Translate

Sunday, August 23, 2015

මද කිපෙන අලි.

මේක දේශපාලනය ගැන පෝස්ට් එකක් නම් නෙමෙයි. අලිය මුනිස්සුන්ට ගොඩක් ප්‍රයෝජනවත් සතෙක්නෙ. කොහොමත් "අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි එපා වෙන් නෑ" කියලනෙ කතාවටත් කියන්නෙ.

අලින් ඉතාමත්ම දරුණු වූ අවස්ථාවන් ගැන පමණක් නොව එම දරුණු සරින් සිදු කළ නොයෙකුත් වූ විනාශයන් ගැනද අපි කොතෙකුත් කතාන්තර අසා ඇත්තෙමු. අලි බොහෝ විට මෙලෙස දරුණු වන්නේ ප්රධාන කරුණු තුනක් මුල් කරගෙනයි. ඒ අනුව දත් කැක්කුමක් හටගත් විටද අලි වඩාත් දරුණු වෙති. එලෙසින්ම වෙඩි පහරවලින් තුවාල ලබන විටද ඔවුන් දරුණු වන අතර අලි මද වැටෙන විට ද බෙහෙවින් දරුණු වෙතියි කියෑවේ. මේ සෑම අවස්ථාවකදීම තරහව, කෝපය මෙන්ම වෛරයද අලින් තුළ ඇති වීම මේ දරුණු වීම්වලට හේතුවයි. අලින්ගේ ඔළුව දෙපස ඇතුළේ පිහිටි ශංඛක ග්රන්ථීන් පිරී තද බද වීමෙන් ඔළුව දෙපැත්තට වැක්කෙරෙන කහ පාටට හුරු තෙලකට හුරු මේ දියරය "මද" වශයෙන් හැඳින්වේ. මෙම මද මෙසේ අලින්ගෙන් දින කිහිපයක් වැක්කෙරෙන්නට පිළිවන. එසේම එය සති කිහිපයක් හෝ මාස ගණනක් ඉක්ම යන තෙක් ද වෑහෙන්නට බැරිකමක් නැත. කෙසේ වුවත් මෙම විපර්යාසය සිදුවන මේ කාලයේ අලින් සිටින්නේ දැඩි කෝපයකින්ය. එයට හේතුව කුමක්දැයි තවමත් හරි හැටි සොයාගෙන නැත.  දැන හඳුනාගත් මිත්රශීලී දෙදෙනෙක් හමුවූ විට සොඩ කෙළවර ඔවුනොවුන්ගේ මුව තුළ රදවා ගැනීමත් ආහාර ගන්නා අවස්ථාවල එලෙසම සිදු කිරීමත් අලි ඇතුන්ගේ මිත්රශීලීකම් අගවන සුලභ චර්යාවන් වේ. මේ හැරුණු විට මද ග්රන්ථී හෙවත් ශංඛක ග්රන්ථී (Temporal gland) ගැහැණු පිරිමි භේදයකින් තොරව සොඩයෙන් ස්පර්ශ කර ගනිති. එවිට මද ග්රන්ථී වලින් මද වෑස්සීම සිදු වේ. මොවුන් මද කාලයට (මද කිපෙන කාලය ලෙස ව්යවහාරයේ පවතී.) මද ග්රන්ථී තරමක් ඉදිරියට නෙරා පිහිටයි. එමෙන්ම සංවාසයේදී, දිවීමේදී හා උග්ර සටන් වලදී මද ග්රන්ථී පැහැදිලිව ඉදිරියට නොරා එයි. පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරොන් මෙම මද ස්රාවයේ අඩංගු වේ.

මද කිපුණු අලියකු මෙලෙස කෝප වී කළ විනාශයකට එම අලියාගෙන් සියුම් ලෙස පළිගත් කැටකිරිල්ලියක් පිළිබඳ අපූරු කතාවක් අපේ පන්සිය පනස් ජාතක පොතෙහිද දක්නට ලැබෙයි. එනම් ඒ ජාතක පොතෙහි එන තුන්සිය හතළිස් හය වැනි ජාතක කතාව වන "ලටුකික ජාතකය" යි. මේ හෙයින් විශේෂයෙන් හීලෑ අලියකු නම් මද කිපෙන විට ඌ දඬු වැටකින් කොටුකර තැබිය යුතුය. එසේත් නැත්නම් ශක්තිමත් යකඩ දම්වැලකින් ඌ බැඳ දැමිය යුතු වන්නේය. අලියාගෙන් සේම ඇතින්නියගෙන්ද මේ මද වෑහෙන බව සත්යයක් වුවත් ඇතින්නියන්ගෙන් මද වෑහෙන්නේ කලාතුරකින්ය. මද කිපෙන අලින් කෙසේ වුවත් අතීතයේ දී නම් හඳුන්වා ඇත්තේ, හොර අලින්" ලෙසය. කිසිම බයක් හෝ හැකක් නැතිව මිනිසකු දුටු ගමන් පැන ඔහුට පහරදී මරා පොඩිපට්ටම්කර දැමීම මේ හොර අලින් කෙරෙන් කැපී පෙනෙන ලක්ෂණයක්ය. මෙබඳු හොර අලින් සැබැවින්ම දක්නට ලැබෙන්නේ කලාතුරකින්ය. කෙත්වතු කුඹුරු ආදිය පාළු කිරීමද මෙම හොර අලින්ගේ ලක්ෂණයක් ලෙස අතීත ගැමියෝ වටහා ගෙන සිටියහ.

අපේ තරුණ තරුණියන්ගෙත් මද කිපෙන කාලෙ වගේ කාලෙ තමයි වයස 18 ත් 30 ත් අතර වෙන කාල පරතරය. ඒ කාලෙ තරුණ තරුණියො කවුරුවත් කියන දෙවල් අහන්නෙ නෑ. ඒ වගේම හුගක් ආවේගශීලියි. පොඩ්ඩක් වැරදෙන්න බෑ රණ්ඩු. ඕනි තරම් ගහ ගන්නව බැරි වෙලා ඇගේ හැප්පුනා කියල.

ඔය කාලෙදි ජීවිතේ ගැන අත්දැකීම් එහෙම අඩු උතත් හිතන්නෙ තමන් හැමදේ ගැනම හොදට දන්නව කියල තමයි. ඔය කාලෙදි දැනෙන අදහස් ගොඩක් නැවිම්. ඒ උනාට ඒව ප්‍රායෝගික නෑ. ඒ අදහස් ක්‍රියාවට නන්වන්න ඕනි වැඩිහිටියන්ගෙන් අදහස් හා යෝජනා එහෙමත් අරගෙන. එතකොට තමයි අපිට ඒවයින් හොද ප්‍රතිපල ලැබෙන්නෙ.

ඔයාලට බුදු සරණයි. මම IsH.

No comments:

Post a Comment