Translate

Monday, August 19, 2013

බූට් එකක් කාපු කොල්ලෙක්ගේ කතාව...

කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇතිවන ආදරය යනු අත්දැකීම් බහුල හරි සුන්දර දෙයක් වන වග මා ඔබට අමුතුවෙන් ඉගැන්විය යුතු නොවේ.මේ ආදරය කරන ගැහැණු පිරිමි දෙපාර්ශවය ගැනම අපි දැන් ටිකක් අවධානය යොමු කරමු.සමාජ සම්මතය අනුව ගැහැණිය යනු බොහෝ ලාමක සියුමැලි ගතිපැවතුම් ඇති චරිතයකි.පිරිමියා යනු බොහෝ ඝර්ෂණයන්ට ලක්ව දැඩිබව පෙරටුගාමී කරගත් චරිතයකි.කෙටියෙන් කිවතොත් රළු චරිතයකි.කෙසේ නමුදු මේ දෙපාර්ශවයම එකිනෙකාට ආදරය කරති.නමුත් පිරිමියා සිතන්නේ මාගේ දැඩි බවෙන් මාගේ පෙම්වතියට දුක් විදින්න වෙයි.එයාගේ හිත රිදෙයි.ඒ නිසා මා මේ ගති පැවතුම් අත්හැරිය යුතුය යන මතයේ සිටියි.කානතාව යනු හරි ගුප්ත චරිතයකි.ඇය නිතරම ලෝකයට පෙන්වන මුහුණට වඩා හාතපසින් වෙනස් ගති පැවතුම් දරයි.

නමුත් එය බොහෝවිට පිරිමියා විසින් තේරුම් නොගනී.අද සමාජයේ ආදරය කරන යුවළක් උදාහරණයකට ගමු.පිරිමියා අතින් යම් වරදක් සිදුවුවහොත් කාන්තාව ඇයගේ සිතේ එය තදින් බැදගනී.නමුත් පිරිමියා ඇගේ වැරදි අමතක කර දමකෙසේ හො කාලයත් සමග මෙම සම්බන්ධය දෙදරා යයි.එසේ වීමට හේතුව,ඔහුගේ අතින් සිදු වූ සුළු වරද විය හැකිය.සත්තකින්ම ඔබේ පෙම්වතිය ඔබ සිතන ආකාරයේ සියුමැලි චරිතයක් නොවන්නට පුළුවන.

ඇය ඔබට වඩා බොහෝ සෙයින් ප්රබල චිත්ත ශක්තියක් තබාගෙන සිටියි.කාන්තාවක් යනු හරියට සීතල ගිනි කන්දක් බදුය.අද ඔබට තුරුළු වුණ පෙම්වතිය හෙට තවත් අයෙකු හා යා හැකිය.සත්ය නම් මෙයයි.නමුත් මෙය ඔබට නොවැටහෙන්නේ ඔබ ඇයට මුළු හදින්ම ආදරය කරන බැවිනි.සමාච සම්මතයේ වාසිය අතට ගත් ගැහැණිය සියුම් උපක්රම තුළින් තද ආදරය රවටා ආශාවන් ඉෂ්ට කර ගැනීමට පව පින නොබලයි. කොල්ලනේ,ඔබ ඔබේ සිතින්ම අසා බලන්න.ඔබ ලෝකයාට පෙන්වන තරම් තද සිතක් ඔබට තිබෙනවාද කියලා නැහැ,කවදාවත්ම නැහැ ඔබ අප අහිංසකයි.අප නරක අතට හැරෙන්නෙ කාන්තාවකගෙන් සිදුවන යම්කිසි දෙයක් නිසා නොවේද? හිතා බලන්න මදකට...

බුරන බල්ලා සපා නොකයි.මෙහි තේරුම එනම් සැගවුණ අරුත වන්නේ නොබුරන බල්ලා සපා කන බවයි.ඉතිං ඔබම සිතලා බලන්න බුරන්නෙ කවුද? නොබුරන්නේ කවුද කියලා... ඔබ කොල්ලෙක් නම් එකක් මතක තබාගන්න,ඔබව ඔබේ පෙම්වතිය රැවටූ විට ඇතිවන සිත් වේදනාවට,කිසිම කෙල්ලෙක්ගේ අනුකම්පාවක් නම් නොලැබෙණු ඇත.ඔබේ දුක තේරුම් ගන්නේ ඔබට පිහිට වන්නෙ තවත් එක් කෙල්ලෙක්ම බව මතක තබා ගන්න. ආදරය කරන්න යාළුවනේ මම ආදරය කරන්න එපා කියනවා නෙමෙයි.ඔබ තනිවුණ දිනක ඔබට ඔබ විතරඔබට ආදරය කරපු පෙම්වතියට ඔබව මතකවත් නැතුව ඇති.එයයි කෙල්ලෙකුගේ ස්වාභාවය.ඔබ ආදරය කරනවා නම් ඔබ,ඔබ කෙරෙහි පමණක් විශ්වාසය තබාගන්න.නැතිනම් ඔබේ විනාශය ඔබටත් රහසින් සිදුවෙනු ඇත.

අද කාන්තා හිංසනය ගැන මහ ලොකුවට කතා කරයි.ඔවුන් හිංසනයට ලක්වන්නේ රහසින් කල වැරදි නිසා නොවේද?කොල්ලේක විදින වේදනාවට,හඩ නගන්න සංගම් නැත.දුක් විදින්නේ ඔබමයි.එයට හඩ නගන්න කවුරුත් නැත.චුල්ලපදුම රජුගේ කතාව ඉතිහාසයේ මේ සදහා දරන එක් සාක්ෂියකි.ඔබා අසරණ වු විට ඔබේ පෙම්වතිය පිහිටට පැමිණෙයිද? කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා වැනිය.ඔබේ අපේ දුර්වල සිතයි මෙයට හේතුව...ආදරයෙදි ඔබේ විශ්වාසය නොපුදන්න.එසේ වුවහොත් ඔබ සැමදා සතුටෙන් සිටියි.නමුත් එය ඇයට හංගන්න.කවදාවත් ආදරයක් වෙනුවෙන් මිතුරන් අත්හරින් එපා.මේ ලිපියේ අරමුණ සියුමැලි ළදුන්ගේ තරම කියා පෑමය.මා මේ පැවසු දේවල් සියළු තරුණියන්ට අදාළ නොවන අතර බහුතරයකට එය වලංගු වේ ඔබත් මා කියන දේ ටිකක් හිතන්න...

උපුටා ගැනීම සිරසි බ්ලොග් අඩවියෙන්.

Thursday, August 15, 2013

කන්යාබාවය. (Only for boys)

තම විවාහය සඳහා සූදානම්ව සිටි තරුණයෙක් තම හිතවත් දොස්තර කෙනෙක් හමුවී මෙසේ ඇසීය,

“දොස්තර මහත්තයෝ, අද කාලයේ කැඩිච්ච කන්යා පටල රෙපයාර කරන්න පුලුවන්ලුනෙ ඉතින් මම කොහොමද දැනගන්නෙ බඳින එකී නොඉඳුල්ද කියලා??”

“හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් 3ක් තියෙනවා… නිල් තීන්ත් බෝතලයක්, රතු තීන්ත බෝතලයක් හා ශවලක්”

දොස්තර පැවසීය.
‍ඒය අසා පුදුමයට පත්වූ තරුණයා මෙසේ ඇසිය,

“මොකක්??, මම මේවයින් මොනව කරන්න්ද??”
පිළිතුරු වශයෙන් දොස්තර මෙසේ පැවසීය,

“මධුසමයට කලින්, ඔහේගෙ ඇ* දෙකෙන් එකක් රතුවටත් අනික නිවලිනුත් පාටකරගන්න. ඕක දැක්කම ගෑනි මෙහෙම කිව්වොත්”

“මේක තමයි මම දැකපු වෙනස්ම ඇ* දෙක!!”
අනික් පැත්තට ශවල අරන් ඔළුවටම දෙන්න!!!

Monday, August 12, 2013

අනේ අම්මෙ මටත් දෙන්න...

වර්තමනය වන විට ගබ්සව ඉත පොඩි දෙයක් ලෙස සමහරු පිලි ගනිති. ජිවිතයක් විනස කිරීම සුලු දෙයක්ද? කලලයක් වුවත් එයටත් ජිවිය පවතී. අපේ පිටුවෙන් ආදරේ ගැන කතා කලත් ලස්සන කවියකුයි අපි පොඩ්ඩක් හිතන්න ඔනි කරුනක් හින්දයි මට මේක දාන්න හිතුන. උපුටා ගත්තෙ "සිරසි" බ්ලොග් අඩවියෙන්.

ගබ්සාව දෙස එක්තරා කවියෙකු දුටු සානුකම්පිත
දෘෂ්ටියක උපුටා ගැනීමක් මෙලෙස දැක්විය හැකිය.
කුසතුළ සිටින දරුවා තමා ගබ්සාවට ලක්වන්නට
නියමිත කෙනෙක් බව දැනගෙන ඔහුගේ අහිංසක
ආයාචනය මෙම පැදි පෙළෙහි වස්තුබීජය බවට පත්වී තිබේ.

අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..

ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා..
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා..

ඔයා අඩන විට හිමිහිට..
මටත් ඇඩෙනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද..
ආසයි මට බලා ගන්න..

කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ...
තාත්තානේ... මට සිතුනා...

දොස්තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්ද?''...
අනේ අම්මෙ තව සිතන්න...
තාත්තාට කියලා දෙන්න...

කල පින් මගේ මදි හින්දද....
මට ඔය ලෝකය දකින්න....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....

කල පින් මගේ ඇති වේවා....
මම ලෝකේට බිහි වේවා....
ඔය දෙන්නම බුදු වේවා....
මගේ ලෝකය මගේ වේවා....

Sunday, August 11, 2013

facebook නිසා මරුවා වැළදගත් 'අමන්දා ටොඩ්'

කැනේඩියානු ජාතික අමන්දා ටොඩ්ගේ මරණය සිදුවූ ආකාරය...

මීට  වසරකට පමණ ඉහතදී 'මලාලා යුසෆ්සායි'ට සිදුවූ  පුවත කියවන්න ඇති කියලා විශ්වාස කරනවා. මලලාට නම් ජීවත්වෙන්න වාසනාව තිබුණා. ඒත් අවාසනාවට 'අමන්දා ටොඩ්' හට ඒ වාසනාව තිබුණේ නම් නැහැ. මලාලා වගේ අමන්දා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි තැනැත්තියක් නම් නෙමෙයි. (මලාලාගේ කතාව
මෙතනින් කියවන්න) අමන්දා ටොඩ් කැනේඩියානු
ජාතික 15 හැවිරිදි දැරියකි. ඇය ජීවිතය අළුතින් පටන් ගත්තා පමණි. ඇයට අකාලයේ සියදිවි නසා ගැනීමට තරම් වූ බරපතල හේතුසාධකය කුමක්ද?

මෙයට බලපෑවේ ෆේස්බුක්ය. අමන්දා ෆේස්බුක් පරිහරණය කරන තැනැත්තියක් බවට පත්වූයේ වයස අවුරුදු 12 දී පමණය. එහිදී ඇය විවිධ පුද්ගලයන් හදුනාගෙන ඔවුන් හා සංවාදයේ යෙදීමටද පෙළඹුණාය. එසේ සංවාදයේ යෙදුණු පුද්ගලයෙකු හා පෙමින් බැදුණු අමන්දා නිතර නිතර ඔහු සමග අන්තර්ජාලය හරහා කතාබස් කරන්නට පටන් ගත්තාය. මෙසේ සංවාදයේ යෙදී සිටින අතරතුර දිනක් අමන්දා හට පෙරකී පුද්ගලයාගෙන් වෙනස්වූ ඉල්ලීමක් ලැබුණි. ඒ වනවිට ඔවුන් සංවාදයේ නිරතවී සිටියේ වීඩියෝ චැට් ක්රමය මගිනි. එම පුද්ගලයාගේ ඉල්ලීම වූයේ අමන්දා හට එම අවස්ථාවේදී සිය උඩුකය නිරාවරණය කර පෙන්වන ලෙසයි. ජීවිතය පටන්ගත් පමණින් ඒගැන හරිහැටි අවබෝධයක් නොතිබූ අමන්දා වැඩි පැකිලීමකින් තොරවම සිය උඩුකය නිරාවරණය කර එම පුද්ගලයාට පෙන්වීය. ඒ අවස්ථාවේදීම එම
පුද්ගලයා ක්රියාත්මකවී screen shot කිහිපයක්
ගැනීමට තරම් නරුමයෙකු විය. පසුව ඔහුගේ ඉල්ලීම වූයේ ඇයගේ අනිකුත් රහස් තැන්ද තමාට පෙන්වන ලෙසයි. එහෙත් අමන්දා එයට අකමැති විය. මේ පුද්ගලයා දිගින් දිගටම එම ඉල්ලීම කළද
අමන්දා එයට කැමති වූයේ නැත. අවසානයේදී
සිදුවූයේ අමන්දාගේ උඩුකය නිරුවත් ඡායාරූප
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බොහෝ තැන්වලට
හුවමාරු වීමයි.

මෙම සිදුවීම නිසා තම ප්රදේශයේ අසල්වැසියන්ට
හා පාසලේ මිතුරු මිතුරියන්ට මුහුණදීමට නොහැකි වූ අමන්දා හා පවුලේ උදවිය තම නිවෙස් මාරුකර
වෙනත් ප්රදේශයක පදිංචියට ගියේය. එලෙස පදිංචිය මාරුකළද ඇගේ ඡායාරූප ලොවපුරා ප්රචලිතවී හමාරය. ඇය විටින් විට පාසල් මාරු කළාය. දැඩි මානසික පීඩාවෙන් මිදීදට ඇය මත්ද්රව්ය පාවිච්චි කළාය. සිරුර කපා ගත්තාය. වස බිව්වාය. ඇගේ මේ කිසිම ක්රියාමාර්ගයකින් ඇයගේ ඡායාරූප ගත් පුද්ගලයාට අනුකම්පා සිතුණේ නැත. ඇයට දිගින් දිගටම තර්ජනය කළේය. නිරතුරුව පාසල් මාරුකළ ඈ හට කිසිදු මිතුරු මිතුරියක් නොවීය. එක් පුද්ගලයෙක් පමණක් ඇයට පෙම්වතෙකු ලෙස ළංවුවද ඒ ඇයගෙන් අයුතු ප්රයෝජන ලබා ගැනීමටය. එහිදී එම
පුද්ගලයාගේ සැබෑ පෙම්වතිය හා ඇගේ යෙහෙළියන් විසින් අමන්දාට දරුණු ලෙස පහරදී කාණුවකට ඇදදැමීය. මෙයින් දැඩිලෙස කම්පාවට පත්වූ අමන්දා වස පානය කළාය. එහෙත් ඉක්මනින්
ක්රියාත්මක වූ බලධාරීන් ඇයව රොහලකට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව සුවකරගත හැකි විය.

ඇය මීළගට කරනු ලැබුවේ තමන්ට වින කරන ලද
අන්තර්ජාලයම තම උදව්වට යොදා ගැනීමය. එනම්
තමාට සිදුවූ කරදරය පුංචි කඩදාසි මිටියක සටහන් කර එය පිළිවෙලින් සකස්කොට එකින් එක පෙන්වන ආකාරය වීඩියෝගත කිරීමයි. ඇය මෙය සිදුකරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. "......මගේ තවත් ඉතිරිවෙලා තියෙන්නේ මොනවද? කිසිදෙයක් නවතින්නෙ නෑ. මට කව්රුත් නෑ. මට කව්රුහරි ඕන....මගේ නම අමන්දා ටොඩ්" යනුවෙන් ඇගේ වීඩියෝවේ අවසාන කඩදාසි කිහිපයේ සදහන් විය. (යූටියුබ් හරහා ප්රචාරයවූ එම වීඩියෝව බැලීම සදහා ලින්ක් එකක් ලිපිය අවසානයේ ඇත) ඇය ඉදිරිපත් කළ වීඩියෝවෙන් ප්රයෝජනයක් වූයේ නැත. එය එතරම් පිරිසක් තැකු බව නොපෙණින. ඇය එයින් පසුවද පාසල් මාරුකළත් මිතුරුන්ගෙන් එල්ලවූ කෙනෙහිළිකම්වලින් අඩුවක් නොවීය. වීඩියෝව ප්රදර්ශනය වී මාසයකට පමණ පසු අමන්දා ටොඩ් සියදිවි නසාගත්තාය. ලෝකයට හරිහැටි කරුණු අවබෝධ වූයේ මෙම සියදිවි නසා ගැනීම තුළිනි.
අමන්දාගේ මරණයෙන් පසුව ඇගේ මව මාධ්යට
පවසා තිබුණේ අනාගතයේදී මෙවැනි ඛේදවාචකයන් වැළැක්වීම සදහා සිය දියණියගේ වීඩියෝව උපකාරීවනු ඇති බවයි. අමන්දාගේ පියා පවසන්නේ ඇය ඉතා ධෛර්යයෙන් යුතුව වීඩියෝව සැකසීම ගැන තමන් සතුටුවන බවත්,.එය සකසා අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීම සම්බන්ධව
තමන් දැනුවත් කළ බවයි. එමෙන්ම ඇයට දිවිනසා ගැනීමට උවමනාවක් නොතිබූ බවත් ධෛර්යයෙන් මෙයට මුහුණ දීමට අවශ්යතාවයක් පැවති බවත් ඔහු තවදුරටත් පවසා සිටියි. කෙසේ වුවද
දැන් අමන්දා ටොඩ් තම ජීවිතය හැරදා ගොස්ය.
ඇයට මෙම සිදුවීම සිදුවී වසර තුනකට ආසන්න
කාලයක් විදදරාගෙන සිටීම මහත්වූ ධෛර්ය සම්පන්න ක්රියාවකි.

කුඩාකලදී දරුවන් හට පරිගණකය භාවිතයට ලබාදීමේදී සීමා සහිතව එය ලබාදිය යුතුය.
නිරුවත එතරම් ගැටළුවක් නොවූ බටහිර
සමාජයේ පවා මෙවන් සිද්ධීන් ගර්හාවට
ලක්වන්නේ නම් ශ්රී ලංකාව වැනි පෙරදිග රටවලට කවර නම් කතාද? ඒ නිසා අපගේ පැතුම
වන්නේ අමන්දා ඩොට්ට සිදුවූ ආකාරයේ විපතක්
කිසිදු කෙනෙකුට අත්නොවන ලෙසයි.

උපුටා ගැනීම සිරසි බ්ලොග් අඩවියෙන්.

අමන්දා ටොඩ් ඉදිරිපත් කළ යූටියුබ් වීඩියෝව
මෙතනින් බලන්න.

www.youtube.com/watch?v=ej7afkypUsc&desktop_uri=%2Fwatch%3Fv%3Dej7afkypUsc

Friday, August 9, 2013

ආදරය දිනාගන්නේ කෙසේද..?

තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගු කාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක් පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්වී
තිබෙනවාද?  පෙම්වතිය පෙම්වතාගේ ආදරය දිනාගන්නට සමත්වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ හෝ ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ හෝ ඔහුගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක් ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස් වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක් ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස් වේ.

ආදරය යන්න මිනිසෙක් තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය, කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනාගත යුතුයි. මෙය එක හා සමාන වූ පමණින් උතුම් ආදරයක් ඇති වේ. ආදරය සදාකල්හිම පැවතෙන සංසාරික බැඳීමකි. මෙකී නොසංසිඳෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යන්නට ඇයගේ හෝ ඔහුගේ ආදරය දිනා ගැනීම වැදගත්.

පෙම්වතිය හැමවිටම හැඟීම්වලට ඉඩදෙයි.

පෙම්වතා ලෙස ඔබට ඔබේ පෙම්වතියගේ හැඟීම්
තේරුම්ගත හැකි නම් ජීවිත කාලය පුරාවටම ඇය සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. හැමවිටම කාන්තාවක් තම සිතේ ඇතිවන ආදරය, සෙනෙහස, දුක, මෛත්රිය, කෝපය, කුතුහලය, සැකය, බය පිළිබඳ කතා කරයි. සිතනු ලබයි. නමුත් පිරිමියා මීට ප්රතිවිරුද්ධව සිතුවහොත්
ඔහු හා ඇය අතර සබඳතාව පවත්වාගෙන යැමට
නොහැකි වෙයි. පෙම්වතිය සමග කතා කරන විට තේරුම් ගත යුතු පළමු දෙය වන්නේ ඇය හැඟීම්වලට කතා කරන බවත්, මා හැම විටම ඇයගේ හැඟීම් අසා සිටිය යුතු බවත්ය. ඇය ආදරය ගැන කතා කළත් දුක ගැන කතා කළත් පිරිමි ඔබ එය අසා සිටිය යුතුය. සාමාන්යයෙන් ඔබේ පෙම්වතිය වැඩිපුර කතා කරන්නේ දුක, කනස්සල්ල, පාළුව, තනිකම, හුදෙකලාව, වේදනාව, කලකිරීම් ආදී කරුණු පිළිබඳවය.
මේ ඇය තුළ ඇති වන හැඟීම්ය. ඇය මුදල් උපයන ක්රම පිළිබඳව, දේශපාලනය, ආර්ථික ප්රශ්න පිළිබඳ වැඩිපුර කතා නොකරන අතර වැඩිපුර කතා කරන්නේ ඉහත කාරණා ගැනය. ඒ නිසා ඇයගේ ආදරය දිනා ගන්නට නම් ඔබ පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් දිය යුතුය. ප්රේම සබඳතා බොහොමයක් අතරමඟදී බිඳ වැටෙන්නේ පෙම්වතා හැමවිටම පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් නොදීම නිසයි.

ආදරය ගැන කතා කිරීමට, රස විඳීමට, වින්දනය
ලබන්නට වැඩි කැමැත්තක් දක්වයි. ඔබේ සිත දිනාගත් තරුණිය සමග ආදරය ගැන කතා කරන්නට හැකිනම් ඇයගේ සිත දිනාගැනීමට හැකිවේ. සාමාන්ය ස්වභාවය වන්නේ තරුණයා තරුණියකගේ, ආදරය දිනාගත් පසු ඒ ගැන කතා කිරීම අත්හැර දමයි. නමුත් තරුණියට මියයන මොහොත දක්වාම ආදරය ගැන කතා කිරීම අවශ්ය වේ. ආදරය කාන්තාවන්ගේ ශක්තිය වර්ධනය කරන සාධකයකි. ඒ නිසා මේ වචනයෙන් එන හැඟීම හැම විටම දැනෙන දෙයක් බවට පත්විය යුතුය. ආදරය ප්රකාශ කිරීම, කතා කිරීම, දැනෙන්ට සැලැස්වීම තුළින් පහසුවෙන්ම පෙම්වතියගේ ආදරය දිනාගැනීමට හැකි වේ.

පෙම්වතිය පුංචි පුංචි දේ ගැන කැමැත්තක් දක්වයි.

පෙම්වතියගේ උපන්දිනයට ඇයට ලැබෙන තෑගි අතරින් ඇය වඩාත් සතුටට පත්වන්නේ පෙම්වතා ආදරයෙන් ලබාදෙන උණුසුම් හාද්දකින් විය හැකියි. නමුත් පෙම්වතා ලෙස ඔබ සිතන්නේ තම පෙම්වතිය වෙනුවෙන් මහා ලොකු දෙයක් කළ යුතු බවත් එවිට ඇය මහා ඉහළින් සතුටු වන බවයි. තරුණියන් සතුටු වන්නේ කුඩා, කුඩා දේවල්වලින් බව තරුණයන් දැනගත යුතුය. උදාහරණයක් ලෙස තමන්ගේ පෙම්වතිය මුණගැසුණු දිනය මතක තබාගෙන ඇයට රෝස මලකින් තෑගි කරන්නට හැකිනම් එය විශාල දෙයක් ලෙසින් තරුණිය සලකයි. පෙම්වතිය මුලින් හමුවූ දිනය, පෙම්වතියගේ උපන් දිනය ආදිය පිළිබඳව මතක තිබේ නම් ඇය බොහෝ සතුටට පත්වේ. නමුත් මෙවැනි කුඩා දේවල් අමතක කිරීම විශාල ගැටලු ඇති කරන්නට හේතු වේ.

පෙම්වතිය හැමවිටම උණුසුම අපේක්ෂා කරයි.

කාන්තාවන් හැමවිටම ප්රතිවිරුද්ධ ලිංගිකයකුගේ උණුසුමට ආසා කරයි. තමන් ආදරය කරන තරුණියට උපරිම ආකාරයෙන් උණුසුම ලබා දෙන්නට හැකිනම් ඇයට උපරිම ආකාරයෙන් උණුසුම ලබාදිය යුතුය. උණුසුම අඩු වීගෙන යද්දී ඇයට මගේ පෙම්වතා ඈත්වන බවක් දැනෙන්නට ගනී. නමුත් ප්රායෝගික ලෝකයේ ඔවුන් ඈත් වී නොමැත. ඔබ දෙදෙනා තුළ පෙර පරිදිම ආදරය පවතී. කාන්තාවගේ ස්වරූපය වන්නේ පිරිමියාගේ උණුසුම විඳිමින් ඔහුගේ තුරුලෙහිම රැඳී සිටීමයි. ඇයට ඔබ ළඟ රැඳෙමින් උණුසුම විඳින්න ඉඩ ලබාදෙන්න. එවිට ඇය ඔබව හැර නොයයි.

පෙම්වතිය සිතන දේ සහ කියන දේ අතර වෙනසක් පවතී.

ඔබේ පෙම්වතිය සිතන්නේ එකකි. කියන්නේ තව
එකකි. උදාහරණයක් ලෙස පෙම්වතා තම පෙම්වතියට මුහුදු වෙරළට යැමට කතා කළ විට ඇය "හ්ම්" යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඉන් අදහස් වන්නේ ඇය ඊට අකැමැති අතර පෙම්වතා අමනාප වේ යෑයි සිතා එයට කැමැත්ත දුන් බවයි. මේ ආකාරයට ඔබ පෙම්වතිය අකමැතිම දේ කිහිප සැරයක් පැවසූ විට තත්ත්වය කෙසේ වේවිද? එවිට තරුණියගේ සිත තුළ මෙම අකැමැතිම දේ කරනවා යන සිතුවිල්ල ඇති වේ. ඇයට මුහුදු වෙරළට යන්න කතා කළ විට ඇයගේ පිළිතුර "හ්ම්" වුවහොත් ඔබ කළ යුත්තේ ඇය සමග නොයා සිටීම නොවේ. ඔබ ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමයි. චිත්රපටයක් බලන්න යමුද, ලන්ච් අවුට් එකට යමුද ආදී වශයෙන් වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමය. එවිට ඇය ඇයගේ අදහස් ප්රකාශ කරයි. තරුණියන්ගේ හිනාවීමද එබඳුය. ඒ තුළත් අර්ථ කිහිපයක් ගැබ්වී ඇත. ඇය තනි වචන භාවිත කරයි (තනියි, පාළුයි, දුකයි) නම් ඉන් අදහස් වන්නේ තම පෙම්වතාගේ උණුසුම අපේක්ෂා කරන බවයි. හැමවිටම පෙම්වතිය කියන දේට වඩා වෙනස් අපේක්ෂාවන්, හැඟීම් ඇයගේ සිත තුළ තිබේ. ආදරයේ දී පෙම්වතා ලෙස ඔබ හැමවිටම පෙම්වතියගේ හැඟීම් වටහා ගන්න.

Monday, August 5, 2013

කෙල්ලෙක් සෙට් කර ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි .

අපි කැමතියි ආදරෙන් ජයගන්න. අදරේ කියන එක ජීවිත කාලෙම තියා ගන්න. එයත් එක්ක හැමදාම ජීවත් වෙන්න. ඉතින් මම හිතුව අපේ කොල්ලොන්ගෙ පැත්තෙන්.ඒවට වෙන්න ඕනි යුතුකම් ටික මතක් කරල දෙන්න. හරි අපි සරලව පටන් ගමූ. ඔබට ආදරේ වැදගත් නේද .? ඉතින් කම්මැලි නොවී කියවන්න.

1.කෙල්ල ඇත්තටම කැමතියි ඔබ එයාගේ දෙමවුපියන්ට ආදරේ කරනවට.

ගොඩක් කෙල්ලො කියන්නේ අනේ ඒ ගොල්ලො ඕනි නෑ ඒ දෙන්නත් එක්ක මුකුත් බෑ අපි හරියට සත්තු වගේ සලකන්නේ. ඔහොම කිවුවට පුතේ කවදාවත් උඹ නන් ඒ අම්මටයි තාත්තටයි බනින්න යන්න එපා එයා බනින්නේ එයාගෙ අම්මටනේ කියන්න. ඉතින් ඒ වෙලාවට " එහෙම කියන්න එපා රත්තරන් ඒ අපේ අම්මනේ එයා අපි දෙන්නගේ ආදරේට කැම්ති වෙයි " හරි මොකක හරි අප්රබංසයක් කියන්න. හැබැයි බනින්න නන් එපා පුතෝ එවෙලෙට සද්ද නැතුව ඉදියි පස්සෙ ඕව එලියට අදියි නටු දෙහි වෙන්න.

2.ඔබගේ GF ට නමක් තියා ගන්න

කස්ටිය බලයි මොකකද මේ අප්රබන්සේ කියලා. මේකනේ කොල්ලෝ යාලු උනාම එක එක නම් ගම් වලින් කතා කරනවා "සුදූ,වස්තුව,පැටියා,පැට්ට,මගෙ පැන්චි, බෝනික්කී,රත්තරන්," ඔහොම රත්තරන් කියල පස්සෙ සුදු රත්තරන් කියල. ඒකටත් ප්ලැටිනම් කියන දවස එනකොට හිතෙයි එක නමකින් කතා කරා නන් හරි කියලා... මේකයි ඔබ ඔබේ කෙල්ලට නැත්තන් කෑල්ලට .. විශේශ වූ එක් නමක් තියා ගන්න. මම මේ අත්දැකීමෙන්
කියන්නේ "බබා" කියන්නන් එපා ,., බබාල හත් අට දෙනෙක් ඉද්දි බබා කියන කොට කොහොමද
බබා. ඒක නිසා මොකක හරි ගැලපෙන නමක්
තියා ගන්න

3.ඇයව හමු උනු වෙලාවට කතා කරන්න..

කතා කරන්න හොදට කතා කරන්න හිතේ තියන ඒ වෙලාවට හිතට එන හැම දේම කියන්න නිකන් බිල්ල වගේ කට වහගෙන ඉන්න එපා එයාට ඔයාව එපා වෙයි අනික කොහොමත් කියන්න තියන හැම මගුලම කියන්නේ ඕකිටනේ . බය නැතුව කියන්න ඔනි මගුලක් (කුනු හරුපයක් උනත්)

4.කියපු කරපු දේවල් පිලිබද පසු තැවෙන්න එපා

මේකනන් අපේ කොලුවොන්ට විතරක් නෙවෙයි කෙලි පැටික්කියොන්ටත් තියන ප්රශ්නයක්. එදා දවසේ කරපුව පිලිබද ගෙදර ගිහිල්ල කනස්සල්ල ඇති වෙනවා ඒ කියන්නේ මෙහෙමයි " දැන් කෙල්ල ඉස්සරහින් ඉන්නකොට ඔයා ගිහිල්ල
එයාගෙ අතකින් අල්ලල ලගට ගන්නවා " හරි දැන්
ඕක කරයි කියල හිතමුකෝ ගෙදර ගිහිල්ල
හිතෙනවා ශික් අපරාදේ එහෙම නොකර ඉන්න
තිබ්බේ දැන් එයා මම ගැන මොනව හිතයිද. නැත්තන් ඔය මොකක් හරි කියපු කතාවකට. එක්කෝ එහෙම නොකිය ඉන්නේ තිබ්බේ " වැනි විදියට කල්පනා කරන්න එපා මොකද පසුවට ඔය සැකය වෙන වෙන අවුල් වෙන ප්රශ්න හැදෙන්නෙත් ඔය සේරම ඉවර කරල ගිහින් ගෙදරට වෙලා කල්පනා කරනකොට. මොකක
හරි වැරැද්දක් උනා නන් එවෙලෙ කියන්න මෙහෙම එකක් උනා කියලා.

5.ගෙදර ඉදන්ම ප්ලෑන ගහගෙන යන්න.

මේකයි මේක හරියට විශයක විශය නිර්දේශේ (sylabus) එක වගේ ම්ම්ම් 'පටුන' වගේ . අද හම්බ වෙන්න යනවනන් සැලසුම ඇතුව යන්න යන්නෙ කොහෙද මොනවද කරන්නේ මොනවද කතා කරන්නේ ,( කතා කරන ඒව එතෙනට ගියාම වෙනස් වෙයි) ඔය වගේ ඒවා,.

6."sorry" කියන්න එපා "පුලුවන්ද"කියල අහන්න
එපා

මේ වචන දෙක කියනකොට එයාගෙ හිතට නිකන් පිට කෙනෙකුට කතා කරනව වගේ හැගීමක් වෙනවා. උඹලගෙ ඔය තියන මැනර්ස් (අනේ අපි
නොදන්න මැනර්ස්) එතෙනෙදි එපා පුලුවන් තරම්
දේවල් කියන්න මොකක හරි වැරදි දෙයක් කලොත් කියවුනොත්.  කියන්න මේ පැටියො හරි මොකක් හරි කියලා " මම මෙහෙම එකක් කලානේ මම මෙහෙම ෙයක් කිවුවනේ,. තරහද "කියල අහන්න සමාවෙන්න කියනවට වඩා ගොඩක් ප්රේමනීයයි,.,හිතට වැදෙනවා,., අනික "පුලුවන්ද" කියන එක ,., ඒකත් නිකන් පිට කෙනෙක්ගෙන් අහනවා වගේ ,., එතෙනට ආදරෙන්,.,., "කරන්න" "කියන්න" ඔය වගේ වචන දාලා කතා කරන්න.

7.දෙදෙනා අතර අනවබෝධය තියා ගන්න එපා.

මේකනේ ලෝකයේ කවදාවත් එක වගේම ගති සිරිත් තියන එක වගේම හැසිරෙන දෙන්නෙක් හොයාගන්න බෑ එහෙම වෙනවනන් ඒක පුදුමයක් ..එහෙම උනත් ඒකත් ලෝක ප්රශ්නයක්
වෙන්න ඉඩ තියනවා ,හිතන්නකෝ එක වගේ ගති
සිරිත් දෙන්නටම තියනවා, හිතන්නකෝ දෙන්නටම ,<ඉක්මනට කේන්ති යනවා පසු බහින්න කැමති නෑ එක්කෙනෙක්වත්>, වලියක්වත් ගියොත් කොහොමද යුද්ද ප්රකාශ කරා වගේ ඇති. ,,කවදාවත් දෙන්න අතර අනවබෝධය කියන එක තියා ගන්න එපා.. ඔබට ඔබේ පෙම්වතිය යම් තරමකින් හෝ තේරුම් ගත යුතුයි.විශේශයෙන් ආදරය කරන දෙදෙනා අතර අනවබෝදය ඔබගේ ආදර සම්බන්දය බිදීමට හේතුවක් වේ.

8.සැකය

ඔබ දන්නවද අනවබෝදය නිසා තමයි සැකය කියන කාරනවා එලියට එන්නේ ,.,ආදරය කරන බොහෝ දෙනා අතර ගැටුම් ආරවුල් විරහව වගේ දේවල් වෙන්නේ මේ සැකය නිසා.මුලින් මුලින් එයා අදින පලදින විදියට ගමන බිමනට ආස වුනාට සැකය කියන එක මතු වුනාම ඔබට ඔබේ පෙම්වතිය නුරුස්සන සුලු ස්වබාවයක් ඇති
වෙනවා,.,ඊට පස්සෙ ඔබ ද්දෙනා හම්බු උනාම
අනව්ශ්ය දේවල් වලට තේරුමක් නැති දේවල් වලට රන්ඩු වෙනවා.. ඇයව හම්බු වන ප්රමානය අවම වනවා.. එය ඔබ දෙදෙනාගේ වෙන් වීම දක්වා දුර දිග යා හැකිය..

9.වෙලාවක් නැති කම (කාර්ය බහුලත්වය)

ඔබ ඉගෙනුම ලබන හෝ රැකියාවක නියුතු අයෙක් විය හැකියි,., ඉගෙන ගන්නවානන් ඒ කටයුතු නිසාද රැකියාවක්නන් ඒ රැකියාවේ කාර්ය
බහුලත්වය මත ඔබේ පෙම්වතිය හම්බු වෙන වාර
ගනන් හමුවන වෙලාව. අවම විය හැකියි,.,
මේ කාරනාවෙනුත් සැකය කියන දේ මතුවෙන්න
පුලුවනනනෙක් කරුන නිතරම හමු නොවෙන
නිසා වැඩිය කතා බහ නොකරන නිසා ඔබ පිලිබද ඇය පිලිබද කයම් විදියකින් කටකතාවක් ඔබට ආරංචි උනොත් එය ඔබ පිලි ගනීවී,.,ඔබ ඇයත් සමග අමනාප වේවී.. ඒක නිසා ඔබේ පෙම්වතිය හමුවීමට වෙලාවක් යොදා ගන්න ඇයට ඔබේ රැකියාවේ ස්වබාවය ඉගෙනුම් ස්වබාවය පැහැදිලි කරන්න..හැකි තරම් ලන්වී සිටින්න උත්සාහා කරන්න.

10.ඇය වෙනුවෙන් කැප වෙන්න (කැප කිරීම්
කරන්න)

ඔබ ඇය වෙනුවෙන් කැපවෙන්න ඇය වෙනුවෙන් කාලය වැය කරන්න,., ඇය එනතුරු මග බලා ඉන්න . ඇයට ලෙඩක් දුකක වූ විට අනික් සියලු වැඩ කටයුතු පැත්තකට දාලා ඇයව බලන්න
යන්න (ඇය ඔබේ ජීවිතයයි වටින්නේ ජීවිතය
නොවෙද) කැපකිරීම් ගැන කතාකරනවනන් ගොඩාක් දේවල් කතා කරන්න තියනවා,., මතක තියා ගන්න "ඇය ඔබේ වර්ථමාන පෙම්වතිය වුවද ඇය ඔබේ අනාගත බිරිදයි",., ඔබෙයි ඇයගෙයි අතර මත බේදතියාගන්න එපා,.,

උපුට ගැනීම සුදු මහත්තයාගේ බ්ලොග් අඩවියෙන්.