Translate

Tuesday, June 18, 2013

සැබෑ ආදරය සොයමු.

ආදරය සහ ජීවිතය පිළිබදව ඔබ ඉන්නේ යම් කිසි
පසුතැවීමකින්ද? එයට හේතුව ඔබ ළගින්ම ඉන්න
මිතුරා හෝ මිතුරිය පෙම්වතියක්
හෝ පෙම්වතෙක් සොයා ගැනීමද? ඔබ
සිතන්නේ ඔබට ආදරය අහිමි වන්නේ ඇයි දැයි
කියාද? ඔබේ ජීවිතයට ආදරය සොයා ගැනීමේදී
අනුගමනය කළ හැකි සරළ දේවල් කිහිපයකි
මේ.

වඩාත් කාර්යබහුල වන ඔබට
වෘත්තීය ජීවිතය හේතුවෙන් වඩාත් කාර්ය බහුල
වන ඔබ ගැළපෙන ආදරය සොයා ගැනීම
සදහා කාලය වෙන් කරන්න. ආදරය සහ කාලය
යන දෙකම ඔබට නොමැති බව කිව්වේ කවුද?

විසදුම: ඔබ ආදරය සොයා යන්නේ නැති තාක්
ඔබට ආදරය හමු නොවේ. වඩාත් ඥානාන්විත
වන්නේ ඒ සඳහා කාලය මිඩංගු කිරීමයි. ඔබ
විසින් කළ යුතු ප්රධාන කරුණ වන්නේ වඩ
වඩාත් සමාජශීලී වීමයි (සම්මන්ත්රණ ,සමුළු සහ
වෙනත් ඉසවු සඳහා සහභාගී වන්න ).

කදිම ගැළපීම සොයන්න
බොහෝ කාන්තාවන් උසස් තත්වයන් ඇති සහ
උසස් අපේක්ෂාවන්ගෙන් යුතු පිරිමින්
බලාපොරොත්තු වේ. එහි යතාර්ථය කුමක්දැයි
ඔබ වටහා ගන්නා තෙක් එය නිවැරදි යැයි සිතේ.

විසදුම: කිසිවකු සර්ව සම්පූර්ණ නොවීම සත්ය
වේ. එම නිසා නැවත වරක් ඔබගේ Mr. Perfect
ලැයිස්තුව පරීක්ෂා කරමින් එහි ඇති වැඩි දේ අඩු
කිරීමට පටන් ගන්න. ඔබට වඩාත් ගැළපෙන
සැබෑ කරුණු එයින් ලැබෙනු ඇත. ඔබගේ ශක්තීන්
සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඔබ වෙත
පැමිණෙන පිරිමින් තුළ ද එසේ ඇතැයි සිතන්න.

පළමුව ඔබට ආදරය කරන්න
කාන්තාවන්ට සහ පිරිමින්ට ඔවුන්ගේ ජීවිතය තුළ
ටෙලි නාට්යයක මෙන් ප්රතික්ෂේපවීම් සහ
පාවාදීම් වැනි අමිහිරි අතීත අත්දැකීම් තිබිය
හැකිය. එවැනි සිදුවීම් නිසා ඔබගේ ආත්ම
විශ්වාසය බිඳ වැටෙන අතර ආදරය ඔබ
සඳහා නොවේ යැයි විශ්වස කිරීමට පටන් ගනී.

විසදුම: එවැනි තත්ත්වයන් මඟහැරීම සඳහා ආත්ම
අභිමානය ඇති කර ගන්න. ඔබ සමාජයට අවශ්ය
පුද්ගලයකු බවත් ඔබ තුළ ධනාත්මක අදහස් පිරී
ඇති බවත් සිතන්න.ආදරය විශ්වාස කිරීම ඔබ
විසින්ම ආරම්භ කරන්න.
එවිට ඔබේ පසුපස එන
පිරිමින්ද එය විශ්වාස කරාවි!
ආදරයට බිය වීම
සෑමවිටම අපට අවශ්ය වන්නේ ආරක්ෂා වීමයි.
සත්ය ආදරය සොයා යෑමේදී කරදර සිදුවෙතැයි
අප තුළ ඇතිවන බිය නිසා ආදරය සොයා යෑමේදී
අපව පසුපසට තල්ලු කරනු ලබයි.

විසදුම: අවස්තාවන් ලබා ගැනීම සඳහා ඔබටම
බල කරන්න. ඔබේ ජීවිතයේ ඔබට සැබවින්ම
අවශ්ය වන්නේ කුමක්දැයි යන සත්ය සඳහා බල
කරන්න. ඔබට ආදරය අවශ්ය නම් ඔබ ආදරය
සොයා ගත යුතුය. සැබෑ ආදරය ලබා ගැනීම
සඳහා දිරිමත් වීමට ඔබට අවශ්ය
වන්නේ කුමක්දැයි වටහා ගන්න. ඔබට අවශ්ය
දේ වටහා ගනිමින් එය ලබා ගැනීමට සැරසෙන්න.

No comments:

Post a Comment