Translate

Friday, June 13, 2014

සිහිනයක චමත්කාරය.

මන් මේ පිටුවෙන් ඔයාලට ජීවිතේ ගැන කිව්වා. ආදරේ ගැන කිව්ව. ආදරයක් පටන් ගන්න හැටි කිව්ව, ආදරේ කරන හැටි කිව්ව ඒ වගෙම ආදරයක් අහිමි උනහම ජීවත් වෙන හැටිත් කිව්ව. ලගදි උන පොඩි ප්‍රස්නයක් නිසා මන් ලියන අවසාන ලිපිය මේක වෙයි ගොඩක් දුරට.

කවුරු කොහොම කීවත් ආදරේ කියන්නෙ ජීවිතයට නැතුවම බැරි දෙයක්. ආදරේනෙ අපේ ජිවය. ඉතින් අපේ ආදරවන්තය හරි ආදරවන්තිය හරි අපිව දාල ගියාම අපි හුගාක් ප්‍රස්න වලට මුන දෙනව. ඔය ප්‍රස්න වලට හරියට මූන දීගන්න බැරි උනාම තමයි සමහරු සිය දිවි නසාගන්න පෙලබෙන්නෙත්. ඔහොම තනි වෙලා ටික කාලයක් යද්දි සමහරුන්ගෙ මොලේ අව්ල් වෙලා පිස්සො විදියටත් පත් වෙනව.

භූමි කම්පාවක් වෙලා තව ටික කාලයක් යන කන් පොඩි පොඩි භූමි කම්පා වෙනව්නෙ. ඉතින් අපි ඒ පොඩි වෙලාවෙත් සැලකිලිමත් වෙන්න ඕනිනෙ ලොකු භූමි කම්පාවක් අයෙත් වෙයිද කියල. ඒ වගේම තමයි අපේ ජීවිතේ ආදරයක් බ්‍රෝකන් උනහමත්. ආදරයක් නැති වෙලා ටික දවසක් යනකම් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. මෝකද අපි ඒ කාලෙ ජීවත් වෙන්නෙ හරි හමන් සිහියකින් නෙමෙයි. මොකද අපේ හිතේ ඒ දවස් වල හැමවේලෙම කැරකෙන්නෙ අපිට අහිමි උන ආදරය පිලිබද මතකයන්. ඔය මුල් දවස් කිහිපයෙදි අපි ගන්න තීරන ගොඩක් ඒව වරදිනව. මොකද අපි ඒව ගැන වැඩිය හිතන් නැති නිසා. ඔය කාලෙදි අපිට ආදරේ කරන වෙන කෙනෙක් අපිට උදව් කරන්න ආවත් අපි එයාලව එලෝ ගන්නව. ඒ අපි ඉන්න මානසික තත්වය නිසා.

අපිව දාල පෙම්වතා හරි පෙම්වතිය හරි ගියහම අපිට කරන්න පුලුවන් හොදම දේ පරන ආදරය අමතක කරල අලුත් ආදරයක් ගැන හිතන එක. අපු ජීවිතේදි ආදරේ කරපු කෙනෙක්ව අමතක කරන්න අපි මැරෙනකන්ම බෑ. ඒක ත්මයි ඇත්ත. නමුත් වෙන ආදරයක් ගැන හිත්ව්න්න ඕනිම කෙනෙක්ට පුලුවන්ලු. කොල්ලෙක්ට නම් අලුත් පෙම්වතියක් ගැන හිතන්න පරන ආදරේ බ්‍රෝකන් වෙලා දවසක් දෙකක් ගියාම පුලුවන්ලු. කෙල්ලෙක්ට නම් සතියක් දෙකක් ගියාම අලුත් ආදරයක් ගැන හිතන්න පුලුවන්ලු.

නමුත් සමහරු වෙන ආදරයක් ගැන හිතන්න බැරි තරමටම අසරන වෙලා ඉන්න පුලුවන්. එයාලට කරන්න පුලුවන් හොදම දේ තමයි මේ. සිහිනයක් ගොඩ නගා ගැනීම.

ඔනීම කෙනෙක් ඇදට ගිහින් නින්ද එනකම් මොනවා හරි කල්පනා ක‍රනව. ඒ වෙලාව හොදයි ඔයාලට ඔයාලගෙම සිහින‍යක් ගොඩ නගා ගන්න. අපි හැමෝගෙමගෙ හිතේ සිහින කුමරියක් හරි සිහින කුමරෙක් හරි ඉන්නවනෙ. එ වෙලාවෙ ඔයලගෙ ඔලුවට එයාව ගෙන්න ගන්න. නමුත් ඒ කෙනා ඔයාගෙ හිටපු ආදරවන්තය හෝ ආදරවන්තිය නෙමෙයි. ඔයාගෙ පරන ආදරවන්තිව හෝ ආදරවන්තයව ඕනි නම් යාලුවෙක් විදියට සිහිනෙට ගෙන්න ගන්න. ඔයාගෙ හිතේ ඉන්නෙ ඔයා කැමතිම කෙනනෙ එයාගෙ තුරුලට හිතෙන් ගියම ඔයාට වෙන ආදරයක් ඕනි වෙන්නෙම නෑ. ඔය නවකතා පොත්වල තියෙන ආදර කතාවක් වගේ ඔයත් ඔයගෙ ආදර කතාව ඔයාට ඕනි විදියකට හදා ගන්න. හිනයත් එක්ක ඔයගෙ ජීවිතේ නොදැනුවත්වම ගෙවිල යයි. දැන් ඉන්න හැමෝම වගේ බ්ලොග් ලියනවනෙ ඉතින් ඔයත් ඔයාගෙ සිහින කතාව බ්ලොග් එකක ලියන්න. නැත්තම් fb පිටුවක් හදන් එක දවසට එක කොටස ගානෙ පෝස්ට් කරන්න. ඔයාගෙ කතාව යන්නෙ ඔයාට ඕනි විදියට නිසා කවදවත් ඔයාට දුකක් නම් දැනෙන්නෙ නෑ.

කවදාහරි දවසක ඔයාට ඔයගෙ ජිවිතේ හිමිකාරය හෝ හීමිකාරිව හම්බුනාම ඔය හීනෙ හිතින් අමතක කරල එයාගෙ තුරුලට යන්න. ඕක කෙටි කාලීන විසදුමක් විතරයි. දීර්ග කාලීනව සිහින දැකල ජීවීතේ අව්ල් කර ගන්න එහෙම එපා.

සම්හරු මට හිනාවෙයි. නමුත් දුක් වෙවී ඉන්නවට වඩා සතුටින් ඉන්න මේක හොද ක්‍රමයක්. සමහර විට මන් වැරදි ඇති. මන් වැරදි නම් කියන්න. එක ලොකු උදව්වක් මට වැරදි හදාගන්න. ඔයාලට තෙරුවන් සරනයි.  ජිවිතේ අදුරු වලාවන් මැකී ගිහින් ලස්සන හෙට දිනක් ඔයාල හැමෝටම උදා වෙන්න කියල මම පාර්තනා කරනව.

~~~ish~~~

No comments:

Post a Comment