන්නා නම් ඒ දේ කරන්නේ නෑ.. නමුත් ආයේ ආදරයක් හිතට ඇවිල්ලා මම ආදරේ කරනවාමයි කියලා හිතලා පටන් ගත්තොත්, ගෙවිලා ගියපු අතීතේ සම්පූර්ණෙන්ම පැත්තකින් තියලා ආදරේ කරන්න ඕනේ.. කලින් ආදරේ කරන්න බැරිවුනු තරමටම... ඒහෙම කරන්න තරම් හිත හදාගන්න බැරිනම් හරි, හිත චංචලයිනම් හරි ආදරේ නොකර ඉන්න ඕනි..

අපි කාටත් පළවෙනි ආදරේ මතක් වෙන අවස්තා එනවා. නමුත් ඒක ගෙවිලා ගියපු මතකයක් මිසක් දැන් ජීවිතේ නෙවෙයි. අතීතයගේ ගමන් මලු බිමින් තිබ්බේ නැතිනම් අනාගතේතකුත් නැති වෙනවා..

Monday, July 29, 2013

Sorry

මම මේ blog ඒකෙ මට හම්බෙන, මට වදගත් වෙයි කියල හිතෙන එවා දාන්නෙ. ඒ ගොඩක් එව මන් සමහර ඒවයින් copy කර ගත්ත ඒව. ඒවයෙ අයිති කරයො හිතනව නම් මම වරදක් කලා කියල මට සමාවෙන්න.

Facebook එකේ ඔබේ පින්තූර delete කරත් ඕනේ කෙනෙකුට ඒ පින්තූර වෙත ඇතුළු වෙන්න පුළුවන්.

ඔබ Facebook එක බරටම බාවිතා කරන කෙනෙක්නම් ඔබ ඔබේ පුද්ගලික පින්තූර, videos වගේ දේවල් Facebook එකට එකතු කරනකොට ටිකක් ප්රවේසම් වෙන්න. මොකද ඔබ ඔබේ Facebook එකට පින්තුරයක් හෝ වීඩියෝ එකක්
එකතු කරනා විට server කිහිපයක ඔබේ පින්තුරය හෝ වීඩියෝ එක ස්වයන්ක්රියව Syndicate වෙනවා. එය
එසේ වෙන්නේ එම පින්තුරයට හෝ වීඩියෝ එකට පිවිසීම පහසු කරන්නයි. ඉතින් ඔබ එක් කල photo එක හෝ video එක
Delete කලත් ඔබට වගේම ඕනෑම කෙනෙකුට එයට පිවිසෙන්නට පුළුවන්. ඉතින් එය Facebook එකේ ඔබේ Privacy
එකට එරෙහිව ඇති තවත් එක සිදුරක් විදියට දක්වන්න පුළුවන්.

Delete කලත්, මොන මගුලටද Facebook එකේ මේ විදියට අපේ images තියෙන්නේ?

මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution
Network) මතයි facebook ක්රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට
upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක්
හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ
server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට
ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

Delete කරපු image වලට කොහොමද යන්නේ ?

Delete කරපු image එකේ URL එක දන්නවා නම් බොහොම පහසුවෙන් delete කරපු image එකට යන්න පුළුවන්. ඉතින්
එය ඔබම ඔප්පු කරගන්න පහත උපදෙස් අනුව කරන්නකෝ..

ඔක්කොටම කලින් ඔබ delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න.
Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න.

දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න ක්ලික් කර ඒ කොපි කරගත් URL එකත්
Notepad එකේ past කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ)

දැන් ඔබේ පින්තුරය delete කරන්න.

දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේවි.

දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image
වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමුද?

කොහොමද අපේ යාලුවෙක්/යෙහෙලියක් අපි ගෙදර
ඇවිත් ඉන්නකොට අපි අපේ කොම්පීටර් එක දානවා.
එතකොටම වොයිස් එකක් ඇහෙනවා. Welcome to
your PC, Devinda Ishara එතකොට
ඔයාගේ යාලුවා ඔයාව ලොකු වැඩ කාරයෙක් කියල
හිතයි.(එහෙම නොවුනත් :p)
හරි වැඩේ පටන්ගමු.

Notepad, open කරගන්න. ((ඒක
කරන හැටිත් කියල දෙන්න
ඕනෙද?))
පහළ දීල තියන කෝඩ් එක
දාගන්න.

Dim speaks, speech
speaks="Welcome to your PC, Devinda Ishara"
Set speech=CreateObject
("sapi.spvoice")
speech.Speak speaks

Devinda Ishara කියන තැන
ඔයාගේ නම දෙන්න.

දැන් ඒක Welcome. vbs කියල
Save කරගන්න.

දැන් කරපු තැනින් CUT කරගන්න.

START>>All Programs>>Startup
හොයාගෙන. Startup කියන
ෆෝල්ඩර් එක Right Click කර
Open කරගන්න.

කොපි කරගත්තු ෆයිල් එක
ඒකෙ දාන්න. (paste)

Sunday, July 28, 2013

අලුත් පරම්පරාවේ ආදරය.

ආදරය යෞවනයට නුහුරු නුපුරුදු දෙයක් නොවෙ.ආදරය කිරීම,ආදරයට සමු දීම තාරුණ්යයේ අත්දැකීම් තුළ තිබේ .අදරයේදී මෙන්ම විරහවේදීත් ගැහැනිය පිරිමියාගෙන් බොහෝ සේ වෙනස් වෙයි .

නිහඩව විරහව විද දරා ගන්නා පිරිමියාට වඩා ගැහැණිය විරහව විදින්නේ හඩා වැටීමෙනි එහෙත් ගැහැනියගේ විරහව විද ගැන්ම එක පරිද්දෙන්ම සිදුවන්නේද ..?

අතීත කාන්තාවන් සහ වර්තමාන කාන්තාවන් විරහව උසුලාගන්නේ එකේම ආකාරයෙන්ද ..?

සම්භාව්ය සාහිත්ය තුල 'යසෝදරාවත' කාන්තාවක් විරහව විදගන්න අයුරු පැවසු අපුර්ව කාව්ය සංග්රහයකි .අභි නික්මන් කල සිය ස්වාමියා වෙනුවෙන් හඩා වැටෙන යසෝදරාවෝ ඔහුගේ යහපතම පතති .

නමුත් යසෝදරාවන් සිටින්නේ බුද්ධ කාලයේය එහෙත් එදා පරිද්දෙන් අදටද හදට දැනෙන විරහව ගැහැණිය විදින්නේ එසේමද ..?

ආලයෙන් කොතරම් වේලි සිටියත් විරහව කුමන මොහොතක එවි දැයි අවිනිශ්චිතය .කුමන හේතුවක් මත හෝ සමුගැන්ම සිදු වුවහොත් සුවහසක් පැතුම් සමග ආදරය කල ගැහැණු
හිත හඩා වැටෙනා ප්රමාන අප්රමාණය .බොහෝවිට ප්රේමයට තිත තබනුයේ පිරිමියානම් ගැහැණිය කෙතෙක් විදවන්නිද ඔහු නොතකයි සියලු සැමරුම් සිහි කරමින් හැඩීම කාන්තා චරිත ලක්ෂණයක් නිසා හැකිතාක් හඩමින් වේදනා විදීම කාන්තාවක් තුල දක්නට ඇති පුදුම විය යුතු කරුණක් නොවේ .

එදා සිටි යසෝදරාවෝ අද නැත ස්වාමියා හැරගියහොත් ඔවුන් බලා සිටින්නේ නඩු දමන්නටය යසෝදරාව සේ සෙත්පතන්නට අයෙක්ද අද නැත .සිහින් හැදින් ඉකිබිදීම කෙසේ වුවද මර ලතෝනි තබමින් පොළොවේ හැප්පෙන්නට ඔවුහු අමතක නොකරති .ඒ වත්මන්
කාන්තා පරපුරේ නියෝජනයයි.සියලු ලෝ වැසියන්ට සෙත් සුව සදන්නට සිද්ධාර්ථ කුමරා ඒ ගිය ගමන අද අපේ කුමාර වරුන්ටනන් යන්නට නොලැබේ . නානාවාරුන් මස්සිනාවරුන් ,මාමණ්ඩිය සේම විශේෂයෙන් නැන්දනිය ඇතුළු
බිරිදගේ නෑදෑ සනහුරේ උන් පැමිණ ගුටි පුජාවක්
පවත්වනු නොඅනුමානය. :D උත්තරීතර
පතිභක්තියෙන් සැමියාට සමු දී තනිව
වසනා කාන්තාවන් අද ඇත්තෙම නැති ගානය ..

යසොදරාවරුන් හිටියේ බුද්ධ කාලයේයැයි ඉහත
කිවේ එනිසාය .අද කලේ හැටියට සියලු කැපකිරීම් කර බිරිද ලග හෝ පෙම්වතිය ලග දන නැමිය යුත්තේ පිරිමියාය. එදා ප්රේමයේ නාමයෙන් සැබෑ විරහව ලගදි හදා වැටුණු කාන්තාවන්ගේ පරිණාමය සිදුව ඇත්තේ වේගවත් ලෙසිනි .ස්වකිය ප්රේමය මත්තේ සදකිදුරු ජාතකයේ මෙන් හඩා වැටුනේ ඉස්සරය .දැන් ඉන්න කෙල්ලන්ට ඒවා "මෝඩ ආතල් " නැත්තන් "සිගිති ආතල්ය .."

SMS එකක් type කරන ඔවුන්ට අනුව ඔහු
යනවානන ඇය වඩාත් කැමතිය. තවත් අලුත් එකක්
set කරගතද හැක .මේ විරහව අද කාලේ style
එකට සිදුවන අයුරුය .හැගීම් රහිතව මෙතැනට
ගැහැණිය ආවේ කෙසේද..?

සමාජයේ ඕනෑම සිදුවීමකදී එහි වරද ගැහැනියක් වෙතට එල්ලවන සදාචාරයක් ඇති සංස්කෘතියක් තුල වුවද මේ සිදුව ඇත්තේ කුමන විපරියාසයක්ද ..?

සියලු දේ සංකර නොවන ලෝකයෙහි හැගීම් පවා වෙනස් වී ඇති අයුරු ඛේදනියය .වසර ගණනක් පුර පවතී ප්රේම සම්බන්දතා වුවද .සුළු මොහොතකින් සුනු විසුනුව යාම විහිළුවක් තත්වයට පත්වීම බලසිටිමේදී හැඩේන්නේ වියෝවුන්ට නොව බල සිටින අපටමය ඒ අනුව ගත් කල කාන්තාවන් වෙතින් නිරුපනය වන විරහවේ පරිනාමය සහ. N-RATION (new genaration-අලුත් පරම්පරාව) අපුරුය ....

සියල්ල කණපිට පෙරලි ඇත කුමක් කරම්දෝ .... ?

එක පාරින් ෆේස් බුක් රික්වෙස්ට් සේරම ඇක්සෙප්ට් කරමුද..?

හැමදේම මුලින් ගේන සුද්දගෙන් ඔන්න .. තවත්
අලුත් දෙයක් මුලින්ම අරන් ආවා ඈ .. මේකනන්
ඉතින් කොල්ලොන්ට වඩා වටින්නෙ කෙල්ලොන්ට
තමයි .. මොකද ඉතින් ඒ අයට දවසකට මැරෙන්න
රික්වෙස්ට් එනවනේ ... හික්ස්. ඉතින් මෙන්න
මේකයි කතාව.. මේක අර මම කලින් දුන්නෙ ෆේස්
බුක් ගෲප්
එකකට ඔක්කොම ෆ්රෙන්ඩ්ස්ලා සේරම ඇඩ් කරන
සීන් එක වගේ එකක් තමයි .. හරි එහෙනන්
මෙහෙමයි .. කරන්නේ ..

මේක ක්රෝම් ෆයර්ෆොක්ස් දෙකටම හරියන
ස්ක්රිප්ට් එකක් .. ඒක නිසා..
ඔබේ තියෙන්නේ ෆයර් ෆොක්ස් එක නන් ඒක ඕපන්
කරගන්න.. ක්රෝම් නං ඒක ඕපන් කරන්..
ඔබේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න ..
ලොග් වෙලා . මෙන්න මේ ලින්ක් එකට යන්න
https://www.facebook.com/reqs.php

මේකට
ගියාම.. ඔයාට ඇවිත් තියන සේරම ෆ්රෙන්ඩ්
රික්වෙස්ට් මෙතන පෙනවා ..
දැන් ක්රොම් වෙබ් බ්රවුසරේ තියන කට්ටිය F12 හරි
බ්රවුසරේ උඩ රයිට් ක්ලික් කරලා inspect
element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට
ඔය පහලින් ලොකු කොටුවක් වගේ එකක් එයි..
ක්රෝම් පාවිච්චි කරන අයට.. ඕකෙ මෙන්න
මේ වගේ කවුන්ට් කරනවා පෙනෙයි ඒක ගනන්
ගන්න එපා ..
දැන් ඔතනට මම මේ පහල දීලා තියන කෝඩ් එක
දාන්න ... ඊට පස්සෙ එන්ටර් කරන්න.. දැන් ඉතින්
බබා වගේ ෆ්රෙන්ඩ් රික්වෙස්ට් ගේම් රික්වෙස්ට්
සේර්ම ඇක්සෙප්ට් වෙනවා.. නේද.. කෝමද
වැඩේ ඈ ...

ඊලගට අපි මේක ෆයර් ෆොක්ස් බ්රවුසරෙන් කරන
විදිය බලමු .. ඉහත කිවුව විදියට ලොග්
වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න .. ඊට
පස්සෙ CTRL+SHIFT+K ඔබල උඩින් මතු වෙන
කොටුවෙ යටම තියනවා කෝඩ් පේස්ට් කරන්න
තැනක් අන්න එතනට පහල දාලා තියන කෝඩ් එක
පේස්ට් කරලා enter කරන්න.
මේන්න කෝඩ් එක..

javascript: var field = document.
getElementsByName("actions[accept
]");for (i = 0; i < field.length;
i++)field[i].click() ;

ආදරේ සුන්දර වරදකී.

ඔබ, ආදරය සෙනෙහස
විද තිබෙනවාද.. ඔබ නැහැ කියනවනන් ඒක
බොරුවක් ,.,ඇයි ඔබේ ආදරණීය අම්ම ඔබට දුන්නු
ආදරය සෙනෙහස.. ඒක තමයි ඕනිම
පුද්ගලයෙකුගේ ජීවිතයේ මුල්ම ආදරය මුල්ම
සෙනෙහස .,., ඒ නිසා වෙන්න ඇති අපි අපේ අම්මට
මේ තරම් ආදරේ .. සමහර කට්ටිය තමන්ගෙ ප්රථම
ආදරේ ගැන කතා කරනවා ඒත් මගේ ප්රථම
ආදරේ මගෙ රත්තරන් අම්මා,., හැබැයි අම්මගෙයි
ආදරෙයි තමන්ගේ පෙම්වතා පෙම්වතියගෙන් ලබන
ආදරෙයි දෙකක් ,., මම ඒක ගැන පස්සෙ ලියන්නන්.

අපි පොඩ්ඩ පොඩ්ඩ වයසින් වැඩෙද්දි ලමා කාලය පහු
වෙද්දි,., නව යොවුන් වියට පා තබද්දි ඇතිවන
එක්තරා විදියක හැගීමක් තමයි ආදරය .. හැබැයි
මේ කාලෙදි ඇති වන්නේ ආදරයක් නෙවෙයි
ආකර්ශනයක් කියලයි කියන්නේ ,.,
මගේ දැනුමේ හැටියටනන් ආකර්ශනය නිසයි ආදරය
ඇති වන්නේ ,., ඔබ කොහොමෙන් කොහොම හරි ,.
තමන්ගෙම කියලා කෙල්ලෙක්/කොල්ලෙක්
හොයාගන්නවා ,., ඔය
කෙල්ලෝ නෑ කොල්ලො නෑ කියල කයිය ගහන
අයියලා හිත යටින් හරි කාට හරි ආදරය
කරනවා අනිවා

,., මේක සුන්දර හැගීමක් ,.,
ඕනිම දෙයක් දෙපැත්තක් තියනවා වගේ ආදරයත්
එක්ක මේ විරහව කියන දෙය තියනවා .. මෙය එකම
කාසියේ දෙපැත්ත වැනිය. අපිට
අපේ ආදරේ මේ තරම් දැනෙන්නේ ,., විරහව කියන
දෙය තිබෙන නිසා කියලා ඔබ පිලිගන්නවාද ?. විරහව
කියන දෙය නැත්තන් ආදරය කියා දෙයක් කුමටද? .
විරහව කියන දේ ගැන හොද අර්තකථනයක් සහිත
ෆොටෝ එකක් මම බුකියේ දැක්කා

"ආදරය යනු දෙදෙනෙක් දෙපැත්තට ඇද සිටිනා රබර්
පටියක් වැනිය එක්කෙනෙකු එය අතහැරියොත්
රිදෙන්නේ අනිකාටය"

මේ කතාව හරියටම හරි.. ඔබගෙ පෙම්වතා /
පෙම්වතිය ඔබ හැර ගියාද එය ඔබට දරාගන්න අමාරු
දුකක් ගෙන ඒවී . ඒත් මට පොඩි ප්රශ්නයක්
තියනවා ඇයට/ඔහුට ඔබ එපා නම් ඔබට එයා ඕනි
ඇයි... ඔබේ හිතේ තියන ආදරය නිසා වෙන්න ඇති..
ඒත් පොඩ්ඩක් හිතන්න ,.,ඔබගේ උතුම් ආදරය වෙන
කෙනෙකුට නොදී ඔහුටම/ඇයටම දුන් ආදරය
එයා සත පහකට ගනන් ගන්නෙ නැති නන් ඔබට
එයා ගැන තියන කැක්කුම කුමක්ද? පොඩ්ඩක් හිතන්න
ආදරේ කරන්න ඕනි ආදරේ ලබාගන්න පුලුවන්
කෙනෙකුට, එහි අගය දන්න කෙනෙකුට මිස ඔබව
ගනන් ගන්නෙ නැති ඔබේ ආදරේ තුට්ටු දෙකකට
ගනන් ගන්නෙ නැති කෙනෙකුට නෙවෙයි,.,

අනික ඇයි ඔබ ඔබේ ආදරය ඔහුට/
ඇයට බලෙන් දෙන්නේ ඇයි එයා ලග ආදරය
යදින්නේ ,., ලැජ්ජ නැද්ද ,.,ඔබ ආදරය යැදීමේන්
කරන්නේ ඔබගේ උතුම් ආදරයට නිගාවක් .. එහෙම
කරන්න එපා යාලුවා ඔබගේ ඔය ආදරය තේරුම්
ගන්න පුලුවන් ඒකට වටිනාකමක් දෙන කෙනෙකුට
ඔය ආදරේ දෙන්න. . නැතුව ඔබේ ආදරය
එහෙ මෙහෙ පාච්චල් වෙන්න දෙන්න එපා,.. අනික
හොදට මතක තියා ගන්න ,.,

"එයාට ඔයාව එක පාරක් එපා නන් ඔබට එයාව දහ
පාරක් සිය පාරක් කවමදාවත් එපා"

තව දෙයක් මම කවදාවත් බුකියෙන්
පටන් ගන්න ආදරයන් අනුමත කරන්නෙ නැහැ මාත්
එක්ක තරහ වෙන්න එපා මම මේ කියන දේ ඔබලට
තේරෙන්න කල් යයි අත්දැකීම් විදින්න ඕනි,.,අනික
බුකියෙන් පටන් ගන්න ආදර සඹදතා නිකන් ආදරය
ප්රසිද්දියේ සේල් කරනව වගේ වැඩක්,.. ඔබ්ට
පෙම්වතෙක් පෙම්වතියක් හොයා ගන්න මේ බුකියටම
(FACE BOOK) ඕනි නැහැ ,.,ඒත් බුකියෙන් එහෙම
ඒව සිද්ද නුවුනා නෙවෙයි කලාතුරකින් සිද්ද වෙන
දෙයක් ,.,

එයාට ඕනි ඔබේ හිනාව, කඳුළු නෙවෙයි...

ඔබේ ජිවිතේ ඔබ කි පාරක් හුස්ම අරන්
ඇත්ද .ඇත්තටම මතක නැහැ .මොකද හුස්ම
ගන්නවා කියන්නේ ආයාසයෙන් නොකරන
ඉබේ වෙන දෙයක් . ඔබේ ජිවිතේට මිනිස්සු කි
දෙනෙක් මුණ ගැහිලා තියෙනවද ? ඔබ මිනිස්සු කි
දෙනෙක්ව ලඟින් ආශ්රය කරලා තියනවද ..?
ඇත්තටම මතක නැහැ මතක තියාගන්න ඕනත්
නැහැ .මොකද මිනිස්සු කියන්නෙත් ජිවිතේට
ඉබේ එන අය...

හුස්මක් හුස්මක් ගානේ ඔබේ ශරීරයේ හැඩය ,
ප්රමාණය ,වයස ඇහැට නොපෙනෙන ප්රශ්න වලින්
වෙනස්වන්නේ යම් සේද ඔබ ආශ්රය කරන මිනිස්සු
නිසා ඔබේ ජීවිතය එලෙසම වෙනස් වෙනවා . පිරිසිදු
වාතය ටිකක් බර හුස්මකින් පපුවට
ගන්නා ලෝබකමකින් එක පපුව තුල සදාකාලයටම
හිරකරගෙන ඉන්න බැහැ . ඒ වගේම ජිවිතයට එන
මිනිස්සුත් ජිවිතේ සදාකාලයටම ජිවිත වල නතර
වෙන්නේ නැහැ ..

ඔන්න උඩවලව
පැත්තේ කොල්ලෙක් එයාගේ කෙල්ල එක්ක
අමනාප වෙලා අවුරුදු හයක ආදරයක් එක පාරට
නවත්තල දාලා කෙල්ල වෙන කසාදයක් කරගන්න
යනවලු . කියන විදියට
මේ කොල්ලගේ ජිවිතේ දියුණුවක් කියල දෙයක්
ලැබුවනන් ඒ හැමදේටම අර කෙල්ලට පින්සිද්ද
වෙන්න ඕනිලු .ඒ උනාට අන්තිම මොහොතේ කෙල්ල
අසාධාරණ විදියට මේ කොල්ලව දාලා යන්න ගියාලු .
කොල්ලෙක් වුනාට වැලහින්නියෙක්
වගේ අඬනවා අම්මප මටත් ලැජ්ජයි.

මේකයි තමන්ගේ ජිවිතේ උඩට වද්ද
ගන්නේ කොයි කොයි මිනිස්සුද , ඒ කොයි කොයි
වෙලාවටද , ඒ මිනිස්සුන්ව ජිවිතෙන් එලවන්නේ ,
මගාරින්නේ කොයි වෙලාවටද කියන දේ තීරණය
කිරීමේ අයිතියක් හැම මිනිහෙකුටම ,හැම
ගැහැනියකටම තියනවා අද දිවෙන් දිව ගාගෙන කරට
අතදාලා හිතවත්කමේ ඉන්න ඕනි මිනිහෙකුව කොයි
තරම් අසාධාරණ විදියට හරි ජිවිතෙන් එලවල දාන්න
ඕනි කෙනකුට අයිතියක් තියනවා .. අසාධාරණ
වෙන්න පුළුවන් හැබැයි එක එයාගේ අයිතිය ඒ
අයිතියට අභියෝග කරන්න අපිට බැහැ.
අපි එහෙම නොකලට මිනිස්සු එහෙම කරනවා .අපි
රත්තරන් චෙන් කැඩුවේ නැති උනාට ,ගෙවල්
බින්දේ නැති උනාට ,ස්ත්රී දුෂණ නොකලට
ඒවා කරන මිනිස්සු ඉන්නවා .ඉතින් අපි
අපේ පැත්තෙන් හිතලා හැමදේම තීරණය කිරීමෙන්
වෙන්නේ අපේ හිත රිදෙන එක විතරයි ..

ජිවිතේ කියන්නේ අම්බලමක් වගේ තැනක් එකට
මිනිස්සු එන්නේ අවුවෙන් වැස්සෙන් බේරෙන්න
රෑ පහන් කරනතුරු ඩිංගක් නිදාගන්න .ගමන් වෙහෙස
අහවර උණු ගමන් උන් යන්න යනවා .එහෙම විඩාව
නිවාගන්න අපු එකෙක්ව ඇදලා අරගෙන
පපුවේ ඔතාගත්ත උඹලගේ වරද :/ . කොයි කවුරු
උනත් එනවා වගේම දාලත් යනවා .කාව කොයි තරන්
ආදරයෙන් හදවතට ලඟා කර ගත්තත් එයා කවද හරි
තමන්ව දාල යනවා කියන එක නිතරම
හිතේ තියාගන්න .ඒකට සුදානමින් ඉන්න .
උන් ගියා කියලා අඬ අඬ ඉන්න එපා .උන්ට වයිර
කරන්නත් එපා. ජිවිතේ කාලය නාස්ති
වෙන්නේ ඔබේ .එන එකාට එන්න දෙන්න යන
වෙලාවක යන්න කියන්න . උන් මත්තේ එල්ලෙන්න
එපා .කසාද බැඳලා අවුරුදු 10 ,15 ජිවත් උණු ගෑනු
මිනිස්සු පවා එකිනෙකාව දාල
යනවා.මරා ගන්නවා .ඕක තමයි ජිවිතේ යථාර්ථය .

කසාද බඳිනවා කියල මිනිස්සු කරන්නේ ඇඟ බැඳීමක්
හිත බඳින්න පුළුවන් සහතික කඩදාසියකින් නෙමේ.
හිතක් බඳින්න පුළුවන් තවත් හිතකින්ම
විතරයි .කෙනෙක්ව කසාද බඳිනවා කියලා කොලේක
අත්සන් ගන්න කාට උනත් පුළුවන් .එක බොහොම
ලේසි වැඩක් . එත් හිතක් අල්ලලා තමන්ගේ හිතට
තියල වෙන් නොවෙන සේ බැඳගන්නවා කියන එක
කලාවක් .ඒ කලාව හැමෝටම බැහැ .ඒ නිසා මතක
තියාගන්න ඔබට ලං වුනු කෙනා ඔබේ ජිවිතේට
මොන මොනවා හරි කළා . ඔබට සතුටින් හුස්මක්
ගන්න හරි උන් උදවු කළා .ඒ වෙනුවෙන් එයාට ස්තුති
වෙන්න ,වයිර කරන එක අමතක කරන්න . සේරටම
කලින් ඔය වැටෙන කඳුළු පිහිදාගන්න . හෙට අලුත්
කෙනක් එයි .එයාට ඔනි ඔබේ කඳුළු නෙමෙයි . ඔය
ලස්සන හිනාව..