Translate

Friday, June 14, 2013

බොහෝම කාලයකට පෙර විශාල ඇපල් ගසක් විය.

මෙම ගස තමන් අවට දිනපතා සෙල්ලම් කරන
කුඩා දරැවකුට ඉතාමත් ආදරය කලා..
මොහු ගසෙහි මුදුනටම නගිනවා...
ගස් අතු උඩ ඉදගෙන ඇපල් කනවා...
ගසෙහි සෙවනේ මද නින්දෙන් කාලය ගත කරනවා...
මොහු ගසට ඉතා ආදරය කරනවා...ගස එයින් ඉතාමත්
ප්රීතිනට පත් වෙනවා...
කාලය කෙමින් ගෙවී ගොස් දිනක් එම ළමයා නැවත
ගස ලගට පැමිණෙනවා...
"එන්න මා සමග සෙල්ලම් කරන්න..." ගස
පවසනවා...
"මම දැන් ‍පොඩි ළමයෙක් නෙවෙයි...තව දුරටත් ගස්
වටේ දුව දුව සෙල්ලම් කරන්න මට බෑ...මට
සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ඕන.ඒවා ගන්න මට
සල්ලි ඕන.."
"සමාවෙන්න, මා ගාව සල්ලි නෑ. නමුත් ඔබට පුලුවන්
මගේ ඇපල් ගෙඩි විකුණා සල්ලි ගන්න..." ගස
කිවුවා...
ළමයා ඉතාමත් සන්තෝෂයෙන් ඇපල් ගෙඩි සියල්ලම
රැගෙන යනවා...ගස ඉතාමත් ප්රීතියට පත් වෙනවා...
ඉන් පසු ළමයා දකින්නටවත් නැත.ගස ඉතා දුක් විය.
දිනක් ගස පුදුම කරමින් ළමයා නැවත
පැමිණියේය...නමුත් ඔහු දැන් ලොකු මිනිසෙකි.
"එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න..." ගස
පවසයි...
"මට සෙල්ලම් කිරීමට කාලය
නැත...මගේ පවුලේ යහපත වෙනුවෙන් මට වැඩ
කරන්නට සිදුවී ඇත.අපට රැකවරණය සදහා නිවසක්
අවශ්ය වී ඇත.ඔබට පුලුවන්ද මට උදව් කරන්න."
"සමාවෙන්න, මට ඔබට ලබා දීමට නිවසක්
නැත.නමුත් ඔබට පුලුවන් මගේ අතු කපා ගෙන ගොස්
එයින් නිවසක් සාදා ගැනීමට..." ගස කිවුවා...
ඉතාමත් ප්රීතියට පත්වූ මිනිසා ගස කපාගෙන ගියා...
ගස එයින් ඉතා සතුටට පත් වූ නමුත් එයින් පසුව
මිනිසා නැවත දකින්නටවත් නැති විය.ගස නැවතත්
හුදකලාවෙන් දුක් විය.
එක් ග්රීෂ්ම දිනක මිනිසා නැවත ගස වෙත
පැමිණෙයි..
සතුටට පත් වන ගස "එන්න මා සමග සෙල්ලම්
කරන්න..." යැයි පවසයි.
"මම දැන් මහලු වියට එමින් සිටිනවා. මට විවේකී
වන්න යාත්රා කිරීමට අව්යශයි.ඔබට පුලුවන්ද මට
බෝට්ටුවක් දෙන්න."
"මා ලග බෝට්ටු නැහැ. නමුත් ඔබට පුලුවන්
මගේ කදෙන් බෝට්ටුවක් හදාගන්න. එයින් ඔබට
පුලුවන් ඈතට යාත්රා කරන්න."
ඉතින් මිනිසා ගසෙහි කද කපා ගෙන ගොස්
බෝට්ටුවක් සදා ගන්නා ලදී.
නැවත දිගු කලකට ඔහු දකින්නට නැති විය.
අවසානයේ අවුරැදු ගණනාවකට පසුව මිනිසා නැවත
පැමිණියහ.
"සමාවෙන්න මාගේ පුතුණි, දැන් මා ලග ඔබට දීමට
කිසිවක් නැත. තවදුරටත් ඔබට දීමට ඇපල් මා සතුව
නැත." ගස පැවසීය...
"කිසි ප්රශ්ණයක් නැත.දැන් මට ඇපල් කන්නට දත්
නැත." මිනිසා උත්තර දුන්නේය.
" තව දුරටත් ඔබට නැගීමට කදක් මා සතුව නැත." "
ගස නැවත පැවසීය...
" මම ඒ සදහා වයස වැඩීයි" මිනිසා උත්තර දුන්නේය.
" මට ඔබට දීමට කිසිවක් දැන් මා ලග නැත. මා හට
ඉතිරිව ඇත්තේ මාගේ මිය යමින් පවතින මෙම මුල
පමණයි." කදුලු සලමින් ගස පැවසීය.
" මට දැන් කිසිවක් අවශ්ය නැත, දැන් මට අවශ්යව
ඇත්තේ විවේක ගැනීමට ස්ථානයකි. මේ සියල්ල
අවසානවයේ මට මහත් විඩාවක් දැනේ."
මිනිසා පැවසීය.
" හොදයි එසේ නම් මහලු ගසක මුලක් හොදම
තැනක් වෙයි විවේකීව හිද ගෙන සිටීමට. එන්න ඇවිත්
වාඩි වෙන්න."
මිනිසා හිද ගත් අතර ගස ප්රීතියෙන් කදුලු සලන්නට
විය.
ඔබගේ දෙමාපියන්ද මෙම ගස් වැනිය. ඔබට අවශ්ය
දේ දීමට සැදී පැහැදී සිටින්නේ මහා ගසක ලෙසය.
එම ගසේ සෙවනේ ඔබට කොපමන කලක් සිසිලස
ලබා දුන්නේද? ඔබ කොපමණ කාර්ය්ය බහුල වුවත්
කම් නැත. ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඔබ
බැදී සිටිය යුතුය.ඔබ සැබෑ ලෙසම මිනිසෙකු
වන්නේ නම් මෙය නිසැකවම ඔබ පිළිගනු ඇත.

No comments:

Post a Comment