Translate

Sunday, June 23, 2013

පොසොන් පසළොස්වක පෝය - Poson Full Moon Poya Day

මහින්දාගමනයට පෙර යුගය හඳුන්වන්නේ ප්රාග්
මහින්ද යුගය කියලයි. ප්රාග් මහින්ද යුගයේ දී ආගමික
විශ්වාස ඇදහිලි මතයි ජන ජීවිතය පදනම් විය. ඒ
යුගයේ දී දේව ඇදහිලි, ගස් ගල් පර්වත ඇදහීම,
ස්වභාවික වස්තූන්වලට දේවත්වයක් ආරෝපණය කිරීම
යනාදිය සිදු විය. එසේ විවිධාකාරයෙන් ආගම්,
විශ්වාසයන්ට හුරුවුණු මානව ජීවිතයන් ශ්රද්ධා මාර්ගයට
නැඹුරු වුණේ මහින්දාගමනයත් සමඟයි.

සම්බුද්ධත්ව පරිනිර්වාණයෙන් වසර 300 කට පසු
ධර්මාශෝක රජතුමා විසින් ප්රථම වතාවට ජාත්යන්තර
ධර්ම ප්රචාරක සේවාවක් ආරම්භ කරන ලදී. එහි
ප්රතිඵලයක් විදිහට පොසොන් පොහොය දින
මිහින්තලාවට මහින්දාගමනය සිදුවිය. ඒ මීට වසර
2255 කට කලින් බු:ව 236 දී ය. එය පළමු
මහින්දාගමනය වගේම ලෝක ඉතිහාසයේ ජාත්යන්තර
ප්රථම ධර්ම දූත සේවාවයි.

ඒ ක්රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය,
දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව
දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස
ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු
මහරහතන් වහන්සේ ඇතුලු පිරිසය
(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන්
වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන
සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා).

“තිස්ස තිස්ස” පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු
නැවතී හැරී බලයි.

“සමණාමයං මහාරාජ .....”
“මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට
මෙහි පැමිණි බුද්ධ ශ්රාවකයෝ වෙමු.”

රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි
රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්රථම
බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.

´අඹ පැනය`, ´ඥාති පැනය`......
පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන්
යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු ලැබේ.

ඉන් පසු රජතුමා ඇතුළු පිරිස පංච
සීලයේ පිහිටුවා ඔවුන් හට “සුළු ඇත් පද උවම් සුතුර”
හෙවත් “චුල්ල හත්ථි පදෝපම” සූත්රය
දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක්
වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්රය මිහිදු
හිමියන් විසින් ප්රථම වරට දේශනා කරන ලද බණ
වීමයි. මෙහි වටිනා කම පිළිබදව සැලකුවහොත් එය
“දම්සක් පැවතුම්” සුත්රය තරමටම වටින්නේය. ඉන්
අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි
දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්රය
දේශනා කළහ.
චූල හත්ථි පදෝපම සූත්රයෙන් අප ලොව්තුරා බුදු
පියාණන් වහන්සේගේ සම්යක් සම්බුද්ධ භාවයත්,
ධර්මයෙහි ඇති සත්ය භාවයත්, සංඝයා වහන්සේලා සතු
අප්රමාණ ගුණ මහිමයත් හා ත්රිවිද රත්නයේම ඇති
අති ශ්රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කොට පසු
දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ
මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන්
පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත”
යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය
ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී
විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට
වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්රය දේශනා කළහ.

ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි
පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත”
සූත්රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන්
සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක්
මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන්
රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට
“ආසීවසෝපම” සූත්රයද හතර වන දිනයේදී
“අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන්
අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය.

පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්රය
දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට
අධික ප්රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය.
මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය
නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන්
වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි.

තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ
සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන
සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි
කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්රථම වරට සවනක්
ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්රථම මහණ උප
සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද
මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්යාපනය,
ජීවන ක්රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්රමය
මහත් වූ පෙරළියකට ලක් විය. වෙහෙර විහාර , මහ
දාගැබ් ඉදිවෙමින් සාමාන්ය ජනතාව හා සංඝරත්නය
අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි -
ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි
වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ
මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන්
ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට
මිනිසා ක්රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන්
මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම
සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.

එසේ මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික
හා අධ්යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්රබල
බලපෑමක් ඇති කළේය. “පොසොන් පොහොය” ශ්රී
ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම
නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත්
වන්නේ එබැවිනි.

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment