Translate

Thursday, August 1, 2013

මුහුනුපොතට ඇබ්බැහි වීමේ රෝගය.

ෆේස්බුක්. අද මේ වචනය නොදන්නා කස්ටිය හොයාගන්න එකත් ටිකක් අමාරුයි. දැන් මාස කිහිපයට කලින් ෆේස්බුක් යූසර්ස් බිලියන 1 පැන්නා.  කවදහරි ඔයාල හිතල බලලා තියනවද "මම ඇයි මෙච්චර් ෆේස්බුක් යන්නේ" කියලා.
අද කියන්න යන්නේ F.A.D කියන රෝගය ගැන.

ඒ කියන්නේ Facebook Addiction Desorder. ඒකේ තෙරුම මුහුනුපොතට ඇබ්බැහි වීමේ රොගය. ලඟදී කරන ලද සමීක්ෂණයකට අනුව psychologists and researchers කස්ටියක් හොයාගේන තියනවා අලුත් රෝගයක් ගැන. ෆේස්බුකිය භාවිතා කරන 50% දෙනා දන්නෙම නෑ එයාල මේ Facebook ඇබ්බැහි වීම ගැන.

ඔයාලා දන්නවද දවස පැය 19ක් පමණ ෆේස්බුක් භාවිත කරන අයත් ඉන්නවලු. ඔවුන් නින්දට යාමට පෙර, නැගිටිලා දත් මැදීමට පෙර, උදේ කෑම් කනකොට, ඔෆීස් එකේ අදිය හැම වෙලාවකම ෆේස්බුකියට ලොග් වෙලා ඉන්නේ. දැන් ෆේස්බුකිය ලොග් වීමට හෝ චැට් කිරීමට පරිගණකයක්ම ඕන නැති බව ඔබ දන්නවා. ලංකාවේ පැය 19ක් ෆේස්බුකිය යූස් කරන අය නොතිබුනත් මේ රෝගය අනිවාර්යෙන්ම තියනවා. Alexa Site Rankings වලට අනුව, ෆේස්බුක් මුල්තැන. මෙතන විශේෂයෙන් දැකිය යුතු පැත්තක් තියනවා. ඒ තමා ලොව හොඳම සර්ච් ඉන්ජින්ස් තියෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ ලංකාවේ ගූගුල් වෙබඩවිය යන අයට වැඩිය ෆේස්බුක් භාවිතා කරන කස්ටිය වැඩී. ඒකියන්නේ අපේ කස්ටියත් ඉන්න පුලුවන් ෆේස්බුක් ඇබ්බැහි වුනු කස්ටියගේ කුලකයේ. ඒ අය තන් ෆේස්බුකියට ඇබ්බැහි වීම හඳුනාගන්නේ කේසේද? මේ පෝස්ට් එකෙන්  ඒ ගැන තමා ලියන්න ඉන්නේ.

මේ ෆේස්බුක් ඇබ්බෙහි වීමේ රෝගයෙන් පෙළෙන්නේ පාසල් ලමයි. මේකෙන් සිදුව ප්රධානතම අවාසිය තමා ඔවුන් ඉගැනීමට දක්වන උනන්දුව අඩු වෙන එක. තව සිදුවන අවාසි ගොඩයි. ඔවුන් ක්රීඩාවට දක්වන උනන්දුව අඩු වෙනවා. ඇස් වලින් අධික ලෙස වැඩ ගැනීම නිසා පෙනීම දුර්වල වෙනවා. මේක පොඩි quiz එකක්. මුලින්ම පහළ තියන උත්තර වල අක්ෂර බලා ගන්න.

(A) නැත.
(B)කලාතුරකින්
(C)සමහර විට.
(D)බොහෝ විට එහෙම කරනවා.
(E)අනිවාර්යෙන්ම (ඔව්).

ඔබ මේක අවංකව සිදුකළ යුතුයි. කොළයක් අරගෙන මේ ප්රශ්ණවලට උත්තර ලකුණු කරගන්න.

(ඔව්/නෑ) ලෙස සඳහන් ප්රශ්ණවලට දිය හැක්කේ (A) හො (E) පමණි.

1. ඔබගේ ෆේස්බුක් අකවුන්ට් එකට ලොග් කරගන්න බැරිවුනාම ඔබට හරියට තරහ යනවද?

2. අන්තරජල සම්බන්දතාවය විසන්දි වී හෝ ෆෝන් එකේ DATA ඉවර වී ඔබට ෆේස්බුක් ලොග් වීමට නොහැකි වූ විට ඔබට අපහසුවක් දැනේද?

3. ඔබගේ Facebook භාවිතය කවුරුහරි සීමකරන්න හැදුවොත් ඔබ එම් පුද්ගලය සමග රණ්ඩු වෙනවද?

4. ඔබගේ ෆේස්බුක් භාවිතය නිසා ගෙදර කට්ටියත් එක්ක කාලය ගතකිරීමට නොහැකි වෙනවද?

5. ඔබ ඔබට කැමති අනෙක් දේවල් සඳහා යොමු
කරන කාලය (ක්රීඩා, රූපවාහිනිය, ෆිල්ම්, පොතක්
කියවීම වැනී සීම කරනවද?

6. ඔබ නින්දට යාමට කලින් ඔබගේ ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපකරණවලින් ෆේස්බුක් ලොග් වෙනවද?

7. ඔබගේ ෆේස්බුක් යාලුවන්ගෙන් 80%ක්ම නොදන්නා අයද? (ඔව්/නෑ)

8. ඔබ අලුත් යාලුවෙක් හම්බවුනු පළවන දවසේම ඔහුට ෆේස්බුක් ගිනුමක් තිබේද යන්න අසනවද?

9. කාර්යබහුල වෙලාවේ ඔබට ලැබෙන විවේකය ඔබ ෆේස්බුක් ලොග් වීම සඳහා යොදා ගන්නවද?

10. අන්තර්ජාල භාවිතයට අවස්ථාවක් ලැබූ විට ඔබ මුලින්ම යන්නේ ෆේස්බුක් අඩවියටද?

11. ඔබගේ පෙම්වතා/පෙම්වතිය ෆේස්බුකියේ සිටී නම් ඇගේ relationship status එක single යැයි තිබුනු විට married, in relationship යැයි මාරුකරන්න බලකරනවද?

12. ඔබ දන්නා හෝ නොදන්නා ඕනෙම කෙනෙක්
ෆේස්බුක් එකට ඇඩ් කර් ගන්නවද? ඒ කියන්නේ ෆ්රෙන්ඩ් ලිස්ට් එක දිගූ වීමට ඔබ ප්රිය කරන්නේද? (ඔව්/නැත )

13. ඔබ නොදන්නා කෙනෙක් සමග පැය ගනන් ෆේස්බුකියේ චැට් කරනවද?

14. ඔබ පින්තූරයක් අල්ලපු ගමන් එය මුහුනු පොතට අප්ලෝඩ් කරනවද?

15. කවුරුහරි ඔබෙගේ Status and pictures හැමදාම ලයික් කරනව නම් ඔබ ඔහු හොඳම යාලුවෙක් හැටියට සලකන්නේද?

16. ඔබ කලින් දාපු කොමන්ට්, පින්තූර, මෙසේජ් ආදිය නැවත නැවත බැලීමට ප්රිය කරන්නේද?

17. ඔබ ෆේස්බුක් හැර වෙනත් එවෙනි සයිට්ස් තිබේ දැයි සොයාබලන්නේද?

18. ඔබට ප්රෂ්ණයක් ඇති උනහොත් ෆේස්බුක් යාලුවන් මගින් එයට විසඳුමක් හොයන්නේද?

19. සතියකට 3 සැරයක් හෝ ඊට වඩා ඔබගේ ප්රොෆයිල් පින්තූරය, කවර් ඉමෙජ් එක මාරු කරනවද? (yes/No)

20. දවසට 3 සැරයක් හෝ වැඩි වාර ගණනක් ෆේස්බුක් ලොග් වන්නේද?

21. ඔබගේ සතුට, දුක, එදා දවසේ සිදුවු වැදගත් දේ ෆේස්බුකියේ share කරනවද?

උත්තර පත්රයේ (D) හා (E) පිලිතුරු ගණන එකතු
කරන්න. එය දහයට වඩා වැඩිනම් කණගාටුයි ඔයා එම රෝගයට ගොදුරු වෙලා.

No comments:

Post a Comment