Translate

Friday, May 31, 2013

Don’t draw conclusions until you know all the facts...

වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක
ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල්
(ප්රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උනා.

පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව
පැත්තට වෙන්න ඉඳගෙන සෑහෙන්න ආසාවෙන්
එළිය බලාගෙන හිටියේ.
ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා.
දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන් එළියට
අත දාලා කිව්වා,

"තාත්තේ තාත්තේ බලන්න
මේ මගේ අතේ හුළඟ වදිනවා.

තාත්තේ තාත්තේ අර ගස් පිටිපස්සට යනවා.."
තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට
විදගන්න ඉඩ හැරියා.

අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම
නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන
ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක්
වගේ හැසිරෙනවා දැකලා.

ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
"තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා..
අර අර පොන්ඩ් එකක්.. සත්තුත් ඉන්නවා.
ලස්සනයි නේද තාත්තේ.."

තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි.
තව ටික වෙලාවකින් වහින්න පටන් ගත්තා.

"තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි
බින්ඩු මගේ අතටත් වැටෙනවා.."

දැන් කපල් එකට හෙනම ප්රශ්නයක් මේක. බැරිම
තැන වයසක මනුස්සයාගෙන් අහනවා
"ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන්
නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි
වගේ නේද? "

තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා

"ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද
තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන
පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"

ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක්
තියෙනවා.
ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත්
අවසාන තීරණයකට එන්න එපා කියන එක

→ → → → → → → → → → → →→ → →
→ → → → →

An old man was traveling with his 25 yr
old son in the train.
Train is about to leave the station.
All passengers are settling down their
seat.
As train started young man was filled
with lot of joy and curiosity.
He was sitting on the window side.

He went out one hand and feeling the
passing air. He shouted, “Papa see all
trees are going behind”.

Old man smile and admired son feelings.

Beside the young man one couple was
sitting and listing all the conversion
between father and son.

They were little awkward with the
attitude of 25 yr old man behaving like a
small child.

Suddenly young man again shouted,
“Papa see the pond and animals. Clouds
are moving with train”

Couple was watching the young man in
embarrassingly.

Now its start raining and some of water
drops touches the young man’s hand.
He filled with joy and he closed the eyes.

He shouted again, “Papa it’s raining,
water is touching me, see papa”.
Father was happy!

Couple couldn’t help themselves and ask
the old man, “Why don’t you visit the
Doctor and get treatment for your son.”

Old man said, “Yes, we are coming from
the hospital; my son was born blind and
today only he got the eye sight for the
first time”.

Moral: Don’t draw conclusions until you
know all the facts

Thaththage Adaraya..

සති අන්ත ඉරිදා සන්ධ්යාවේදී මම අත්යාවශ්ය
කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි.
තනිව යාම සාමාන්ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි
දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින්
එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ
මේ අත සෙනග සැරි සරති. මා බඩු
ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර
ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම
දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි
සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක
දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන්
විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය
වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී
මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත්
තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම
මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය
ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන
තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල්
සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය
දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය
උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල
එහා මෙහා කළාය. ක්රමයෙන් රතු පැහැ වන පුංචි
මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත්
සඟලේ හැඟුම් තේරුම් ගන්නට
මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට
මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර
තනිවී සිටින්නා සේ මට පෙනේ.
ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි
දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි.
වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු
සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය
දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු
කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත්
මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ
පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි
මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ
කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද
ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී
තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට
බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර්
සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට
වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන්
උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට
මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..?
දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම
අසරණකම දැනෙන්නේ ඇයි..?
"අපි යමු රත්තරං පැටියෝ.."
ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය
මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය
ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට
තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම්
අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට
තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස
මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස
වසාගන්නට තැත් කරන අසරණ
තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද
පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත්
වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන්
මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට
නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක්
නම් ඇත්ද..?
"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල්
පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල්
හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්,
බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?
"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක්
සේ පිපී ඇත.
මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම
ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි.
අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම්
ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න
ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න
මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට
සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව
ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට
මහවැලිය වගේ ගලනවා.
"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය
පුංචි පුතුන්" කියා මහගම සේකරයන්
ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ
මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

Teddy Saying I Love You..

මට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි
දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි
හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි
දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන්
ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි
දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා. සාමාන්ය
විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට
ආදරේ ප්රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන්
මුලින්ම ආදරේ ප්රකාශ කලේ මම...විනෝද
චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය
කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට
ඒ බව ප්රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.
අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි
දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස්
විදියට.. මට හැම මොහොතම ඔහුත් සමග ගත
කරන්න අවශ්ය වුනත් ඔහුට එහෙම උනේ නෑ.
ඔහුට මිතුරියන් ගොඩක්
හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක්
වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක
කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.

"ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද" දවසක්
මම ඇහුවා

"මට බෑ"

"ඇයි? පාඩම් කරන්න තියනවද?"

"නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා"

ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම
ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත්
එක "ගෑණු යාලුවෙක්" පමනක් බවයි මට
හිතුනේ.ආදරේ කියන වචනය පිට
වුනේ මගේ කටින් විතරයි,මම දන්න
කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින්
ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත්
"මම ඔයාට ආදරෙයි" කියලා නැති උනත් හැමදාම
එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක්
දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම
ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු
වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට
ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග
බලාගත්තා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
එක දවසක්,

මම : "ම්ම්ම්ම්...ජින්..."

ජින් : "ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම
කියන්නකෝ"

මම : "මම ඔයාට ආදරෙයි"

ජින් : "ම්ම්ම්..... මෙන්න මේ බෝනික්කව
අරගෙන ගෙදර යන්න"

ඔහු එහෙමයි "ආදරේ" කියන වචනය
නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට
පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත්
වෙලා යනවා,හරියට මගෙන්
පැනලා දුවනවා වගේ.
මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18
වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම
ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට
නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින
මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන්
ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන්
බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්රියත්
උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ.
අවසානයේ රාත්රී 9ට පමන ඔහුගේ ඇමතුම
පැමිනියා,

"පොඩ්ඩක් එලියට එනවද" ඔහුගේ ඇමතුම
එපමනයි.

කෙතරම් ප්රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම
පිලිබද ප්රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින්
එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,

මම : "ජින්..."

ජින් : "ආ...මේන ගන්න..."

ඔහු මට තව බෝනික්කෙක් දුන්නා

මම : "මේ මොකද්ද?"

ජින් : "දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි
මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි."

මම : "යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද
කියලා?"

ජින් : "අද? මොකද්ද?"

මට ගොඩක් දුක හිතුනා...මම හිතුවා ඔහුට
මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු
ඔහු යන්න ගියා

මම : "ජින්...ජින්..ඉන්න"

ජින් : "ඇයි? මොනවා හරි කියන්න තියනවද?"

මම : "මට කියන්න ඔයා මට ආදරෙයි කියලා"

ජින් : "මොකක්?"

මම : "කියන්න......""

මම ඔහුට යන්න නොදී
ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ
වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න
ගියා. "මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි
කියලා මම එච්චර ලේසියෙන්
කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි
නම් වෙන කෙනෙක්ව හොයා ගන්න"" ඔහු
එහෙමයි කිව්වේ.
ඔහු කොහොමද එහෙම දෙයක් මට
කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු
මට නොගැලපෙන බව මට මුලින්ම
සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ
දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ
සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ
කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක්
දීලා යන්න අමතක කලෙත් නෑ.
සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට
ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු
පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින්
ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා.
ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට
නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්. මට තව
දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක්
තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය
මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය
ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු
මේවා මට දුන්නේ? ඔහු
මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන්
වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම
බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.
ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන්
ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු
ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද
අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි. කදුලු
පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින්
පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද
හිටියේ විශාල බෝනික්කෙක්...

ජින් : "ජෝ...මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති
කියලා"
සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා.
සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු
ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.

ජින් : "ආ මේක ගන්න""
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික්
කලා

මම : "මට ඕනි නෑ"

මම තරහෙන් කිව්වා

ජින් : "මොනවා...ඇයි?"
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට
විසි කලා
"මට මේ බෝනික්කව අවශ්ය
වෙන්නේ නෑ...ආයේ කවදාවත් මට
තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ...මට
තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්ය
නෑ මීට පස්සේ" මම කෝපයෙන් කෑ ගැසුවා.
නමුත් ඔහු වෙනදා වගේ නෙවේ...මම
දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය
වේගෙන් සැලෙනවා "මට සමාවෙන්න"""""
සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.
"පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි
කරලා දානවා...ඔය බෝනික්කෝ මොකටද?"
ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට
පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක
හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට
එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට
යනවා බෝනික්කව අහුල ගන්න.

"ජින්...ජින්...ආපහු එන්න..වාහනයක් එනවා...

"මම
කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.
විශාල ශබ්දයක් ඇහුනා...ජින්ව ලොරි
රථයේ ගැටුනා...ඔහු තවත් එක වචනයක්වත්
නොකියා මගෙන් සදහටම සමු ගත්තා.
එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට
පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද
වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.
එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන්
සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන්
ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු
මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන්
බෝනික්කන් විශාල සංඛ්යාවක්
මගේ කාමරයේ පිරී තිබුනා.
එකයි...දෙකයි...තුනයි... හාරසිය අසූ
හතරයි...හාරසිය අසූ පහයි.
බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට
ලබා දී තිබුනා. ඔහු සමග ගත කල ඒ දවස් මතක්
වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන්
තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා.

ඒත් හදිසියේම "මම ඔයාට ආදරෙයි" "මම ඔයාට
ආදරෙයි" කියලා ජින් ගේ හඩින් මට ඇහුනා.

විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන
එහි උදර ප්රදේශය තද කලා.
"මම ඔයාට ආදරෙයි" යලිත් ජින් ගේ හඩ...මම
විශ්මයෙන් ගල් ගැසුනා... සෑම
බෝනික්කෙකුගේම උදර ප්රදේශය තද කල විට
ඇසුනේ ජින් සෙමින් "මම ඔයාට ආදරෙයි" කියන
ශබ්දය...
ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි
ඔහුගේ සිතේ මට තියන ආදරය මට
පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම්
වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර
ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.
අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන්
විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි
තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර
ප්රදේශය තද කල විට මට යලිත්
ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ....

"ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?
අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස්
486ක්...ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද
කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි
කියලා නෑ...මට සමාවෙන්න.... .මම හැමදාම
ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි
මට ඒ වචන පිට කරගන්න බෑ...ඒකයි මම හැමදාම
පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ... ඔයා මට
සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද
ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි
කියනවා...ඔව් ජෝ...මම ඔයාට ආදරෙයි"
මට මාවම පාලනය කරගන්න බැරි
වුනා...මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන
ආවා...මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට
මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු
වුනේ කියලා...ඇයි මට ඔහුගේ ආදරය කලින්
නොතේරුනේ.

(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU
වෙනුවට භාවිතා කරන වදනකි.)

ජීවිතයේ ඔබ යමෙකුට ආදරය කරනවා නම් එය
ඔහු/ඇය වෙත ප්රකාශ කිරීමට බිය වන්න
එපා...ලැජ්ජා වන්න එපා.

Thursday, May 30, 2013

Katta Kaala (Sweety Kelle)

කට්ට කාල දා ගත්තු කෙල්ල යාලු
ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු
මේක sira කරපු මගේ ප්රථම love එක
මම bokka උනත් දෙන්න හිටියේ ඈ හට
දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත...

අද කනේරු අට කන්න හිතෙනවා මට
කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ..

මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලෝ හිටියට
මෙයාල අපිව දාල යන්නේ අනේ නොකියම..

උබට set වෙනකම් හොද කෙල්ලෙක් ලගදීම
සින්දුවක් කියල ඉමු ආතල් එකේ අද
හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ
මේක ගනම් හිතල හිතල වැඩක් වෙන්නේ නෑ...

කට්ට කාල..

එය ගිය කියල අපි අඩන්නේ නෑ
වෙන කෙල්ලෙක් set උනාම තනිය නෑ...

ඔබ උපන් දවසෙන් ඔබ ගැන අනාවැකි ...

ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු
ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක්
හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්රියා පිළිවෙත්
බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත්
බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි
හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,

හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක්
හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය
ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු
වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු
වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින්
හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක්
පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන්
කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී
ඔබේ ධෛර්ය්ය අඩු විය හැකිය. ඔබ
ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින්
පවා කළබලවී මානසිකඅසහනයට
හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට
ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන්
රැවටිය හැකි අයකුදලෙසද සැලකේ. යහපත්
සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම,
ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි.සමාජශිලී
අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු
වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය.
ජීවිතයපුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම
හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය
කරගැනීමට ඔබ සමත්ය.ඍජු, අවංක අයෙකි.
සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ
සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබසමත්ය.
නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ
ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස
සැලකියහැකිය.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 5 වන දා නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර
ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ
බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය.
අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත්
වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හාසංචාරය
කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්රම
ක්රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන්
හැඩගැසෙන ඔබඉක්මන් තීරණ ගැනීමට
පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර
විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත.
අවිවේකීපරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල
අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට
අපහසුය.

මාසයේ 6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස්
උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත
ය. හැමදෙනාටමඅවංක වීම ඔබ සතු ගුණාංගයකි.
තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද
විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම්සහගතව
හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල
දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

ඔබේ උපන් දිනය යෙදී ඇත්තේ 7 වන දා ද?
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය.
විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද
කටයුතු කරයි.තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ
සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ
පෙළඹේ. ඔබ ආධ්යාත්මිකව බොහෝශක්තිමත්
අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල්
ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි.
නිසිපිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි.
තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම්
සියල්ලම තමා යටතේ පාලනයකිරීමට කැමතිය.
මධ්යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

ඔබ උපන්නේ මාසයේ 8වන දින නම්,
ඔබ ව්යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි.
පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම
දෙයක අගය තක්සේරුකිරීමට පෙළඹෙන
ස්වභාවයක් ඇත. තමන්ගේම ව්යාපාරයක් ආරම්භ
කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය
හැකිය.කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි
විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ
ඉතා සකසුරුවම් අයෙකි.සාමාන්යයෙන් ඔබ
කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන
කාලය ප්රයෝජනවත් දෙයක් සදහා වැය
කිරීමටඔබ පෙළඹේ. ද්රව්යමය අතින් ඉතා ඉහල
දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

මාසයේ 9 වන දින උපත ලැබූ ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව
හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ,
නිර්ලෝභී අයෙකු නිසාපහසුවෙන් අනෙකුන්
හා කටයුතු කල හැකිය.
අන්යයන්ගේ අවශ්යතා හා අදහස් වලට සංවේදී
අයකු වන ඔබ ඉතාකරුණාවන්තය.

ඕනෑම මාසයක 10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති
ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක
කර ගත හැකිය. ඔබසංවේදී අයෙකි. නමුත් ඔබ
ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප
අවස්ථාවකදීම ඔබට නායකත්වයට
පත්වීමේ අවස්ථාවඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු
ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන
නිසා ඔබ අන්යයන් සමගඉතා හොදින් වැඩ කටයුතු
කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ
ආධ්යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ
පරීක්ෂාකාරී,සංවේදී, මනෝධීන අයකු ලෙසද
හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන
අතර ව්යාපාර වැඩකටයුතුසිදුකිරීමේදී විවිධ ගැටළු
වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම
නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය
ඔබේදියුණුව සදහා යොදා ගත හැකිය.

මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට
ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන්
මුලාවීමේ ප්රවනතාවක්ඇති අයකු ලෙසද පැවසිය
හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය.
ලිවීම, කියවීම, හා ගායනය ආදීක්ෂේත්රවලට
විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්යයන්
සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ.
ඉතාතියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත්
ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර
ප්රශ්න පිළිබදව ආකූලතාඇති කර ගැනීමට
පෙළඹේ. ප්රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින්
යුක්ත ඔබ ප්රේමණීය, හිතෛෂි අයෙකි.
නමුත්ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද
වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි.
එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට
ලක්වේ. වගකීම්සහගතව කටයුතු කරන ඔබ විනීත
අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී
වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදියයි සිතා සිදු
කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය
හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 14 වන දින
නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර
ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ
බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය.
අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම
ක්රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව
ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට
හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි.
ක්රම ක්රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට
පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ
ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර
විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත.
අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල
අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල
වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට
අපහසු වේ.

ඔබ උපන්නේ 15 වන දින නම්,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග
ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත්
දෙමව්පියෙක් හෝගුරුවරයෙක් වීමට ඔබට හැකියාව
ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ
අයෙකි. අන්යයන් අතර එකමුතුකමපවත්වාගැනීමට
ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය,
අධ්යයනය හා ගවේශනය කිරීම තුලින් යමක්
ඉගෙනගැනීමට ඔබ යොමු වේ.
කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල
හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ.
නමුත්සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු
චරිතයකි.

16 වන දින උපත ලැබූ ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්යයෙන්
තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි,
ස්ථීර, පහසුවෙන්නොනැමෙන ආකාරයේ හිතක්
ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි.
ඔබේ විවේකයෙන් බොහෝකාලයක් ඔබ
වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර
අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන
ඔබදැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය.
මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන
යාම ඔබට අපහසුය. නමුත්බාහිර පුද්ගලයන් හට
පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද
සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු
ලෙසය.තාක්ෂණික අංශය, විද්යාත්මක විෂයයන්,
ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්රියකරන
අංශයන් වේ. ඔබ ඉතාහැගීම්බර අයෙකි. නමුත් ඒ
බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු
කරන්නේ නැත. මේ නිසා ආදරය
ප්රකාශකිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම්
දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

ඕනෑම මාසයක 17 වන දිනයේ උපන් ඔබ,
මූල්යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17
යනු ව්යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි.
ඔබසාමාන්යයෙන් අවංක, ගුණගරුක අයෙකි.
වාණිජමය ව්යාපාරවලදී සාර්ථකව වාසි
ලැබීමට ‍මෙම දිනයේ උපන් අයටහැකියාව ඇත.
අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම
කලමනාකරුවෙකි. විශාල ව්යාපෘති පවා පාලනය
කල හැකිය.බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ
කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත්
අපරික්ෂාකාරී වීම නිසා ආදරකටයුතු
සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය.

මාසයේ 18 වන දින උපත ලැබූ ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත්
සමහරුන්ගේ අවශ්යතාවයන් මත තනිව වැඩ
කිරීමට පවා ඉදිරිපත් වේ.මානවවාදී, පරාර්ථකාමී
අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන්
දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබසාධාරණ,
ත්යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ
ඔබගේ හැගීම් ප්රදර්ශනය කරන අයකු වූවත්
සමහර විටඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

ඔබ ඉපදුනේ මාසයේ 19 වන දින නම්,
ඔබ මධ්යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම්
ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ.
පුළුල් දැක්මක් ඇත.සංවේදීය. නමුත් හැගීම්
සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ
ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී
පෙනෙනඅයෙකි. අවවාද පිළිගැනීමට තරමක
මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට
ඔබ ප්රිය කරයි. අසීරු අවස්ථාවලටද මුහුණදීමට
සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම්
වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයටපත්වන
ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දිනයේ උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින්
පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර
ගැනීමට සමත්වේ. පහසුවෙන්උණුවන හිතක් සහිත
ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය
කිරීම සදහා බලාපොරොත්තු
වන්නේතමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට
හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර
විටෙක අධෛර්ය්යට පත් වීම හානොසන්සුන් වීම
ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල
මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක.
ජීවිතයේ කිහිපවිටකම මෙවැනි බිදවැටීම් දක්නට
ලැබේ.

ඔබ 21 වන දින උපන්නේ නම්,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම්
වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය.
පහසුවෙන් රැවටිය හැකිඅයකුද වේ. යහපත්
සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම,
ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී
අයෙකි.ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු
වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම
ප්රායෝගිකය. නමුත් බාහිරප්රශ්න
නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ
ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදරණීය අයෙකි.
නමුත් ඉතාසංවේදීය. ජීවිතය පුරා කිහිප විටක්
සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ
කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි.
භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම
ඉටු කිරීමට ඔබ සමත්ය.කිරීමට අපහසු දීර්ඝකාලීන
වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු
අයෙකු ලෙස සැලකේ. ඔබ
ඉතා හොදසංවිධායකයෙකි. චිත ඇදීම සදහාද
රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු
වූවත් ඔබ ඉක්මනින් කලබලයටපත් වීමට ඉඩ ඇත.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින
නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර
ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ
බොහෝ දේවල් කිරීමේදක්ෂකමක් ඔබ සතුය.
අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම
ක්රමානුකූල හොද සංවිධායකයෙකි.ඒකාකාරීව
ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට
හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි.
ක්රම ක්රමයෙන්දියුණුවන, ඕනෑම දෙයකට
පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ
ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වනඅතර
විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත.
අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල
අයෙකි. නැවනනැවතත් එකම දෙයකට කලබල
වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම්
ඔබට අපහසුතා ඇති වේවි.
ඔබබොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති
කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන්
සගයෙකි.

24 වන දා උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්යයන්ට උදව් කිරීම
ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත්
ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරීඅවස්ථාවලදී
මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම
පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ.
ඔබපරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ
නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර,
සංවේදී අයෙකි.ආදරය කිරීමේදී හෝ ලැබීමේදී
ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස
සලකයි.

ඔබ උපන්නේ මාසයේ 25වන දින නම්,
තාක්ෂණය, විද්යාව හෝ සංකීර්ණ විෂයයන්
සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ
සර්වසුභවාදී,සම්ප්රදානුකූලව වැඩ කරන අයකු
ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව,
වගකීම් සහගතව සිතීම ඔබ සතුවිශේෂ
ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු
නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ
ඉතා රහසිගතචරිතයකි. සමහර විට දැඩි
මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර
සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති
නිහඩචරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ
ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු
ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි.
ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන්
වැඩිදියුණු කරගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ
කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන්
සිටියි. ඔබ මුදල් භාවිතයේදීකාර්යක්ෂම අයෙකි.
ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ
සාමාන්යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන්
හැඩගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි
කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි
ප්රායෝගික මෙන්ම තාත්විකඒවාය. ද්රව්යමය
අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග
සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට
උපතින්ම පිහිටා ඇත. නමුත්ඔබේ විවේකයෙන්
බොහෝ කාලයක් කල්පනා කිරීම
සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ
සාධාරණ, ත්යාගශීලී,සහයෝගයෙන් වැඩ කිරීමට
කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති
කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම
නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට
ඔබ ගන්නා තීරණනිවැරදිය. පටන්ගත් සියළු
දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත්
ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත්
ඔබඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ
අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්රවනතාවක්
ඇත.

ඔබ උපන්නේ 29වන දින නම්,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ.
නිර්මාණශීලීය. නමුත් ව්යාපාර කටයුතු වලට
අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදීඅයකු වේ. නමුත්
විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල
වන අයෙකි. සමහර විටෙක අකාර්යක්ෂම අයෙකු
දවේ.

ඔබ ඉපදුනේ 30 වැනිදා නම්,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය
කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන
ඔබ ලේඛණය සදහාවිශේෂ දක්ෂතාවක් දක්වයි.
නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු
හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබටසාර්ථක
ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්යය
ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම
සාධාරණපැත්ත ගැනීමට යොමුවේ.

ඔබ උපන්නේ මාසයේ 31 වැනිදා ද?
හොද කලමනාකරන හා සංවිධානාත්මක
හැකියාවක් ඔබ සතුවේ. ව්යාපාර කටයුතු
සම්බන්ධයෙන් ඉහල දියුණුවක්ලැබිය හැකිය. දැඩි
කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක්
නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව
ඇත.ප්රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර
විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද
සැලකිය හැකිය. සමහරවිටෙක සංවේදීය. නමුත්
තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ.
බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන
නමුත්සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන
කරගැනීමට යොමුවේ. ප්රායෝගිකව සිතා යමක්
සිදු කරන අයෙකි. සංචාරයටකැමති ඔබ තනිවී
ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට
යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන
නිසා දියුණුවටපත් විය හැකිය.