Translate

Saturday, August 3, 2013

මොකද කෑල්ලක් දා ගන්න බැරිද..? Part 1

ඉතින් ඉතින් අපේ මේ තරුණ පරපුරට(14-35 බැදපු නැති) දැවෙන ගිනියම් වෙන ප්රශ්නයක් තමයි ඔය. අපේ බාසාවෙන් කියන්වනන් කෙල්ලෙක් දාගන්න එක. හැබැයි ඉතින් ඔය සමහර ආච්චිලා සීයලා නම් කියන්නේ ඕක මොන විලි සංගේ නැති වැඩක්ද. අපේ සදාචාරෙද මොකක්ද එක මේ යාලු වෙන එකෙන් ඉවරයි කියලා. අනේ ආච්චිගේ හැ____ටේ තමයි.

මොකෝ කෙල්ලො කොල්ලො යාලු උනයි කියලා, නැතිවෙන සදාචාරේ මොකක්ද.?
මේ මම අද කියන්නේ යන්නේ... ඔය කෙල්ලොන්ගේ හිත් දිනාගන්න පහසුම මග. මුලින්ම පේවිලා මේවට ලේස්ති වෙන්න ඕනි. අනික ඉතින් මේවයින් යම්කිසි හානියක් උනොත් මම වගකීම බාරගන්නෙ නෑ ඕං. පෝස්ට් එක දිග උනත් ඔබට වැදගත් නම් කියවන්න.
(පහත සදහන් කරුනු හැම කෙල්ලටම 100%ක්
නොගැලපිය හැකියි ගැලපියද හැකියි,)

මම මුලින්ම කියන්නේ මුලින්ම ඇයගේ මනස සකස් කරන ආකාරය, (යාලු වෙන්න පෙර)

1.ඔබට යාලු වීමට අවශ කෙනාට,. ඇත්තටම හදවතින් ආදරය කරන්න. ඇයගේ ඇග පතට, කටහඩට ,ස්පර්ශ්යට ආදරය නොකරන්න. (ඉතා වැදගත්)

2.ඔබ ඇයට ආදරය පැවසීමට පෙර ඇය පිලිබද ඔබ උනන්දුවක් දක්වන බව ඇයට හැගෙන්නට හරින්න. (එයා ඔබව ගනන් ගන්නෙ නැතිව යන වගක් පෙන්නාවී. නමුත් ඇත්ත එය නොවේ)

3.කවදාවත් ඇයගේ උපකාරක හෝ වෙනත් පන්තියක් අසල නොගැවසෙන්න. එය ඇයට මහත් වූ කරදරයකි,

4.ඔබගේ යාලුවන්ටත් (විශ්වාස කට වැඩී) මෙය දැනගන්නට හරින්න. ඔවුන් ඇයට අනිවා ඔබ ගැන කියමින් චාටර් කරාවී. එය ඇයට කරදරයක් නොවීමට ඔබ වග බලාගත යුතුය. විශේශයෙන් ඔය චාටර් කිරීමෙන් නිතරම ඇයට ඔබ මතක් කරවයි. නමුත් එය වැඩි වීමෙන් ඇයට ඔබ එපා කරවයි.

5.ඔබ පිලිබද නරක දේවල් ( මත් ද්රව්ය,XXX,) ඇයට ආරංචි වීමට නොදෙන්න. ( ඔබ කෙතරම නෑ කිවුවත් මේ දෙකෙන් එකක හෝ දෙකම කරන බව මම දන්නවා)

6.නිතරම ඇයට පෙනෙන්නට සිටින්න (උපකාරක පන්ති අසල නොව. පාර තොටේදී ඇයගේ මූනට මුන ගැසෙන්න. එය අහම්බයක් බවට හැගෙන සේ)

7.ඇය ඉදිරියේ බොරු වැඩර් කෙනෙක් වීමට නොයන්නේ. (රගාපානව කියන්නෙ අන්න ඒකට වැඩිය රගන්න එපා)

8.ඇය ඉදිරිපිට වැදගත් මහතෙකු සේ හැසිරෙන්න. (ඒකත් වැඩිය එපා කොලු කම කියන දේ තියෙන්න ඕනි ලාවට)

9.තමන් පිරිසක් මැද සිටින විට ඇය ඉදිරිපස හෝ. කොයි ලෝකෙ හරි පේන තැනක ඉන්නවනන්. පොඩ්ඩක් ඇය දෙස බලා ඔබගේ පිරිසත් සමග කටයුතු කරන්න. නිතරම බලන්න යන්න එපා. හැබැයි ඒ ලග ලගම ඉනන්වනන් විනාඩි20කට සැරයක් වගේ නිකන් බලන්න.

10.කොහෙදි දුටුවත් වචනයක්වත් කතා නොකරත් ඇගේ දෑස් දිහා බලන්න. (මල පෙරේතය වගේ බලන්න එපා, පුන්චි[හීන් හිනාවක්]දාගෙන )

No comments:

Post a Comment