Translate

Monday, August 5, 2013

කෙල්ලෙක් සෙට් කර ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි .

අපි කැමතියි ආදරෙන් ජයගන්න. අදරේ කියන එක ජීවිත කාලෙම තියා ගන්න. එයත් එක්ක හැමදාම ජීවත් වෙන්න. ඉතින් මම හිතුව අපේ කොල්ලොන්ගෙ පැත්තෙන්.ඒවට වෙන්න ඕනි යුතුකම් ටික මතක් කරල දෙන්න. හරි අපි සරලව පටන් ගමූ. ඔබට ආදරේ වැදගත් නේද .? ඉතින් කම්මැලි නොවී කියවන්න.

1.කෙල්ල ඇත්තටම කැමතියි ඔබ එයාගේ දෙමවුපියන්ට ආදරේ කරනවට.

ගොඩක් කෙල්ලො කියන්නේ අනේ ඒ ගොල්ලො ඕනි නෑ ඒ දෙන්නත් එක්ක මුකුත් බෑ අපි හරියට සත්තු වගේ සලකන්නේ. ඔහොම කිවුවට පුතේ කවදාවත් උඹ නන් ඒ අම්මටයි තාත්තටයි බනින්න යන්න එපා එයා බනින්නේ එයාගෙ අම්මටනේ කියන්න. ඉතින් ඒ වෙලාවට " එහෙම කියන්න එපා රත්තරන් ඒ අපේ අම්මනේ එයා අපි දෙන්නගේ ආදරේට කැම්ති වෙයි " හරි මොකක හරි අප්රබංසයක් කියන්න. හැබැයි බනින්න නන් එපා පුතෝ එවෙලෙට සද්ද නැතුව ඉදියි පස්සෙ ඕව එලියට අදියි නටු දෙහි වෙන්න.

2.ඔබගේ GF ට නමක් තියා ගන්න

කස්ටිය බලයි මොකකද මේ අප්රබන්සේ කියලා. මේකනේ කොල්ලෝ යාලු උනාම එක එක නම් ගම් වලින් කතා කරනවා "සුදූ,වස්තුව,පැටියා,පැට්ට,මගෙ පැන්චි, බෝනික්කී,රත්තරන්," ඔහොම රත්තරන් කියල පස්සෙ සුදු රත්තරන් කියල. ඒකටත් ප්ලැටිනම් කියන දවස එනකොට හිතෙයි එක නමකින් කතා කරා නන් හරි කියලා... මේකයි ඔබ ඔබේ කෙල්ලට නැත්තන් කෑල්ලට .. විශේශ වූ එක් නමක් තියා ගන්න. මම මේ අත්දැකීමෙන්
කියන්නේ "බබා" කියන්නන් එපා ,., බබාල හත් අට දෙනෙක් ඉද්දි බබා කියන කොට කොහොමද
බබා. ඒක නිසා මොකක හරි ගැලපෙන නමක්
තියා ගන්න

3.ඇයව හමු උනු වෙලාවට කතා කරන්න..

කතා කරන්න හොදට කතා කරන්න හිතේ තියන ඒ වෙලාවට හිතට එන හැම දේම කියන්න නිකන් බිල්ල වගේ කට වහගෙන ඉන්න එපා එයාට ඔයාව එපා වෙයි අනික කොහොමත් කියන්න තියන හැම මගුලම කියන්නේ ඕකිටනේ . බය නැතුව කියන්න ඔනි මගුලක් (කුනු හරුපයක් උනත්)

4.කියපු කරපු දේවල් පිලිබද පසු තැවෙන්න එපා

මේකනන් අපේ කොලුවොන්ට විතරක් නෙවෙයි කෙලි පැටික්කියොන්ටත් තියන ප්රශ්නයක්. එදා දවසේ කරපුව පිලිබද ගෙදර ගිහිල්ල කනස්සල්ල ඇති වෙනවා ඒ කියන්නේ මෙහෙමයි " දැන් කෙල්ල ඉස්සරහින් ඉන්නකොට ඔයා ගිහිල්ල
එයාගෙ අතකින් අල්ලල ලගට ගන්නවා " හරි දැන්
ඕක කරයි කියල හිතමුකෝ ගෙදර ගිහිල්ල
හිතෙනවා ශික් අපරාදේ එහෙම නොකර ඉන්න
තිබ්බේ දැන් එයා මම ගැන මොනව හිතයිද. නැත්තන් ඔය මොකක් හරි කියපු කතාවකට. එක්කෝ එහෙම නොකිය ඉන්නේ තිබ්බේ " වැනි විදියට කල්පනා කරන්න එපා මොකද පසුවට ඔය සැකය වෙන වෙන අවුල් වෙන ප්රශ්න හැදෙන්නෙත් ඔය සේරම ඉවර කරල ගිහින් ගෙදරට වෙලා කල්පනා කරනකොට. මොකක
හරි වැරැද්දක් උනා නන් එවෙලෙ කියන්න මෙහෙම එකක් උනා කියලා.

5.ගෙදර ඉදන්ම ප්ලෑන ගහගෙන යන්න.

මේකයි මේක හරියට විශයක විශය නිර්දේශේ (sylabus) එක වගේ ම්ම්ම් 'පටුන' වගේ . අද හම්බ වෙන්න යනවනන් සැලසුම ඇතුව යන්න යන්නෙ කොහෙද මොනවද කරන්නේ මොනවද කතා කරන්නේ ,( කතා කරන ඒව එතෙනට ගියාම වෙනස් වෙයි) ඔය වගේ ඒවා,.

6."sorry" කියන්න එපා "පුලුවන්ද"කියල අහන්න
එපා

මේ වචන දෙක කියනකොට එයාගෙ හිතට නිකන් පිට කෙනෙකුට කතා කරනව වගේ හැගීමක් වෙනවා. උඹලගෙ ඔය තියන මැනර්ස් (අනේ අපි
නොදන්න මැනර්ස්) එතෙනෙදි එපා පුලුවන් තරම්
දේවල් කියන්න මොකක හරි වැරදි දෙයක් කලොත් කියවුනොත්.  කියන්න මේ පැටියො හරි මොකක් හරි කියලා " මම මෙහෙම එකක් කලානේ මම මෙහෙම ෙයක් කිවුවනේ,. තරහද "කියල අහන්න සමාවෙන්න කියනවට වඩා ගොඩක් ප්රේමනීයයි,.,හිතට වැදෙනවා,., අනික "පුලුවන්ද" කියන එක ,., ඒකත් නිකන් පිට කෙනෙක්ගෙන් අහනවා වගේ ,., එතෙනට ආදරෙන්,.,., "කරන්න" "කියන්න" ඔය වගේ වචන දාලා කතා කරන්න.

7.දෙදෙනා අතර අනවබෝධය තියා ගන්න එපා.

මේකනේ ලෝකයේ කවදාවත් එක වගේම ගති සිරිත් තියන එක වගේම හැසිරෙන දෙන්නෙක් හොයාගන්න බෑ එහෙම වෙනවනන් ඒක පුදුමයක් ..එහෙම උනත් ඒකත් ලෝක ප්රශ්නයක්
වෙන්න ඉඩ තියනවා ,හිතන්නකෝ එක වගේ ගති
සිරිත් දෙන්නටම තියනවා, හිතන්නකෝ දෙන්නටම ,<ඉක්මනට කේන්ති යනවා පසු බහින්න කැමති නෑ එක්කෙනෙක්වත්>, වලියක්වත් ගියොත් කොහොමද යුද්ද ප්රකාශ කරා වගේ ඇති. ,,කවදාවත් දෙන්න අතර අනවබෝධය කියන එක තියා ගන්න එපා.. ඔබට ඔබේ පෙම්වතිය යම් තරමකින් හෝ තේරුම් ගත යුතුයි.විශේශයෙන් ආදරය කරන දෙදෙනා අතර අනවබෝදය ඔබගේ ආදර සම්බන්දය බිදීමට හේතුවක් වේ.

8.සැකය

ඔබ දන්නවද අනවබෝදය නිසා තමයි සැකය කියන කාරනවා එලියට එන්නේ ,.,ආදරය කරන බොහෝ දෙනා අතර ගැටුම් ආරවුල් විරහව වගේ දේවල් වෙන්නේ මේ සැකය නිසා.මුලින් මුලින් එයා අදින පලදින විදියට ගමන බිමනට ආස වුනාට සැකය කියන එක මතු වුනාම ඔබට ඔබේ පෙම්වතිය නුරුස්සන සුලු ස්වබාවයක් ඇති
වෙනවා,.,ඊට පස්සෙ ඔබ ද්දෙනා හම්බු උනාම
අනව්ශ්ය දේවල් වලට තේරුමක් නැති දේවල් වලට රන්ඩු වෙනවා.. ඇයව හම්බු වන ප්රමානය අවම වනවා.. එය ඔබ දෙදෙනාගේ වෙන් වීම දක්වා දුර දිග යා හැකිය..

9.වෙලාවක් නැති කම (කාර්ය බහුලත්වය)

ඔබ ඉගෙනුම ලබන හෝ රැකියාවක නියුතු අයෙක් විය හැකියි,., ඉගෙන ගන්නවානන් ඒ කටයුතු නිසාද රැකියාවක්නන් ඒ රැකියාවේ කාර්ය
බහුලත්වය මත ඔබේ පෙම්වතිය හම්බු වෙන වාර
ගනන් හමුවන වෙලාව. අවම විය හැකියි,.,
මේ කාරනාවෙනුත් සැකය කියන දේ මතුවෙන්න
පුලුවනනනෙක් කරුන නිතරම හමු නොවෙන
නිසා වැඩිය කතා බහ නොකරන නිසා ඔබ පිලිබද ඇය පිලිබද කයම් විදියකින් කටකතාවක් ඔබට ආරංචි උනොත් එය ඔබ පිලි ගනීවී,.,ඔබ ඇයත් සමග අමනාප වේවී.. ඒක නිසා ඔබේ පෙම්වතිය හමුවීමට වෙලාවක් යොදා ගන්න ඇයට ඔබේ රැකියාවේ ස්වබාවය ඉගෙනුම් ස්වබාවය පැහැදිලි කරන්න..හැකි තරම් ලන්වී සිටින්න උත්සාහා කරන්න.

10.ඇය වෙනුවෙන් කැප වෙන්න (කැප කිරීම්
කරන්න)

ඔබ ඇය වෙනුවෙන් කැපවෙන්න ඇය වෙනුවෙන් කාලය වැය කරන්න,., ඇය එනතුරු මග බලා ඉන්න . ඇයට ලෙඩක් දුකක වූ විට අනික් සියලු වැඩ කටයුතු පැත්තකට දාලා ඇයව බලන්න
යන්න (ඇය ඔබේ ජීවිතයයි වටින්නේ ජීවිතය
නොවෙද) කැපකිරීම් ගැන කතාකරනවනන් ගොඩාක් දේවල් කතා කරන්න තියනවා,., මතක තියා ගන්න "ඇය ඔබේ වර්ථමාන පෙම්වතිය වුවද ඇය ඔබේ අනාගත බිරිදයි",., ඔබෙයි ඇයගෙයි අතර මත බේදතියාගන්න එපා,.,

උපුට ගැනීම සුදු මහත්තයාගේ බ්ලොග් අඩවියෙන්.

No comments:

Post a Comment