Translate

Thursday, June 5, 2014

ඔයාගේ ආදරේ කොයි වගේද... ආදරේ කරන්න ඕන කොහොමද ..?

ඔන්න දැන් මම ගැටලුවක් අහන්නම් මෙන්න මේ වගේ..

ඔයා අම්මට ආදරේ කරන්නේ එක දවසයිද...?
හැම අවුරුද්දකම මැයි මාසේ 12 වෙනිදට විතරද..එහෙමත් නැත්නම් ඒ ආදරණීය දවස සමරන්නේ එදාට විතරද..?
අම්මට ආදරේ කියල රටටම ඇහෙන්න කියන්නේ එදාට විතරද...යාලුවනේ,?

ඇත්ත අපි ඒ වගේ දවසක් මේ ලෝකේ ඉන්න උතුම්ම පදවිය දරන මවු පදවිය දරන අපෙ රත්තරන්, රත්තරන් කියුවොත් වැරදීයි මොකද ඒ පදවියට සමාන කරලා කියන්න දෙයක් නෑ මේ ලෝකේ ඒ තරම් සෙනෙහසකට ආදරයකට ආශිර්වාදයකට සමාන කරන්න පුළුවන් යමක් තියෙනවද යාලුවනේ...එකම දෙයයි තයෙන්නේ තවත් මවු සෙනෙහසකට ආදරයකට විතරයි නේද.. ඉතින් යාලුවනේ අර මම කලින් අහපු ගැටළු වලට උත්තර දෙන්න බැලුවොත් මොකද හිතෙන්නේ..ඇත්තටම යාලුවනේ අපි මවු සෙනෙහසට ආදරයට ඒ කරුණාවට ඒ දයාවට සම කරන්න එක දිනයක් මැදි නේද...? අපේ අම්ම කෙනෙක් අපිට ආදරේ කරන්නේ කවද ඉදලද යාලුවනේ...ඇත්තටම දිනයක් කියන්නත් හරිම අමාරුයි..කෙටියෙන් කියන්නම් දෙන්නෙක් යහළුවෙකුයි යෙහෙලියකුයි ආදරේ කරන්න පටන් ගත්තොත් හෝ කෙනෙක් තවත් කෙනෙක් කෙරෙහි ආදරේ කරන්න හිතපු දවසේ ඉදල එක්කෝ මවු පදවිය හෝ පීතෘ පදවිය ගැන එකම එක හීනයක් හරි හිතේ ඇතිවනවා නේද යාලුවනේ..ඇත්තම කතා කරොත් එහෙම නේද..? ඔයාල අපි හැමෝමමේ ලෝකේ එකිනෙකාට ආදරේ කරනවා..ඉතින් ඒ ආදරේ කරන අතරේ මේ හීනයත් දකිනවා නේද.. එදා ඉදල කල්පනා කරනවා මම මගේ ළමයින්ට මට වඩා සැප සම්පත් දෙන්න හිතනවා..මෙන්න මේ වගේ පාසලකට දානවා.මේ වගේ කෑම බීම ඇදුම් පැළදුම් දීල සතුටු කරනවා.හැමෝටම වඩා ඉස්සරහින් තියනවා කියල ඒ ආදරේ කරන දෙන්න අනාගතේ සැලසුම් කරනවා නේද යාලුවනේ..ඉතින් අපි හැමෝම මනුස්සයෝ...මේ දේවල් වැරදි නෑ නේද..? ඉතින් යාලුවනේ ඒ වගේ ඈත දවසක හිතේ ඇති උන ආදරයක් තමයි තාමත් අපි වෙනුවෙන් මොනම මොහොතකවත් වෙනස් නොවී අංශු මාත්‍රයක්වත් අඩු නොවී හැමදාකම තව තවත් වැඩි වෙවී පිරී ඉතිරිල යන සෙනෙහසකට ආදරේකට උරුම කම් කියන්නේ.ඒ වෙන කවුරුවත් නෙවෙයි නේද යාලුවනේ "වෙහෙරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ...නුබයි අපේ අම්ම.." යාලුවනේ ඔයාල අපි හැමෝම අපේ අම්මගේ කුසේ පිළිසිද ගන්න කලින් දන්නවද අපි මෙන්න මේ අම්මගේ කුසේ තමයි ඉපදෙන්නේ..හැබැයි මේ අම්මට සල්ලි නෑ,එයා ජීවත් වෙන්නේ ලෝකේ තියෙන පහත්ම කුලේක සමාජයක,හැමෝගෙන්ම කොන් උන දුප්පත් පවුලක කෙනක් කියල..එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ යාන වාහන ඉඩකඩම් සැපසම්පත් තියෙන අම්ම කෙනෙක් ලග..අපිට තේරෙනවද යාලුවනේ..එහෙමත් නැත්නම් අපි අපේ අම්ම විදින සැප සම්පත් බලල නෙවෙයි නේද අපේ අම්මගේ කුසේ පිලිසිද්ගන්නේ...

බලන්න යාලුවනේ ඔකේ අනිත් පැත්ත,
අපේ අම්ම දන්නවද මම ගිය ආත්මේ මොන දේ කරාද කියල,සමහරවිට ලෝකේ තියෙන ලොකුම පාපකර්මයක් කල කෙනකුගේ ප්‍රතිසන්ධි සිතක් වෙන්න පුළුවන්..ඉතින් එහෙම පිලිසිදගනිද්දී අපේ අම්ම කියනවද මට ඔයා එපා කියල..නෑ නේද යාලුවනේ...අපේ අම්ම අපිව කුසට එන්නත් කලින් ඉදල තිබුන ආදරේ කුසට ආපු ගමන් අනන්තවත් අයුරින් ගලාගෙන යන පිරී ඉතුරුන සතුටකින් සෙනෙහසකින් උපරිම ආරක්ෂාවෙන් අපිව රකිනවා නේද.. නිකමට බලන්න යාලුවනේ ඔයාගේ සහෝදරියක්..එහෙමත් නැත්නම් ඔයාගේ අම්ම තවත් ඔයාගේ සහෝදරියක් හෝ සහෝදරියෙක් කුසේ දරාගෙන ඉන්න කාලේ කොයිතරම් ආරක්ෂා වෙනවාද කියල..කෑමෙන් බීමෙන්, ඉන්න විදියෙන් ,ඇවිදින විදියෙන්, නෑමෙන් ,හිතන විදියෙන්,දකින දේවල් වලින්,අහන දේවල් වලින්,,,,මේ හැම දෙකින්ම අම්ම බාහිර ලෝකයත් එක්ක කාරුණික වෙනවා නේද..ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි නේද යාලුවනේ..තමන්ට ලැබෙන්න ඉන්න ළමය වෙනුවෙන් නේද යාලුවනේ...

යාලුවනේ ඉතින් අන්න එහෙම ආදරයකින් අපිව රැකගන්නේ මේ ලෝකේ විදින්න පුළුවන් උපරිම වේදනාව විදලා, අපිව මේ ලෝකෙට බිහිකල නිසා නේද යාලුවනේ අම්ම කියන නම දරන්නේ..යාලුවනේ එතනින් එහාට අම්ම කෙනෙක්ගේ ආදරේ අඩු වෙනවද..? අපි පොඩි කාලේ කරන වැඩ දිහා බලාගෙන ඉන්න අම්මට මොනවාද හිතෙන්නේ..මගේ කොල්ල/මගේ කෙල්ල කවද හරි මේ වගේ කෙනෙක් වෙයි..ලස්සන වෙයි,ලස්සනට අම්ම එක්ක හිනා වෙනකොට අම්ම කෙනෙක්ගේ හිතේ ආදරේ කොයිවගේ දැනෙනවද යාලුවනේ...කියන්න බැරි තරම් නේද.? කවදාවත් අපිව තනිකරලා කොහෙවත් යනවද සැබෑ ආදරයකින් යුක්ත අම්ම කෙනෙක් නම්..එත් යාලුවනේ මෙන්න මේ යථාර්ථවත් මවු සෙනහසට කැළලක් ඇති කරන අම්මලත් නැතුවම නෙවෙයි නේද අද සමාජයේ..ඒ ගැන අපි වෙනම කතාකරමුකෝ.මොකද මේ වගේ දවසක අම්ම කෙනෙක්ගේ ගුණ වර්නා කරන එක විතරයි කල යුත්තේ..එහෙම නේද..? යාලුවනේ මේ පිරී ඉතිරුනා අදරේ අපි ගිල්ලවල අසීමිතව අපිට ආදරෙන් හැම දෙයක්ම ලගටම දීල අපිව උස්මහත් කරවල..යම් කිසි දවසක අපි අම්මල තාත්තල උනහමත් අපේ ළමයින් ගැනත් හොයල බලල සතුටුවෙන්න ඉන්න අපේම කෙනා කවුද යාලුවනේ..ඇත්තටම එක්කෙනක් නෙවෙයි දෙන්නෙක්.ඒ අපේ අම්මයි තාත්තයි නේද..? යාලුවනේ ඇත්තටම අපි හරිනම් මේ දෙන්නට සලකන්න ඕන කොයිවගේද කියල ප්‍රශ්නයක් අහන එකත් පවක් නේද...?මොකද ඒ දේට උත්තරයක් නැති තරම්..අපි දැනගන්න ඕන අපි කරන කියන හැමදේකටම වඩා අපේ අම්මයි තාත්තයි උඩින් තියන්න..ඒ දෙපලට උපරිම අයුරින් සලකන්න..ඒ හැමවෙලාවකම එයාලව සතුටු කිරීමෙන් නේද යාලුවනේ.. අපිට සල්ලි ඒ තරම් නැති උනත් තියෙන විදියට අම්මටයි තාත්තටයි වෙනසක් නොකර කන්න අදින්න දීල පුළුවන් හැමවෙලාවකම අම්ම ගැන සැපදුක විමසලා අම්මගේ ආශිර්වාදය ගන්න කකුල් දෙක අල්ලලා දණගහල වදින්න පුළුවන් නම්.ඒ දවස ඒ මොහොත තරම් සතුටක් මොනම අවස්තාවක ලැබේවිද කියල හිතාගන්නත් බෑ යාලුවනේ.. ඔයාලටම තේරුම් ගත හැකි නේද අම්මගේ තාත්තගේ කැමැත්ත යම් දෙකට ලැබුනම තියෙන සතුට,ඒ වගේම ඒ දෙන්නගේ ආශිර්වාදය ලැබුනම තියෙන සතුට අසීමිතයි නේද..අප්‍රමානයි නේද.. යාලුවනේ අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් එක දිනයකට විතරක් ආදරේ කරන්න එපා..

අනික ඒ දිනයට ආදරේ කරන්න එපා අම්මට ආදරේ කරන්න යාලුවනේ..අම්මට සලකන හැම මොහොතක්ම හැම දිනයක්ම ඔයාව සතුටින් තියාවි,ගෙදර බුදුන් අම්ම කියල කියන්නේ අපි කට කහනවට නෙවෙයි නේද යාලුවනේ.. ඒ අසීමිත ආදරයට ඔයාලත් අප්‍රමාණව ගරු කරලා ආදරේ කරන්න..හැම වෙලාවකම අම්මව සතුටින් තියන බලන්න යාලුවනේ..අම්මව සතුටින් තියද්දි ඔයාලටත් සතුටුයි නේද..එහෙම කරනවානම් හැමදාකම ඔයාලටත් මටත් අපි හැමෝටමත් මේ මනුස්සකම ගොඩක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්.. යාලුවනේ අම්ම ලෙඩ උන දවසට අම්ම ඇවිදින්න බැරුව එක තැනක ඉන්න දවසට අපි හැමෝටම ත්රුම් යනවා අම්ම කෙනෙක් කරනවද කොයි තරම වැඩ කොටසක් කියල.ඇත්තම කියුවොත් ඒ වැඩ කොටස අපිට කරන්න බැරි තරම්...එහෙම නේද..

අවසාන වශයෙන් එක දෙයක් කියන්නම් යාලුවනේ අත්තද බොරුද කියල ඔයාලම කල්ප්නාකරන්නකෝ..
අපි ආදරේට සමාන කල හැක්කේ මොකද්ද කියල බැලුවොත් ..එහෙමත් නැත්නම් ආදරයට දෙන්න පුළුවන් හොදම නිර්වචනේ මොකද්ද කියල බැලුවොත් ඒ තමයි මම නම් දකින්නේ අම්මගේ තාත්තගේ ආදරය හා සමානයි කියල....ඉතින් අපේ මනුසත්කමත් මේ උතුම් මවු සෙනෙහස වගේම පතුරුවන්න අම්ම වෙනුවෙන් හැම වෙලාවකම හැම අයුරකින්ම කැපවෙන්න මතක තියාගමු යාලුවනේ... කවදාකවත් එක දිනයකට පමණක් එක මොහොතකට පමණක් අම්ම කෙනෙකුට ආදරේ කරන්න එපා..ඒ දේට කාලයක් කලමනාකරන්නවත් එපා..හැම මොහොතක් මොහොතක් පාසා අම්මට තාත්තට ආදරේ කරමු යාලුවනේ...

No comments:

Post a Comment