Translate

Sunday, August 16, 2015

විරහව සහ ජිවිතය.

විරහව, සමහරුන්ට සුන්දරයි, සමහරුන්ට දුක්‍යදායකයි. දැන් කාලෙ ඉන්න කොල්ලො කෙල්ලො ගොඩ දෙනෙක් විරහවේ අද්දැකීම් ලබල තියෙනව. සමහරු නම් විරහවෙ දුක කොහොම හරි විද දරා ගන්නව. සමහරි මත්පැන් වලට යටවෙලා ජීවිතේ විනාශ කර ගන්නව. තවත් සමහරු  ජීවිතේ නැති කරලම දාගන්නව. කවුරු කොහොම කීවත් විරහව කියන දේ දරා ගන්න හුගක් අමාරුයි.

හුග දෙනෙක් විරහවත් එක්ක මනසින් අලුත් වෙනව. සමහරුන්ගෙ එදිනෙදා පුරුදු, කියාකාරකම් එහෙම් පිටින්ම වගේ වෙනස් වෙනව. ඉස්සර අසාවෙන් කරපු වැඩ ටික ටික කරන එක අඩු වෙලා එහෙන්මම නවතිනව. ඔය කාලෙදි සමහරු ජිවිතේ ගැන ගැඹුරට කල්පනා කරනව. ටික දෙනෙක් ජිවිතේ ගැන කළකිරිල මහණ වෙනව. තවත් කොටසක් ජිවිතේ ගැන කළකිරුන නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල අරමුණු බලාපොරොත්තු මොකුත් නැතුව ඔහේ ජීවත් වෙනවා. තවත් සමහරු මන් ආදරේ කරපු කෙනගෙ වැරැද්ද නිසා තමයි මට මෙහෙම උනේ කියල හිතල ඒක වුනේ කෙල්ලෙක් නිසා නම් කෙල්ලො ඔක්කොම ගැන කෙන්ති ගිහින් කෙල්ලන්ගෙන් පලි ගන්නව. කොල්ලෙක් නිසා නම් එහෙම වුනේ කොල්ලොන්ගෙන් පලි ගන්න පෙලබෙනව. තවත් සමහරුන්ගෙ මොලේ අවුල් වෙලා පිස්සො බවට පත් වෙනව. සමහරු නම් ඕව මොනවද කියල ආතල් එකේ ඉන්නව. ඕව ඇත්තටම මේ සමාජෙ වෙන දේවල්.

විරහවේ දුක නැති කරගන්න නම් කරන්න පුලුවන් හොදම දේ තමයි අලුත් ආදරයක් ගැන හිතන එක. ඒ උනත් ගොඩ දෙනෙක් ආදරයක් අවසන් වෙච්ච ගමන්ම වෙන කෙනෙක් ගැන හිතන්න කැමති නෑ. එත් ආදරෙන් පරාද වෙච්ච හිතකට හොදම බේත තමයි තවත් ආදරයක්.

අපි වෙන වෙන දේවල් ගැන හිතපුවහමත් අපිට විරහවෙ දුක අමතක කරන්න පුලුවන්. වෙනදට වඩා පොඩ්ඩක් කාර්‍යබහුල උනොත් නැති උන ආදරේ ගැන හිතන්න වෙලාවක් නැති වෙනවනෙ.

ඒ වගේම ඔයාල පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඒ හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය දැන් දාල ගිය එක කොච්චර හොදද..? නැත්තම් කසාද බැදල ළමයි එහෙම ඉන්න වෙලාවක ඔයාව දාල ගියොත් ඔයා කොච්චර අසරන වෙයිද, ඔයාලගෙ ළමයි කොච්චර අසරණ වෙයිද කියල.

එහෙම බල්පුවාම නම් මේ පොඩි වෙන්වීම දුකක්ද.....?

නේද.....?

IsH

No comments:

Post a Comment