Translate

Thursday, June 19, 2014

වර්තමාන‍යේ වල්මත් තාරුන්‍යයේ ආදරයේ දුක්බර මොහොත..

දැන් ඉන්න ගොඩක් කෙල්ලො කොල්ලො වැඩිපුරම දුක් වෙන කාරනාවක් තමයි තමන්ගෙ පෙම්වතිය හෝ පෙම්වතා තමන්ව දාල ගියා කියල දුක් වෙන එක. නමුත් මන් ඔයාලගෙන් අහනව පෙම්වතා හරි පෙම්වතිය හරි අපිව දාල ගියාම අපි අඩන්න ඕනිද කියල.

ඔයාල පොඩ්ඩක් කල්පනා කරල බලන්නකෝ. ඔයාව එපා නිසා ඔයාව දාල ගිය කෙනෙක් වෙනුවෙන් විනාඩියක් හරි අපි දුකින් කාලය ගත කරන්නෙ ඇයි?

අද ඔයාව දාල ගියපු කෙනා ඔයාට ලමයි තුන් හතර දෙනෙක් දීල ඔයාව තනිකරල දාල ගියා නම් අදට වඩා ඒ දවසට ඔයා කොච්චර අසරන වෙනවද? එහෙම බලපුවාම එහෙම වෙන්න කලින් දාල ගිය එක කොච්චර හොදයිද.?

පොඩ්ඩක් ලොකෙ දිහා ඇස් ඇරල බලන්න. සමහර කාන්තාවො තමන්ගෙ ස්වාමි පුර්ෂය මිය ගිය නිසා ගනිකාවන් බවට පත් වෙලා. තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න සල්ලි නැති නිසා ගොඩක් මිනිස්සුන්ගෙ බැනුම් ගැරහුම් මැද එයාල තම්න්ගෙ ඇග විකුනන්නෙ තමන්ගෙ දරුවන්ව හාමතේ තියන්න බැරි නිසා. එත් එයාල හිතේ කොච්චර දුකක් තිබුනත් ඒක පිටතට පෙන්නන්නෙ නෑ. කොහොම හ‍රි එයාල ඉවසා දරාගන්නව.

සමහර දුප්පත් දෙමව්පියො තම්න්ගෙ දරුවන්ට කන්න  දෙන්නෙ වේලක් ඇර වේලක්. ඒ කන්න දෙන්නෙ වෙන්නෙ නැති වේලෙට ඒ දෙමව්පියන්ගෙ හිතට කොච්චර දුකක් දැනෙනව ඇද්ද... එත් එයාලට ජීවිතේ එපා වෙන්නෙත් නෑ, එයාල අඩන්නෙත් නෑ.
ඒත් දැන් ඉන්න මෝඩ පෙම්වතියොයි, පේමවන්තයොයි තමන්ගෙ ආදරේ නැති උනා කියල සියදිවිත් නසාගන්නව. තවත් අය තමන්ගෙ ජීවිත ගොඩාක් කාලකන්නි කර ගන්නව.

නමුත් පොඩ්ඩක් හිතල බලන්න. ඔයාලට නොලැබුනේ කොහේ හරි යන කාලකන්නියෙක්ගෙ ආදරේ. එහෙම දෙයක් නොලැබුන එක ගැන දුක් වෙන්න ඕනිද සතුටු වෙන්න ඕනිද කියල...

~~~ish~~~

No comments:

Post a Comment