Translate

Monday, June 24, 2013

පුදුමාකාර දෙයක්....

මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්.....
මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල
මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක්
උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර
වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම
ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට
මාව වදයක් වෙලාද කියල හිතෙනව
වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු
ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න
උවමනාවක් නැහැ කියල මට හිතෙනව. අහද්දි
කියන්නෙනම් ආදරෙයිලු ගොඩාක්.....අනේ මන්ද
මටනම් හිතෙන්නෙ දැන් මුලින් තිබුන ආදරේ දැන්
නැද්ද කියල. ඔයානම් කියන්නෙ ගෑනු ලමයි යාලු
කරගන්න නම් පුදුම අමාරුවක්,යාලූ උනාට
පස්සෙ ඇනයක් වෙනවලු. අනේ මන්ද කොහොම
උනත් මම ඔයාට ආදරෙයි මහා ගොඩක්......එහෙම
එකේ දවසට එක පාරක්වත් කතා නොකර
ඉන්නෙ කොහොමද මම..................ඔයා ඔය
තරමටම ආඩම්බරවෙලා ඉන්නෙ මම දැන් ඔයාට ඔය
තරමටම ආදරේ බව දන්න නිසාද?මට ඔයාගෙන්
තොර ලෝකයක් නැහැ කියල දන්න නිසාද
රත්තරන්.....?

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment