Translate

Thursday, June 5, 2014

ඔය කොලුව අඬවන්නෙ නැතුව හිටපන්.

බොහොම ඉස්සර ඈත කාලයේ මිනිස්සුන්ට හැතම්ම දහයක් පහලොවක් නෙමේ, සිය ගනනක් වුනත් පයින් යනවා කියන එක ඒ තරම් ලොකු වැඩක් නෙමේ. හේතුව ඒ කාලයේ අද වගේ යාන වාහන හරි පාරවල් තොටවල් හරි තිබුනේ නෑ. යන ගමනක් යන්ට තිබුනේ පයින්. ගල් මුල් උඩින් පැනගෙන කඳු හෙල් නඟිමින් බහිමින් ඇල දොල ගංගා තරණය කරමින් බොහොම දුක් මහන්සියෙන්. මේ විදිහට හැර වෙන විකල්පයක් තිබුනේ නෑ.

මනමාලියක් කැන්දා ගෙන එනවානම් මනමාලයා ඇතුලු පිරිස ගියේ දුර ප්‍රමානයේ හැටියට දවසක් දෙකක් කල් ඇතිව. මනමාලි ගේ ගෙදරට මනමාලයා ඇතුලු පිරිස අද වගේ එක වරට ඇතුලු වෙන්ට පුලුවන් කමක් තිබුනේ නෑ. මනමාලිගේ ගෙදර කඩුල්ල ලඟට නෑදෑ පිරිස යනකොටම මනමාලිගේ පැත්තේ කෙනෙක් කඩුල්ලෙන් ඇතුලු වීම තහංචි කරනවා. ඒ තහංචිය ඇරගෙන (නැතිකරලා) යන්ට පුලුවන් දැන උගත් කෙනෙක් මනාලයාගේ නෑදෑ පිරිස අතරේ ඉන්ට ඕනේ.

මේ වගේම කඩුල්ල විතරක් නෙමේ, කඩුල්ලෙන් ඇතුලු වෙලා ගෙට ගියාම වාඩි වෙන එක, ඊලඟට බුලත් හෙප්පුව, කෑම මේසට වගේ ඒවා තහංචි කරනව. හැම මඟුල් කටයුත්තකදීම මේ වගේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර කෙරුණා. මේ තහංචි කිරීමත්, තහංචි ඇරීමත් දන්නා අය මඟුල් කටයුතු වලදී හවුල් කරවා ගන්ට දෙපැත්තම වග බලා ගත්තා.

ඒ කාලයේ උඹ වරෙන් පලයන් කෙල්ල කොල්ලා වගේ වචන භාවිතා කිරීම පහත් දෙයක් හැටියට සැලකුවේ නෑ. මොකද සමාජයේ කතා බහකෙරුනේ ඔය විදිහට.

ඔන්න ඔය කාලයේ මනමාලියක් කැන්දාගෙන ඒමට මනමාලයා ඇතුලු පිරිසක් ගියා මනමාලිගේ ගෙදරට. දෙපක්ශය එකතු වෙලා රට තොට තොරතුරු සාකච්චා කරලා විහිළුවෙන් තහළුවෙන් කාලය ගත කලා. රෑට කෑම කාලා සුළු විවේකයක් ගත කරලා ආයෙත් ඉතින් නොයෙක් ඕපාදූප කතා කර කර හිටියා.

මෙහෙම ටික වෙලාවක් යනකොට මනමාලිගේ පියා කාඹරයට ගිහින් ගෙනාවා, වෙස්සන්තර ජාතක කවි පොත. ඒ පොත මනමාලයාගේ අතට දීලා කීවා "කොළුවෝ, මේක ලස්සනට ඇදලා පැදලා කියවාපන්කෝ" අපට අහගෙන ඉන්ට කියලා. ඒක බොහොම හොඳ වැඩක් කියලා එතන හිටපු අය පැදුර එලාගෙන මනමාලයා ඉදිරිපිටින් වාඩිවුනා. එහෙම වාඩි වෙලා ඒ අයත් කීවා හා; අපිට අහගන්ට ලස්සනට කියවාපන්කෝ කියලා.

මනමාලයා පොතේ ඒ පැත්ත මේ පැත්ත පෙරලනවා, කොල පෙරලනවා, අඬනවා ටික වේලාවක් පිරිස බලන් හිටියා. පොත කියවන්නේ නෑ, මනමාලයා අඬනවා. එන්ට එන්ට මනමාලයාගේ ඇඬිල්ල වැඩියි. පිරිසට ලොකු කුතුහලයක් ඇයි ? මෙයා අඬන්නේ කියලා. මනමාලිගේ පියා ඇහුවා "ඇයි ? මොකද පුතේ අඬන්නේ " කියලා.

මනමාලයා කීවා "අනේ ! අපේ බුදු හාමුදුරුවො බුදුවෙන්න විඳලා තියෙන දුකක්, මට මටහ්ක් වෙනකොටත් ඇඬෙනවා" කියලා.

මනමාලිගේ මව් ඒක අහ‍ඟෙන ඉඳාලා කීවා "අනේ ! ඔය කොලුවා අඬවන්න එපා, ඔය පොත ඉල්ලලා පැත්තකින් තියපල්ලා" කියලා.

මනමාලිගේ පියා පොත අතට ගනිමින් කීවා "හා.. හා... කොලුවෝ නුඹ නාඬන්" කියලා.

මනමාලයත් පොත ආපහු දීල ඇඬිල්ල නතර කලා.

මනමාලිගේ නෑදෑයෝ දැනගෙන හිටියේ නෑ මනමාලයා ඇඬුවේ අකුරු දන්නෙ නැති නිසා කියලා.

උපුටා ගැනුමකි.
True Love Never Dies & Love is Everything Team.
http://www.facebook.com/true.love.never.dies77
♥♥...♥¸.•**•.Like Page.•**•.¸♥...♥♥ ♬☆☞▶▷ⓛⓘⓚⓔ♥ⓤⓢ◀◁☜☆♬
♥...Like...♥...Comment...♥...Share...♥
D♥ Presents...™©®

No comments:

Post a Comment