Translate

Thursday, May 22, 2014

ප්‍රථම ප්‍රේමය

අලුත උපන් තාරකාවක්… හුගක් දගකාරයි.. උණුහුම්.. දිලිසෙනවා…
ඒ දගකාරකම් ඒ උණුහුම මට තාමත් මතකයි… ඒත් කෝ දැන් ඒ ඵළිය… කොහේවත්ම හොයා ගන්න නෑ..
ඒ තාරකාව මැරිලද..???
සමහර විට වෙන්න ඇති…
මට හොයා ගන්න බෑ..
ඉස්සර එයා දගකාර එලිය විහිදුවන කොට මම කෝටි ප්‍රකෝටි තරු අතරන් එයාව හොයා ගත්තා..
ඒත දැන් පැය ගනන් අහස දිහා බලන් ඉන්නවා.. තරුවක් තරුවක් ගානේ ඇස් මහන්සි කරවනවා… කෝ ඒතරුව… පා සටහනක් වත් නැතුවම යන්න ගිහින්ද..???
එහෙමත් නැත්තම් මැරිලද..???
මැරුණ තරු ගොඩාක් සීතලයිලු…
ඇත්තටම මැරිලා නම් මේ තරුවටත් ගොඩාක් සීතල ඇති..
කාත් කවුරුත් ලග නැති පාලු අවකාශයේ ඉදලා හිටලා වැටෙන ඇස්ටොරයිඩ වල රිද්දිම් දරාගෙන තනියම ඉන්නවා ඇති…
වඇස් වලින් බේරෙන කදුලු බිමට වැටෙන්නේ නැතුව සීතලට මිදිලා ඇති..
කිසිම හැගීක් දැනීමක් නොදැනෙන තරමට හිරි වැටිලා ඇති…
ඇත්තම මේ තාරකාව දැන් කොහේ ඉන්නවා ඇතිද..???
කට්ට කරුවල පට්ට හීතල රෑක අහම්බෙන් වගේ ඒ දිලිසෙන තාරකාව මට ඉගි කරපු දා ඉදන් හැම දවාලක්ම දිග වුනා.. හැම රාත්‍රියක්ම ඇසිල්ලක් තරම් කෙටි වුනා.. පාවෙන වලාකුලු වලට මුවා වෙවී ඒ තරුව මාත් එක්ක සෙල්ලම් කලා.. තාමත් මම එදා වගේ වගේමයි.. මෙහේ තාමත් පට්ට කලුවරයි… ඒත් සීතල නෑ.. කොහෙන්දෝ ආපු කුමාරිකාවක් බලෙන්ම වගේ මගේ ජීවිතේ වටේ එතිලා.. මට ඒ හීනේ මග ඇරලා යන්නම බැ… ඒ හීනේ මට යන්න දෙන්නෙම නෑ.. මාර උනුහුම් තමයි.. එත් මට මේ උණුහුම වැඩියි.. ඒත් එයා දන්නේ නෑ මගේ හදවත උනුහුම් කරන්න
සිතලේ ගැහි ගැහී මදුරුවො තල තලා මීදුම අස්සෙන් අපි දෙන්නා ඇස් වලින් කතා කර කර හිටපු කාලේ මීට වඩා කොයි තරම් හොදද..??
ඇග පුරාම හිරිගඩු පිපිලා තිබුනත් ඒ තාරකාවේ දගකාරකම් මගේ හදවත උනුහුම් කලා …
අපි දෙන්න කවදාවත් ලං නොවෙන තරම් දුර වග දැන දැනම අපි දෙන්නා සෙල්ලම් කලා.. හරියට පොඩි එවුන් වගේ.. ඇත්ත අපි එතකොට පොඩි උන් තමයි… ඒ කාලේ කොයි තරම් ලස්සනද…නිදහස්ද…
ඒත් දැන්…
මෙයාගේ උනුහුම ඕනවට වඩා වැඩියි… මාව පිච්චෙන තරම්… උණුහුම ගොඩක් වැඩි වුනාම මිනිස්සු සීතලටත් ආදරේ කරන්න පටන් ගන්නවා… මෙයා දන්නේ නෑ ඒ වගක්.. ඇයි මම මෙයාට ඉඩ දුන‍්නේ කියලා මට වෙලවෙකට හිතෙනවා… දැන් ඉතින් ආපහු හැරෙන්න බෑ.. මේ ගින්දර හීනේ මගේ නමට රෙජිස්ටර් කරලා ඉවරයි..
මේ ජීවිතේ…. දැන් රතු කට්ටත් පැනලා… ‍ ඔයාට පුලුවන් නම් ආයෙමත් දවසක එන්න මේ පැත්තේ ඇවිත් යන්න.. පුලුවන්නම් නවතින්නම.. තාමත් මගේ හිතේ ඉඩ තියෙනවා එදා තරමටම..
එදා..
මම ආදරේ කලා
ඔයාගේ දගකාර කම් වලට.. උණුහුමට.. ඔය දිලිසෙන එළියට..
අද…
මම ආදරේ කරනවා..
ඔයාගේ සීතලට.. නිහඩ බවට…
ඉන්න තැනකින් අයෙමත් එන්න බැරිද..???

උපුටා ගැනුමකි.
True Love Never Dies & Love is Everything Team.
http://www.facebook.com/true.love.never.dies77
♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥ ♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
♥...Like...♥...Comment...♥...Share...♥
D♥ Presents...™©®

No comments:

Post a Comment