Translate

Friday, March 28, 2014

පමාව...

මේ ජීවිතේදී අපි කරන ,කියන ගොඩාක් දේවල් වලදි අපිට හිතෙනවා ඇයි අපි මේ දේ කරන්න මෙච්චර පරක්කු වුනේ කියල.

විභාගයක් අවසානයේ හිතෙනවා, 'අපරාදේ තව ටිකක් පාඩම් කලානම්...'

තරඟයකින් පැරදුනාම හිතෙනවා, 'තව ටිකක් උත්සහකලානම්....'

බස් එක,කෝච්චිය මගහැරුනම හිතෙනවා, 'තව ටිකක් ඉස්සර උනානම්....'

තමුන් ආදරය කරන ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දැක්කම හිතෙනවා, 'අපරාදෙ මම තව ටිකක් ඉක්මන් උනානම්...'

මේවගේ අපේ ජීවිතේ හැම දෙයකින්ම පසුතැවීමක් ඉතුරුවෙනවා....

හිතට එකඟ නැති ආදර සම්බන්ධයක පැටලිලා ඉද්දි,හදවතට හුගාක් දැනෙන කෙනෙක්ව මුණගැහුනොත් අපේ හිත් මොනව කියයිද???????

No comments:

Post a Comment