Translate

Saturday, August 22, 2015

ප්‍රේමය පැවසිය යුතුද.?

ප්‍රේමය පැවසිය යුතුද..?

විරුද්ධ ලිංගික ආකර්ශනය  සමාජයේ සුලබ දෙයකි. වර්තමානයේදී විවිධ වූ කරුණු අරඹයා විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ශනය වේ. ඒවා අතරින් මුලිකම ප්‍රධාන කරුන ප්‍රේමය නම් වේ. ශිෂ්ටත්වයට පත් මානවයා තම වර්ගයා බෝ කරගැනීමේ කියාවලිය විවාහය මත පදනම් කරගෙන ඇත. සමහරෙක් ආදරය කර විවාහ වන අතර තවත් සමහරෙක් විවාහ වී ආදරය කරයි. කොයි ආකාරයකට වුවද ආදරය නැති තැන විවාහයකට පැවැත්මක් නැත.

අපේ හිත් වලට කවුරු ගැන කොයි වෙලාවෙ ආදරයක් දැනෙයිද කියල කවුරුවත් දන්නෙ නෑ. කෙනෙක්ව දකින මුල්ම දවසෙ වෙන්න පුලුවන් ආදරයක් ඇති වෙන්නෙ. නැත්තම් ටික කාලයක් ගියාම වෙන්න පුලුවන්. සමහරක් වෙලාවට ඒ ආදරේ වගේ දැනෙන්නෙ ආකර්ශනයක් විතරයි.

කොහොම උනත් ඒ අපිට දැනුන ආදරේ ඒ කෙනාට කියන්න ඕනිද.?

ගොඩ දෙනෙක් ආදරේ කරල විවාහ වෙලා. දරු මල්ලො හදාගෙන ජීවත් වෙන්න තමයි බලන්නෙ.  ලුණුයි බතුයි කාල හරි ජීවත් වෙමු කියල තමයි කතාවට නම් කියන්නෙ. එහෙම ජීවත් වෙනව කියල හිතනව නම් තමන්ගෙ හිතේ තියෙන ප්‍රේමය අනිත් කෙනාට කියන්න ඕනි.

නමුත් ආදරේ කියන්නෙ කියන්න ඕනිම දෙයක් කියල මම නම් හිතන් නෑ.. ආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න ඕනි දෙයක්වත්, උදුර ගන්න ඕනි දෙයක්වත් නෙමෙයි. අපි ආදරේ කරන කෙනාට ඈත ඉදන් සතුටින් ඉන්න උදව් කරල අපි සතුටු වෙන එක තමයි හරිම ආදරේ.

තෑන්ක් යූ.
මම IsH

No comments:

Post a Comment