Translate

Saturday, August 15, 2015

ආදරය සහ ජීවිතය.

අපේ ජිවිත වලට නැතුවම බැරි දෙයක් තමයි ආදරය. හොද කෙනෙක් ගෙන් අපිට ආදරයක් ලබුනොත් අපේ ජීවිත ලස්සන වෙනව. ඒ වගේම නරක කෙනෙක්ගෙන් අපට ආදරයක් ලැබුනොත් අපේ ජීවිත විනාශ වෙනව. ඒ වගේම කෙනෙක් හොද හෝ නරක කෙනෙක් කරන්නත් අපිට ලැබෙන ආදරයකට පුලුවන්.

තනිකමෙන්, පාලුවෙන්, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්ට හොද උත්තරයක් තමයි ආදරය. ඒ වගෙම අරමුණක් නැතිව ජීවිතේ ඔහේ යන්න දීලා බලන් ඉන්න කෙනෙක්ට ජීවිතේට අලුත් අරමුණු එක් කර ගන්න පුලුවන් දෙයක් තමයි ආදරය. අපේ ආගම් වල හැටියට අපි කරන මේ කිසිම දේකින් වැඩක් නෑ. නමුත් අපි ගිහියො වෙලා ඉන්නව නම් අපිට හොද, ලස්සන, ප්‍රීතිමත් ජීවිතයක් ඕනි කරනව. ආදරය නිසා අපි සතුටෙන් ජීවත් වෙනව. ඒ වගේම ආදරයනිසා අපේ ජීවිත ලස්සණ වෙනව.

විකිපීඩියා එක කියන විදියට නම් ආදරය කියන්නේ බැඳීම සහ ලිංගික ආකර්ශනයට
සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක
මිශ්රනයකට. මම නම් ඒක විශ්වාස කරනව. කවෘ හරි කියන්ව නම් ලිංගික ආකර්ශනය කියන දේ ආදරයකට ඕනි නෑ කියල එක බොරුවක්.  උඩ කියපු කාරනා දෙකම අනිවාරෙන් ආදරයකට ඕනිමයි.

ලියන්න පටන් ගත්තම නම් හිතට හුගක් දේවල් එනම. පෝස්ට් එක දිග වැඩි උනාම බෝරින්නෙ. එ හින්ද අදට ඔය ඇති. මතකනෙ මෛත්‍රීගෙ ලියුමෙ හැටි.

සුභ අනාගතයක්. මම ඔයාලගෙ ආදරණීය IsH.

No comments:

Post a Comment