Translate

Thursday, September 3, 2015

සුවඳ මල් සුවඳයි හැමදාම.

අමාරු දවස් අමාරුවෙන් ගෙවෙනකොට, හිනාවෙන දවස් තව ඇතයි වගේ දැනුනත්... ඒ හීන හැබෑ කරන සතුට හොයාගෙන, කොයි තරම් හෙමින් ආපු කාලයද මේ හැල්මේ දුවන්නේ...

මග හැරුණු හැම සතුටකටම හිනාවක් වෙලා, හැම අහිමිවීමකම හිමිකාරයෝ වෙලා ඔයත් මමත් දන්නෙම නැතුව පහු කලේ ඒ අපේ වසන්ත කාලේ.. හෙට නොදකින ඔයාගේ හිනාව කොයිතරම් කාලයක් මගෙන් ඈතට යයිද මම දන්නේනෑ එත් අපි දන්නවා කොයි ඉසුව්වක පිපුනත්, කොයි කොදෙව්වක සුසුම්ලෑවත් සුවඳ මල් හැමදාමත් සුවදයි .....

උපුටා ගැනුමකි.

මනස විවර කරන්න.

අද දින ඔබ විසින් නොදැකපු නොදන්නා අනාගතයක් වෙනුවෙන් දහසක් සැලසුම් සෑදීම මදකට නතර කරන්න ..... ඒ වගේම දැනටමත් අතීතයට එක වූ අතීතය වෙනුවෙන් සෝ සුසුම් ලෑමක් මදකට නතර කරන්න...... නොදැකපු අනාගතයකටත්..... ගෙවූනු අනාගතයකටත් ඔබේ මේ වර්තමාන මොහොත විනාශ කර නොදැමීමට වග බලාගන්න....

මේ මොහොතේ ඔබේ මනස විවර කරන්න... ඒ වීවෘත මනසින් ඔබ ජීවත් වන මේ මොහොතේ යථාර්තය අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න..... අමතක කරන්න එපා මේ දැන් ඔබ ඉහලට ගත්ත හුස්ම පොද ඔබේ අවසාන හුස්ම පොද විය හැකි බව... එනිසා අතීතය වෙනුවෙන් දුක්වීමත්.... අනාගතය වෙනුවෙන් දහසක් සැලසුම් සැදීමත් මදකට නතර කොට... ඔබේ ඔබේම සිත, කය, වචනය , තුලින් රාගය, ද්වේශය , මෝහය , නැති කර දැමීමට මේ ඔබ ජීවත් වන්නට වරම් ලැබූ වාර්තමාන මොහොත යොදාගන්න,....

උපුටා ගැනුමකි.