Translate

Wednesday, May 29, 2013

Pen Drive එකකින් කළ හැකි ප්රයෝජනවත් වැඩ 10 ක්...

Pen Drive එකකින් කළ හැකි ප්රයෝජනවත් වැඩ 10 ක්...
USB පෙන් ඩ්රයිව්ස් පරිගණක භාවිතා කරන සියලුම
දෙනා ළඟ පාහේ තිබෙනවා. එහා මෙහා දත්ත රැගෙන
යාම සඳහා CD තැටි වෙනුවට අප
මේවා භාවිතා කරනවා. නමුත්
මේ කුඩා උපකරණයෙන් දත්ත රැගෙන යාමට
වඩා එපිට විශාල වැඩ කොටසක් කළ හැකි බව ඔබ
දන්නවාද ? මේ එසේ පෙන් ඩ්රයිව් එකක් භාවිතයෙන්
කළ හැකි අපූරු වැඩ වලින් කොටසක්.
1. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම.
බොහෝ ලිනක්ස් මෙහෙයුම් පද්ධති Live CD එකක්
භාවිතයෙන් බූට් කළ හැකියි. සම්පූරණ ස්ථාපනයකට
කලින් මෙහෙයුම් පද්ධතිය පරීක්ෂා කිරීමට මෙම
පහසුකම යොදාගන්නවා. දැන් එම Live CD එක
වෙනුවට USB ඩ්රයිව් එකක් භාවිතා කළ හැකියි.
මෙහෙයුම් පද්ධතියේ image එක වෙබ් අඩවියෙන්
බාගත කරගෙන එය පෙන් ඩ්රයිව් එකට බර්න් කිරීම
මගින් Live CD එක වෙනුවට Live Pen Drive එකක්
භාවිතා කළ හැකියි. මෙමගින් ඕණෑම පරිගණකයක්
(ලොක් කර ඇති වුවත්) පණ ගන්වා ඒ තුළ ඇති
ෆයිල්ස් පරීක්ෂා කිරීම, වයිරස සොයා ඉවත් කිරීම ආදිය
කළ හැකියි.
2. ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම.
Live USB Pen Drive එකකට වඩා ස්ථාවර ඔබේම
මෙහෙයුම් පද්ධතියක් වුවද පෙන් ඩ්රයිව් එක තුළ
ස්ථාපනය කළ හැකියි. මෙමගින් අනෙක් පරිගණක
තුළ වුවත් ඔබගේම මෙහෙයුම් පද්ධතියක් ධාවනය කළ
හැකි වෙනවා. ඔබගේ ලිපි ගොණු, ස්ථාපනය කර ඇති
මෘදුකාංග ද ඕණම පරිගණකයකදී පරිගරණය කළ
හැකියි. Pendrivelinux භාවිතා කර මෙම පහසුකම
අත්විඳිය හැකියි. Ubuntu වැනි මෙහෙයුම් පද්ධති
තෙවන පාරිශවීය මෘදුකාංග වල සහය නොමැතිවම
පෙන් ඩ්රයිව් එකක ස්ථාපනය කළ හැකියි.
3. පෝටබල් ඇප්ස් භාවිතා කිරීම.
ස්ථාපනය නොකර ඕණෑම මෙහෙයුම් පද්ධතියක් තුළ
මෘදුකාංග භාවිතා කිරීමට පෝටබල් ඇප්ස් මගින්
අවස්ථාව උදා වනවා. PortableApps.com වැනි
වෙබ් අඩවි වලින් බාගත කරගන්නා ලද පෝට්බල්
මෘදුකාංග පෙන් ඩ්රයිව් එකට කොපි කර
තබා ගැනීමෙන් ඕණම අවස්ථාවක ඕණම
පරිගණකයකදී එම මෘදුකාංගය ධාවනය කළ හැකියි.
මෙම මෘදුකාංග කලින් සඳහන් කළ වෙබ් අඩවියෙන්
මෙන්ම LiberKey සහ winPenPack වෙබ් අඩවි
වලින්ද බාගත හැකියි.
4. RAM එකක් ලෙස භාවිතා කිරීම.
ඔබගේ පරිගණකය මන්දගාමී නම් සහ ඔබ සතුව පෙන්
ඩ්රයිව් එකක් තිබෙනවා නම්, එම පෙන් ඩ්රයිව්
එකේ ඇති ඉඩ පරිගණකයේ මතයක ඉහල දැමීම
සඳහා භාවිතා කළ හැකියි. මයික්රොසොෆ්ට්
සමාගමේ මෙහෙයුම් පද්ධති වල ඇති ReadyBoost
තාක්ෂණය මෙයට පහසුකම් සපයනවා.
5. දෘඩ තැටි පාටිෂන් කිරීම.
හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කිරීම මෙහෙයුම් පද්ධතිය
තුළදීම සිදු කරන්නට පුළුවන්. එසේත් නැති නම්
වෙනත් මෘදුකාංගයක් මගින් සිදු කරන්නට පුළුවන්.
නමුත් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන
අවස්ථාවේ පාටිෂන් වෙනස් කිරීමට යාමෙන්
ඔබගේ මෙහෙයුම් පද්ධතියට මෙන්ම ෆයිල්ස් වලටද
හානි පැමිණිය හැකියි. මෙයට විසඳුමක් ලෙස පෙන්
ඩ්රයිව් එකෙන් පරිගණකය බූට් කර පාටිෂන් අවශ්ය
පරිදි වෙනස් කිරීමට Parted Magic මෘදුකාංගය ඉඩ
සලසා දෙනවා.
6. ක්රීඩා කිරීම.
ඕණම තැනක පරිගණකයක් තිබේනම් ඔබ කැමතිම
ක්රීඩා ක්රීඩා කිරීමට Minecraft මගින් අවකාෂ
ලැබෙනවා. ක්රීඩා කරන පරිගණකය ඔබේ පරිගණකය
වීම හෝ එහි අදාළ ක්රීඩාව ස්ථාපනය කර තිබීම අවස්අ
වන්නේ නැහැ. ඔබගේ පෙන් ඩ්රයිව් එක පමණක්
ප්රමාණවත්.
7. ලිපි ගොණු ආරක්ෂිතව තබා ගැනීම.
ඔබගේ පෙන් ඩ්රයිව් එක encrypted පාටිෂන් එකක්
ලෙස සකසාගෙන ලිපි ගොණු හා පෞද්ගලික දත්ත
ආරක්ෂා කිරීමට යොදවා ගත හැකියිදෙයට පාස්වර්ඩ්
එකක් දමා තැබීමෙන් තවත් ආරක්ෂාව තහවුරු කරගත
හැකියි. Bitlocker To-Go මෘදුකාංගය භාවිතයෙන්
මේ කාර්ය ඉටු කරගත හැකියි.
8. පරිගණකය ලොක් හා අන්ලොක් කිරීම.
පෙන් ඩ්රයිව් එක ඉවත් කළ සැනින් පරිගණකය ලොක්
වීමටත් නැවත ස්අම්බන්ධ කළ සැනෙන් පරිගණකය
අන්ලොක් වීමටත් හැකි වන පරිදි ඩිජිටල් යතුරක් ලෙස
ඔබගේ පෙන් ඩ්රයිඔව් එක භාවිතා කළ හැකියි.
9. පරිගණකයක වයිරස් ඉවත් කිරීම.
වයිරස් ආසාදිත පරිගණකයකට මොනතරම් ප්රති
වයිරස වැඩසටහන් ස්ථාපනය කළත් ඵළක්
වන්නේ නැහැ. නමුත් පෙන් ඩ්රයිව් එකකට වයිරස්
ස්කෑනරයක් ස්ථාපනය කොට ඒ මගින් ආසාදිත
පරිගණකය ස්කෑන් කරවා වයිරස ඉවත් කිරීමට
උත්සාහයක් ගත හැකියි. AVG Rescue CD හා
Kaspersky Rescue Disk 10
මේ ස්අඳහා භාවිතා කරන්නට පුළුවන්.
10. ස්වයංක්රීයව ෆයිල්ස් Sync කිරීම.
SyncToy හෝ SyncBack SE මෘදුකාංග භාවිතයෙන්
ඩ්රොප්බොක්ස් සඳහා ෆයිල්ස් ස්වයංක්රීයවම සින්ක්
වනවා සේ පෙන් ඩ්රයිව් එකටද සින්ක් වීමට සෑදිය
හැකියි.

No comments:

Post a Comment