Translate

Sunday, June 30, 2013

හොද යාලුවො.

සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත්
හොයා ගන්න බැරි අය ...
බුදුන් වහන්සේ කල්යාණ මිත්රයෝ කිව්වේ එහෙම
පෙරුම්
පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...
මිත්රත්වය කියන්නෙ අසාමාන්ය ආදරණීය
බැදීමකට ...
ඒ වගේ ආදරණීය බැදීමක්
කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...
කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන
ඇති ...
හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක
පිං තියෙන්නම ඕනේ ..
ඔයාලටත් ඒ වගේ හොද යලුවො ඉන්නව නම් එයලප ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න.
ඔයාලට බුදු සරනයි.
මම ish...

උපුටා ගැනුමකි.

Saturday, June 29, 2013

බලාපොරොත්තු...

ඔයාලා දන්නවද...?
අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරේ කරන ආදරේ ලබන හැමතැනදිම අපිට මහ
හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ
හිතෙ තියන පුංචි බලාපොරොතු ඉස්ට කරගන්න අපි කොච්චර මහන්සි වෙනවද...?

හිතෙ තිබුන හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද...? එත් අපි උත්සහකරොත්
අපිට ඒ දේ ලබාගන්න පුළුවන්... අන්න ඒ
වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න
එපා උත්සහකරන්න... ඔයාට එයාව සත්තකින්ම
ලබාගන්න පුළුවන් වෙයි... නිකන් හිටියොත්
කිසිදෙයක් ලැබෙන්නෑ...

" ඔබ සතු හොඳම දේවල් ලෝකයට බෙදා දෙන්න.
එවිට ලෝකයේ ඇති හොඳම දේවල් ඔබ පසුපස එනු
ඇත... "

අපි හැමොත් එක්කම හොදින් හිටියොත්, අපි
හැමොටම ආදරෙ කරොත් අපිටත් එ ආදරෙ කරුනාව
අනිවාර්යෙන් ලැබෙනවා... අපි ලබන්න කැමති
ආදරෙ අනිත් අයත් විදින්න ආසයි... අපි අනිත් අයට
උදව් කරොත් අපිටත් එ අය දවසක හිත සතුටින් උදව්
කරයි...

" යම් දෙයක් කිරීමට ඔබට නොහැකි බව කවුරුන්
හෝ කියනවානම්, තේරුම් ගන්න, ඔබට යමක් කිරීමට
පුළුවන් කියලා... "

" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්රී
නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී
ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ
කිරීමටය... "

එත් අපි දකින හැම හිනයක්ම හැබැවෙන්නෑ තමයි...
එත් බලාපොරොතු තියාගන්න... අතාරින්න එපා...
දවසක එ බලාපොරොත්තු තමයි අපිව හරි තැනට
ගෙනියන්නේ... ලැබෙන නොලැබෙන දෙවල්
මේ ලොකෙ සාමාන්ය දෙයක්... කිසිදෙයක්
නොලැබුනා කියලා දුක් වෙන්න එපා... අපිට එ
දෙ නොලැබුනෙ අපිට ඊට වඩා දෙයක් ලැබෙන්න
කියලා හිතන්න... කවදාවත් පරාජය බාරගන්න එපා...
බලාපොරොත්තු තියාගෙන ජිවිතෙ ගොඩනගා ගන්න
පුරුදු වෙන්න... එතකොට කවදාවත් වරදින්නෑ...

උපුටා ගැනුමකි.

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න.

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව
බැරි වුනා.
එහි ප්රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන්
ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.
ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට
කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.
මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු
ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,
ඔයා මගේ හදවතින් ඈත් වෙලා අද වෙනකොට අවුරුද්දක්ම ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක
වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!

උපුටා ගැනුමකි.

ටිකක් අහන්න...

මේ හැමදෙයක්ම අපි හිතන්නේ අපිට පෙනෙන දෙයින්
විතරයි. අපිට පේන දෙය ගැන හිතලා අපි තිරනයකට
එනවා. තිරනය කරනවා. එත්
අපි කවදාවත් හිතනේ නෑ අපිට පෙනෙන දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක් ලොකු දුකක්
හෝ සතුටක් තියනවා කියලා. ලග ඉදන්
කෙනෙක් දිහා බලලා තිරනයක් ගන්නවට වඩා
ටිකක් ඈත ඉදන් බලලා ඒ
කෙනාගේ
නොපෙනේන හදවතට
එබිලා බලන්න. එතකොට ඔයාලට පුලුවන් ඒ
කෙනාගෙ හදවත විනිවිද දකින්න. ටිකක්
කන්දෙන්න . ඒ කෙනාගෙ දුක ඔයාගෙ කන්දෙක
තුල දොංකාරය දෙවි. ඇත්ත ඇති
සැටියෙන් දකින්න. ඕනම මනුෂසයෙක් තුල
ලස්සන හදවතක් තියන
මනුෂයෙක් ඉන්නවාමයි.
එක ඉස්තිරය

උපුටා ගැනුමකි.

ජීවිතය කියන්නෙ.......?

ජීවිතය කියන්නෙ අපිට ලැබුන දෙයක් අපිට
ලැබුන දෙය අරගන අපි ඉදිරියට යනකොට
හිතන්නෙ අපිට හැමදෙම ලැබිලා ඉවරයි මොකද අපි
හදන්නෙ තවත් කෙනෙක් පාගගන ඉදිරියට යන්න
නැත්නම් පාගලා දාලා හිනාවෙන්න එත් ජිවිත
කියන්නෙ මොනතරම් අවිස්තිර දෙයක්ද අපි ගග ක්
ගමු වේගයෙන් ගලාගන යන ගගක් අපි කටවත්
නවත්වන්න බැ කොච්චර බැමිබැන්දත් එක්කො බැම්ම
කඩාගන යනවා නැත්තම් බැම්මට උඩින් යනවා ගග
කවදාවත් නවතිවන්නැ එවගෙම තම්යි ජිවිතයත්
කවදාවත් තවත් කෙනෙක්ට ගහලා ඉදිරියට ගියත් එ
මනුශයා නිහඩවම දුක්වේනවා මොකද එ
මනුශයා ගත්තුදෙකුත් නැ වැයකල කාලයත්
අපරාදේ මෙක ජිවිතය මනුශ ජිවිතයක් ලබපු අපි ඇයි
මනුශයන් වශයෙන් ලොකට මුන නොදෙන්නෙ ජිවිතය
තෙරැම් ගන්න අපිට පුලුවන්නම් අද අපි හැමොම
ලොකය දකිවි ගොඩාක් ලස්සනට.

උපුටා ගැනුමකි.

Friday, June 28, 2013

ජිවිතය සහ මිල මුදල්.

ජිවිතය සහ මිල මුදල් මැද
අපි හැමදාම කරන්නේ හැමදාම හිතනේ ජිවිතේ විදින
සැප ගැන. අපි කවදාවත් හිතන්නෙ නැ දුක ගැන. අපිට දුක
විදින්න වුනොත්...?

අපි කවදාවත් දුකට මුන දෙන්න
බලාගෙන ජිවත් වෙන්නෙ නැතිනිසා දුකට මුනදෙන්න
අමාරැයි.  එත් ජිවිතේ කවදාවත් සැප සම්පත් වලට වහල්
වෙන්න එපා..
සැප සම්පත් තියෙන මිනිස්සු ලග ආදරේ නැ....එ
මිනිසු කවදාවත් ආදරයට මුල් තැන
දෙන්නේ නැ මොකද එ අය
ගාවතියන්නෙ ආදරේ සල්ලි දුකත් සල්ලි
යාන වාහන ලග ආදරේ නැ.තියන්නෙ යකඩ
ගොඩාක්
කොච්චර සැප සම්පත් තිබුනත් ,කෙනෙක් ලග ආදරේ සෙනෙහස නැත්තම ජිවත් වෙන්න බැ.... අනුකම්පාව ආදරය ඔනේමයි ජිවිතය ලස්සන කරගන්න...

උපුටා ගැනුමකි.

කාටද වැඩිපුරම ආදරේ...?

''කාටද වැඩිපුරම ආදරේ කියල මගෙන් අහන්න
එපා .මොකද අද ඔයාට ආදරේ කරන්න හරි මම ජිවත්
වෙන්නේ මට ජීවිතය දුන්
මගේ අම්මා තාත්තා නිසා.මගේ ජිවිතේ පලමු තැන
ඒ දෙන්නා නිසා. දෙවැන්නයි ඔයා. කරුණාකර
වරදවා වටහාගන්න එපා. හදවතක් ඇත්නම් ඔබට
මා කියූ දෙය වැටහෙන්න ඇති.''

ඔයා ආදරය කරන කෙනාට මෙහෙම කිව්වහම
එයා ඔයාගෙ ආදරේ ප්රතික්ශේප කරලා ඔයාව
දාලා යනවනම් ඔහුට හෝ ඇයට ඔබව තේරුම්
ගැනීමට නොහැක.ඔහු හෝ ඇය දෙමවුපියන් ගැන
තැකීමක් නොකරන අයෙකි.
යමෙක් දෙමවුපියන්ට ආදරේ නොකරයිනම් ඒ
පුද්ගලයාට වෙනත් කිසිවෙකුටද එසේ ආදරය කර
නොහැකි බව ඒ කෙනා වටහා ගත්තේනම් ඔහු
හෝ ඇය ඔබව කිසි විටක හැර නොයන්නා සේම,
ඔබ බොරු බොලඳ බස් කියමින් සිහින ලෝක වල
ජීවත් නොවන අවංක ආදරවන්තයෙක් /
ආදරවන්තියක් බව දැන ඔබ ගැන සිතින් ආඩම්බර
වේවි...

ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ...

මම ලිව්වා...ඒත් ඔයා කවදාවත් කියෙව්වෙ නෑ
මම ඔයා ලගට වෙලා මිමිණුවා....ඔයා අහගන
හිටියෙ නෑ
මම සන්වේදී....ඔයා කළුගලක් වගේ
මම ඇඩුවා...ඔයා හිනාවුනා
අපි දෙන්න ලෝක දෙකක බව දැන දැනත්
මම අඩ අඩ හිනාවුනේ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන්
ඇඩුවා
මගෙ ඇස් වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස් වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස් වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම
අඩන්නේ නෑ ....

උපුටා ගැනුමකි.

Thursday, June 27, 2013

යහලුවෙකුගේ වටිනකම

කලින් ඔවුන් එකිනෙකා දැන සිටි මිතුරන් නොවේ.
කාලයක් තිස්සේ එකම රෝහලේ කාමරයක ලැගුම්
ගැනීමට සිදුවී ඇති නිසා ඔවුන් මිතුරන් බවට පත්වී
සිටිය.දෙදෙනාම හිටියෙ දරුනු ලෙස රොගාතුරව
රෝහලට ඇතුල් කලදා පටන් මේ වෙනතුරුත් ඔවුන්
දෙදෙනාගෙන් කිසිවෙකු ඇදෙන් බිමට බැස නෑ .
දෙදෙනාගෙන් එක් අයෙකුට පමනක් දවසේ පැය දෙකක
කාලයක් සඳහා ඇදේ ඉද ගැනීමට වෛද්යවරුන් අවසරදී
තිබුන. ඒ ඔහුගේ පෙනහලුවල පිරී ඇති වතුර පහල
බැසීම සඳහායි.

ඔහුගේ ඇද තබා තිබුනේ රෝහල් කාමරයේ ඇති එකම
එක වීදුරු කවුලුව සමීපයේ. අනිත් මිත්රයට ඇදෙන්
නැගිටීමට හෝ ඉඳ ගැනීමට අවසර දී තිබුනේ නෑ. දවස
තිස්සේ ඔහු ඇඳේ වැතිරීගෙන හිටිය ඒ අතර
තුරේ ඔවුන් නොයෙකුත් දේ ගැන කතා කිරීමට පුරුදු වී
සිටිය බිරින්දෑවරු ගැන, දරුවන් ගැන , යුද සේවයේ යෙදී
සිටියදී ඔවුන් ලබපු අත්දැකීම් ගැන ~ ඒ වගේ තව
නොයෙකුත් දේ ගැන ඔවුන් කතා කලා .

සන්ද්යාවේ පැය දෙකක කාලයක් සඳහා ඇඳේ ඉද
ගැනීමට අවසර ලැඛෙන මිත්රය අනිත් මිත්රය වෙනුවෙන්
ජනේලයේ එලියේ ඔහුට පෙනෙන ලෝකයේ ව්ස්තර
කියන්නට පුරුදුවී හිටිය. ඒ විස්තරය ඇදේ වැතිරී අනිත්
මිත්රය අහගෙන හිටියා .යාලුව විස්තර කරන
එලියෙ ලෝකයේ විස්තර අසා සිටීමෙන් ඔහු
ලැබුවේ අපමන සතුටක්. කවුලුවෙන් එලියෙ පෙනෙන
අපූරු විල්තෙර සන්ද්යාවේ බැස යන හිරු එලිය වැටුනු විට
කොතරම් සුන්දරදැයි ඔහු තමාගේ මිතුරාට කියා සිටිය
විලට එන හංසයින් විල් දියේ පීනන හැටි ඔහු විස්තර
කලා. විලට මුහුනලා තිඛෙන ගල් බංකුව මත වාඩිවී විල
දිහා බලා හිදින පෙම්වතුන් ගැනත් ඔහු කිව්ව.

අනිත්
මිත්රය ඇස් වහගෙන ඒ විස්තරයට කන් දීගෙන ඒ
හැමදේම ඔහු තමන්ගේ සිත තුල මවා ගත්ත...
සති,මාස ගතවී උදාවූ එක්තරා උදෑසනක ජනේලය අසල
ඇඳේ වැතිරී උන්නු මිත්රය සදාකාලයටම දෑස් පියාගෙන
තිබුන. හෙදිය රෝහලේ කාර්ය මන්ඩලයට ඒ බව දැනුම්
දුන් විට ඔවුන් පැමින ඔහුගේ සිරුර ඇඳ්න් ඉවත් කරා .

ඔහුගේ වියෝගය අනෙක් මිතුරා තුල දැඩි කම්පනයක්
ඇති කලා. ජනේලයෙන් එපිට ලොකය ගැන විස්තර කී
ඔහුගේ මිතුරා තවදුරටත් ජීවතුං අතර නෑ .
අන්තිමේදී ඔහු තමන්ව මිතුරා සිටි ඒ ජනේලය ලඟ
ඇදට මාරු කරන ලෙස හෙදියන්ගෙන් ඉල්ලා සිටිය .

හෙදිය ඉතා කැමැත්තෙන් ඒ ඉල්ලීම ඉටුකලා. කවුලුව
ලඟ ඇදේ වැතිරී උන්නු ඔහු ඒ
සන්ද්යාවේ ඉතා අමාරුවෙන් වැල මිටට වාරුවී කවුලුවෙන්
එපිට ලෝකය දිහා බැලුව. ඒත් මිතුරා විස්තර කල
කිසිවක් ඔහුට දකින්නට තිබුනෙ නෑ. කවුලුවට
මුහුනලා තිබුනේ උස් ගොඩනැගිල්ලක හිස් බිත්තියකටයි.

ඔහු පුදුම උනා එසේනම් ඔහුගේ මිතුරා විස්තර කල
කීවෙ මොනවද? ඔහු හෙදියගෙන් එය
විමසුව .ජනේලයෙන් එලියෙ ඔබට අඩුම තරමෙ ඔය හිස්
බිත්තියවත් පේනව හෙදිය ඔහුට පැහැදිලි කලා. ඒත්
දන්නවද විස්තර කියපු ඔබේ මිත්රයට ඒ බිත්තියවත්
පෙනුනෙ නෑ ඔහු අන්දයි . ඇත්තෙන්ම ඔහුට උවමනා වී
තිබුනෙ නොපෙනෙන ලෝකයක අසිරිය පෙන්වමින්
ඔහුගේ මිතුරා තුල ජීවිතයේ ආශාව උපඇද්දීමටයි.

ජීවිතය ජීවත් කරවන්නේ වෙන කිසිවක් නොව ජීවිතයට
ඇති ආශාව බව මිය ගිය මිත්රයා දැන සිටිය.

උපුටා ගැනුමකි.

“බොරිස් පලෙවොයි” විසින් රචිත
“සැබෑ මිනිසෙකුගේ කතාවක් ” පොතෙන්

Wednesday, June 26, 2013

ඇත්ත...

මටම තේරේන්නේ නැ
ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද
කියලා ...
කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට
බලාපොරොත්තුවක්,
නව පිබිදිමක්,
අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත්
මතක නෑ.
අපි මතක් කරනකම් ...
ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න
ගිහින්
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න
ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100
% ඇත්ත ..

උපුටා ගැනුමකි.

ආදරේ ගැන පුංචි කතාවක්.

කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් "යාළුවෝ"
විතරක් වෙලා ඉන්න බැහැ කියලා ශේක්ෂ්පියර්
කිව්වා...

ඒත් ලින්කන් කිව්වේ යාළුකම ඇරඹීමේ පළමු පියවර
"ආදරය" කියලයි....

වර්ඩ්ස්වර්ත් නම් කවියාට අනුව කොල්ලෙක් හරි
කෙල්ලෙක් හරි යාළුවෙක් වෙන්න
අහනවා කියන්නේ "මම ඔයාට කැමතියි" කියා වක්රව
කීමක් කියලයි...

ජැකී චෑන් කියන විදිහට නම් ආදරය
කියන්නේ "සදාකාලික යාළුකමක්"...

මයිකල් ජැක්සන් කිව්වා හොඳම
යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමුන්ගේ ජීවන
සහකාරයා කරගන්න පුළුවන් කියලා...

" කවුරු කොහොම කිවුවත් ආදරෙ කරන කෙනා අපිව
දාලා ගියත් අන්තිමට කවදාවත් යාළුවා අපිව
දාලා යන්නෑ... එත් සමහර යාළුවො දාලා ගියත්
ආදරෙ කරන කෙනා දාලා යන්නෑ... එත්
කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාළුවො වගෙ ඉන්න
පුළුවන් එත් තාවකාලිකයි කියලා මට නම් හිතෙනවා...
"

උපුටා ගැනුමකි.

ආදරය.......

අපේ ජීවිතවලට ඇතිවන සම්බන්ධකම්, ඉබේම ඇති
වෙන්නේ නැහැ.. අපි හිතනවට වඩා හුගාක් දේවල්
බලපානවා. කෙනෙකු වෙනුවෙන් ඇති වන
ආකර්ෂනය, ඒ කෙනා වෙනුවෙන් කරන කැපකිරීම,
අන් හැමදෙයටම වඩා සිත් ගත් කෙනා මූලික වීම,
මේ හැමදෙයක්ම වෙන්නේ. හිතක උපන් ආදරය
නිසයි.. හුගාක් දේවල් අපේ හිත් වලින් මකන්න
පුළුවන්.. ඒත් හදවතකට ඇතිවන ආදරයක් මකන්න
කවදාවත් බැහැ.. ආදරයක පටන් ගැන්ම තුලම, සතුට
ඇති වුනද, කාලයක් ගතවෙද්දි, ඒයට දුක,
බලාපොරොත්තු කඩවීම්, හිත් රිදවීම් ඇතිවෙනවා. ඒ
හැමදෙයකින්ම සිදුවන්නේ, දෙදෙනා අතර තේරුම්
ගැනීම සිදුවීමයි. ආවට ගියාට කෙනෙකු ආවත්
හිතාගන්නවත් බැරි විදියට, ලං වෙන්නේ තේරුම්
ගැනීම තුලයි. ආදරයක් තරාදියක දාලා බලන්න
බැහැ කාගෙද බර වැඩි කියලා. අනෙත්
කෙනා වෙනුවෙන්, ඕනම දුකක් විදගන්නට හැකිනම්,
ඒ කෙනා වෙනුවෙන් අන් සියළුම දේවල් අත්
හරින්නට හැකිනම්, ඒ ආදරය පැවැත්ම වැඩියි.. කටින්
කියනවට වඩා ඒ ආදරය දැනෙන්නට කල යුතුයි..
සමහර වෙලේට අපි මොන දුකක් අනෙත්
කෙනා වෙනුවෙන් වින්දත්, එය හිරකරම්ම ඉන්නේ,
තමන්ගේ දුක ලගදි, අනෙත් කෙනා දුක්වෙන එක
දකින්න අකමැති නිසා. හිත් රිදවීම් නැතිනම් එතන
ආදරයක් නැහැ.. ආදරය කියන්නේ හැමදෙයකම
එකතුවක්.. අඩු පාඩුකම් ඇතත්, දෙදෙනෙක් එකට
ගමනක් යන්නට අත් දෙකෙන් අල්ල ගත් විටක,
මොන භාධකය ආවත්, අත් හරින්නට එපා. එක
හිතින්ම ඉන්නට හැකිනම්, කවදාක හරි කොහෙන් හරි
එවැනි ආදරය පල දරනවා..

උපුටා ගැනුමකි.

Tuesday, June 25, 2013

ආදරේන් ඉමු නේද...?

මන් දන්නේ නෑ මාව ඔයා කවද තේරුම් ගනීද කියල
වස්තුවේ.ඔයා වගෙම ඔයා මගෙන් බලාපොරොත්තු
වෙන හැමදේම මාත් ඔයාගෙන් බලපොරොත්තු
වෙනවා.ඔයාට විතරක් නෙමෙ දුක දැනෙන්නේ.මටත්
දැනෙනවා.ඔයාට නිකන් හරි miss call එකක් මන්
නොදුන්නොත් ඔයාට දුක හිතෙනවා.ඒත් මට
ඔයාගෙන් call එකක්වත් නෑ.ඒක ඔයාගෙ වරදක්
නෙමේ කියල මන් තේරුම් අරන් ඉන්නේ.ඒත්
කතා කරන පුන්චි වෙලාවෙදි හරි මට වෙනසක්
නොකර කතා කරන්න.එතකොට මේ ආදරේ මීටත්
වඩා මට දැනේවී.ඔයාගේ ජීවිතෙන් පුන්චි ඉඩක්
වෙලාවක් මටත් දෙන්න.එතකොට මටත් දැනෙවි
ඔයාට මාවත් නිතරම ඕනි කියල.නැත්තන් මට හරි
දුකයි වස්තු.ඔයාට මාව නිතරම ඕන වගේම මටත්
ඔයාව නිතරම ඕන වස්තුවේ.ඔයා මගෙන්
ආදරේ හැම මොහොතකම බලපොරොත්තු වෙනව
වගේ මත් ඔයාගෙන් හැම මොහොතකම
ආදරේ හොයනවා.අනේ ඒක හන්ගගෙන
වගේ ආදරේ දෙන්න එප.දැනෙන්නම
ආදරේ දෙන්න.නැත්තන් මට හිතෙවී මන් විතරක්
තනියම ආදරේ කරනව කියල.කොහොමද ඒ දැනෙන
හැගීම සතුටක් කියල හිතන්නේ?ඒ හැගීම හරිම දුකක්
මැණික.ඉවසන්න බැරි දුකක්.ඔයාගේ phone
එකේ ලෙඩක්.message එකක්වත් යන්නෙ නෑ..එක
මට කොච්චර දුකක්ද?මන් තනි
වෙලා වගේ දෑනෙනවා..ඔයා මගෙන් ආදරේ හුගක්
හොයනවා.මත් ඔ
යාගෙන් ආදරේ හුගක් හොයනවා.ඔයට නිකන් හරි
මන් කතා නොකලොත් ඔයා එදාට පොඩි එකෙක්
වගේ මගෙන් අහනවා ඇයි අද මට
කතා නොකලෙ මාව අමතක උනාද කියලා.ඔයාට
මාව අමතක උනත් මට ඔයාව කවදාවත් අමතක
වෙන්නේ නෑ මගේ රත්තරන්.එත් ඔයාට තරහ ගියාම
ඔය මට ඔහොම කරනවා එතකොට හිතෙන්නෙ නැද්ද
මන් කොහොමද ඒවා ඉවසුවේ කියලා.එහෙම කරන්න
එපා.මොකද ඔයාට දැනෙන දුකම මටත්
දැනෙනවා කියල හිතන්න.අන්න එදට ඔයා මට ඔය
විදිහට සලකන එකක් නෑ.ඔයාටත් හිතේවි
ඔයා කලේ වැරෑද්දක්
කියලා.ආදරේ කියන්නෙ එක්කෙනෙක් විතරක් කරන
දෙයක්වත් එක්කෙනෙක්ගේ පැත්තකින් විතරක්
බලපොරොත්තු වෙන එකවත්
නෙමේ මැණික.දෙන්නෙක්ගෙම හිත් වල
එකිනෙකා ගැන ඇති වෙන හැගීමක්.දෙන්නම ඒ
ආදරෙට යුතුකම් ඉටුකරන්න ඔන වගකීමක්.නැත්තන්
ඒ ආදරෙ ඒකපර්ශවිකයි.එහෙම ආදරයක් මොකටද?
දෙන්නෙක් ආදරෙ කරන්න ගන්නේ ඒ දෙන්නම
ආදරේ බලපොරොත්තුවෙන් නම් දෙන්නම ඒ
අදරේ වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න ඕනා.අන්න
එදාට ඒ අදරේ හුගාක් ශක්තිමත් වේවි.තරහ වෙන්න
එපා මගේ පන.මේ කියන්නෙ හිතේ දුකත් එක්කම
මට හිතෙන දැනෙන දේ.ඒ වගේම් වෙන්න ඔනයි
කියල හිතේන දේ.අපි වැරදි හදාගෙන ආදරෙන් ඉමු
මගේ වස්තුවේ.වැරදි කා අතිනුත් වෙනවනේ.අපි
හැදේමු.මන් කිව්වෙ ඇත්ත නේද?සමාව දෙන්නම්
වස්තුවෙ..ඔන්න මගෙන් නලලට හාද්දක්.දැන් ඉතින්
අපි ඔවා අමතක කරල වැරදි හදාගෙන මීටත්
වඩා ආදරේන් ඉමු නේද?

උපුටා ගැනුමකි.

අහිමි සිත...........

ඔයත් එක්ක මේ වනතෙක් හිටපු කෙටි
කාලේ දිහා ආපසු හැරිලා බැලුවා.
අනේ මන්දා ඒ කාලය හරි පුදුම විදියකට
තමා ගෙවිලා ගිහින් තියෙන්නේ.අපි
දෙන්නා කතා කලා මතකයිද?.
අපි දෙන්නා මුලින්ම මුන ගැහුන විදිය, කතා කරපු
දේවල්, තරහ වුන හැටි, ආයේ යාලු වුන විදිහ,
දෙන්නා දෙන්නටම හොරෙන් හිත් වලින් ආදරේ කරපු
හැටි, මිතුරුකම පෙම්වතුන් කරපු හැටි.
ඊටත් කලින් මුලින්ම අපි කතා කරපු මුල් දවස්වලම
ඔය හිතට ගොඩක් මේ හිත ල0වුනා ඇයි ද ක
ියලා තවම හිතාගන්නත් බැ. ඔය හිතටත් එහෙම වුනාද
මන්දා.
අනේ ඇයි අපි ආයෙත් අතීතේ ගැන
කතා කරන්නේ වෙන් වෙලා යන හින්දා නේද
ආයේ කවදාවත් හමු නොවෙන හින්දා ඒ ගෙවුනු
සුන්දර දවස් ආයේ කවදාවත් එන්නේ නෑනේ.
ඒත් ඒ සුන්දර අතීතේට ගොඩක් ආදරෙයි. වෙන
කාගෙන්වත් ඒ වගේ සුන්දර මතකයන් ලැබෙයි කියල
හිතෙන්නෙනම් නෑ.
ඊටත් වඩා දුක මගේ කරගන්න බැරි බව දැන දැනත්
ඔයාව පරිස්සමින් බලා ගත්ත විදිය මතක් වෙනකොට.
අද ඒ හැමදේම සොදුරු වගේම දුක්මුසු මතකයන්
ගෙනදෙන විදියට ජීවිතේ පුරාවටම රදවා ඔයා මගෙන්
ඈතකට යවන්න වෙලා. අපි හමුවුනා වගේම
වෙන්වෙන්න වෙනවානේ.
ඒත් ඔයාව යැව්වත් ඒ මතක හැමදාම මාව ජීවත්
කරවාවි. එදා වගේම අදත් අද වගේම ඉදිරියටත් වෙන
කෙනෙක් ලග හිටියත් ඔබට තියෙන ආදරේ වෙනසක්
නොවි තියේවි.ඔබේ මතු අනාගතයට කිසි දිනෙක ඔය
දෙනෙතට කදුලක් නොවැටි සතුටින් දිවි ගෙවන්නට
සුබ ප්රාර්ථනා කරමි සියලු පැතුම් ඉටුවෙන්නට...
උපුටා ගැනුමකි.

ආදරේට ආදරේ කරන්න......

ආදරේ කරනවා නම්....
හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...

අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන්
වෙනවා
අවන්කවම ආදරේ නැත්නම්......
ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
ජීවිතයක් අදුරු කරන්න එපා...
දන්නවද......
ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
ආදර හිත්වලට දීපු දුකක ප්රතිපලයක් නිසයි...
ඒක ඇත්තම ඇත්තක්.....
කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව්
වෙන්න එපා...
ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....
උපුටා ගැනුමකි.

Monday, June 24, 2013

අයියෝ සල්ලි...

1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී
යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු
කොල්ලා කටපියා ගැනීම හොඳය.

2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම්
මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර
කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක
බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක්
ගැනය.

3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස
වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න
එපා කියාය.

4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත්
කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය .
මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ
මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද
කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය.
නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න
පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ
කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න
ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ
කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට්
කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. ඒකට වෙල්කම්
කියන්න එපා, කිව්වොත් ඔයාට අංක 7 වේවි.

7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක්
කරගන්නවා කියාය.

8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි.
කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත්
නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය.
මේකට මොකක්ද ප්රශ්නේ කියල අහුවොත් අංක 4
උත්තර ලෙස ලැබෙනවාය.

9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන්
වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න
ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක
එකෙන්ය.

උපුටා ගැනුමකි.