Translate

Sunday, June 2, 2013

Love is a Sharing and a Caring... / ආදරය බෙදා ගැනීමකි...

ආදරය බෙදා ගැනීමකි...

"පොඩි දෙයටත් ඔයාට කේන්ති යනව..."

"හැම වෙලාවෙම රණ්ඩු කරන්න එපා,

ආදරෙන් කථා කරන්නකෝ..."

මේ ආදී වචන හුවමාරුවීම් ආදරය කරන කාලයේදී
පෙම්වතා හෝ පෙම්වතිය විසින් කියන වාර
අපමණයි.ආදරයේ පැවැත්ම ගැන "සිහින සිතිජය"
තුළින් නිතර නිතර කථා කළ අපි අද
කථා කරන්නේ කෝපය ඇතිවීම ආදරයේ පැවැත්මට
බලපාන ආකාරය ගැනයි.

ප්රේමය හා බැඳුණු කෝපය...

පුද්ගලයකුට නිතර කෝපය, තරහව පාලනය කර
ගැනීමට නොහැකිවීම ඔහුගේ ජීවිතයේ ඉදිරි දියුණුවට
ඉතා තදින් බලපාන කාරණයකි. කෝපය සහ තරහ
මගින් කෙනෙකුගේ මානසික තත්ත්වය ව්යාකූල බවට
පත් කරයි. නිවැරදි තීරණ ගැනීමට නොහැකි වෙයි.
හානිකර තීරණ තීන්දුවලට එළැඹීමේ සහ
ප්රචණ්ඩකාරී චර්යාවන් ඇති වීමේ අවදානමක් ඇති
කරයි. ආදරය කරන යුවලක් අතර ඇතිවන මෙවැනි
හැසිරීම් නිසා එම යුවළ අතර ඇති ආදර
සම්බන්ධතා බිඳී යා හැකියි. යෞවන කාලයේ ආදරය
කිරීමේදී ඒ ආදරය නොසිඳී නොකැඩී පවත්වා ගැනීම
සඳහා කළයුතු හොඳම දේ කෝපය සහ තරහව මූලික
කරගත් සිතුවිලි වලින් බැහැර වීමයි. දෙදෙනකු ආදරය
කරන විට ඔවුන්ගේ අදහස්. ආකල්ප සහ
චර්යා සියයට සියයක්ම සමාන නොවන බවත් ඒ
නිසා ගැටීමකට එම දෙදෙනා සහමුලින්ම විවෘත බවත්
අවබෝධ කර ගැනීම තුළින් බොහෝ ගැටුම්
වළක්වා ගත හැකියි.

වැඩි නීති ආදරේ වැඩි නිසයි...

ආදරයේ දී හැම විටම දෙදෙනා ස්වාධීන පුද්ගලයන්
බව මතක තබාගත යුතුයි. තම තමන්ට ආවේණික රුචි
අරුචිකම් ආකල්ප කුසලතා, බුද්ධි මට්ටම්, සමාජ,
පරිසර අත්දැකීම් වලින් හෙබි වෙනස් අනන්යතාවෙන්
යුතු පුද්ගලයන් දෙදෙනකු සීමිත ගැලපීම් සහ
ආකර්ෂණ එකතුවක් නිසා එක්ව ගමනක් යැමට
එකඟව සිටින බව ආදරවන්තයන් අවබෝධ කර
නොගෙන සම්බන්ධතා ඇරඹීම හේතුවෙන්
බොහෝ ගැටලු ඇතිවේ. තමාගේ අභිමතයට පරිදි
අනෙකා වෙනස් කිරීමට උත්සාහ දැරීම පෙම් කරන
සමයේ බොහෝ පෙම්වතුන් අතර දැකිය හැකියි.

තමා ඒ අයුරින් ඉඳිමින් අනෙකා වෙනස් කිරීමට
යැමෙන් සිදුවනුයේ අනෙක් තැනැත්තා වෙනස් වීමට
අකැමැති පුද්ගලයකු වූයේ නම් ප්රශ්න හට ගැනීමයි.
පෙම් කරන සමයේදී පෙම්වතා පෙම්වතියටත්
පෙම්වතිය පෙම්වතාටත් ඉතා කීකරු බවක් දක්වයි.
ආගිය තැන්, හමුවූ අය කාපු බීපු දෑ නින්දට යැම ආදී
සියලු කාරණා පිළිබඳව පෙම්වතා පෙම්වතිය අකුරටම
දැනුවත් කරන්නට පෙම්වතා පෙම්වතිය වග
බලා ගනියි. ආදරයේ ඇති චමත්කාරයත්
අත්දැකීමේ ඇති නැවුම් වින්දනයත් හේතුවෙන්
බොහෝ පෙම්වතුන් පෙම්වතියන් තම
පෙම්වතා හෝ පෙම්වතියගේ මේ නීති රාමුවට
කොටුවී හිඳීමට රුචියක් දක්වයි. එයින් ආස්වාදයක්
ලබන්නේ තමාගේ ආරක්ෂකයා මාර්ගෝපදේශකයා
ගමන් සහකරු ආදී ලෙස සිතමිණි.

එහෙත් මේ දේ නරකයි, නොකළ යුතු යන
අවබෝධයෙන් තොරව පෙම්වතා පෙම්වතිය කෙරෙහි
පවතින දැඩි ආශක්ත බව හේතු කොට ගෙන ඔහු
පවසන ඕනෑම දෙයක් පිළිගෙන සිත සිර කර ගැනීම
කළද එය දිගු කල් පවත්වා ගෙන යැම අසීරුයි. තම
පුරුදු චර්යා මතුවීමට පටන් ගනී. එවිට ගැටුම් හට ගනී.
පෙම්වතුන් එකිනෙකාට කොන්දේසි දමා ගන්නා විට
ඉතා හොඳින් ඒ ගැන දෙදෙනා අතර කතාබහ ඇති විය
යුතුයි. ආදරය කරනවා යනු නීති පැනවීමක්
හෝ රණ්ඩු කිරීමක් නොවේ. එය බෙදා ගැනීමකි.
කැපකිරීමකි. ආරක්ෂා කිරීමකි. විශ්වාස කිරීමකි.

නිදහසේ ආදරය විඳින්න...

සැම විටම නිවැරදි දේ කවුරු අතින් ප්රකාශ වුවද එය
පිළිගෙන කටයුතු කිරීම මගින් බැඳීම් තහවුරු වේ. තම
තේරීම ඉතාම හොඳ තේරීම බව දැනෙන විට
දෙදෙනාටම සතුටක් දැනෙයි. අදහස් වලට අමතරව
ලිංගික ඊරිෂියව නිසාද දෙදෙනා අතර ගැටලු ඇතිවේ.
මේ නිසා ද දැඩි නීති රීති පැනවීම, ඉතා බරපතළ
ලෙස අනෙකාගේ පෞද්ගලික නිදහසට වැට බැඳීම
නිසා මානසික ආතතීන්ට ගොදුරුවූ යෞවන
යෞවනියන් සමාජයේ කොතෙකුත් සිටී. කිසිදු
සාධාරණ හේතුවක් පදනමක් නැතිව තම
පෙම්වතා පෙම්වතියගේ නිදහස සීමා කර ඔහු
හෝ ඇය හදවත තුළ බලෙන් ලැඟුම් ගැනීමට
කිසිදා කිසිවකුට නුපුළුවන.

වැදගත්ම දේ තමා හා එක්ව අතිනත ගෙන ජීවන
ගමනේ කෙලවර දක්වා යැමට පැමිණි තම සදාදරණීය
පෙම්වතා/පෙම්වතිය තෝරා ගෙන ඔබට අවශ්ය
ආකාරයෙන් අලුතින්ම අඹන්නට වෑයම් නොකර
තමාගේ අදහස් ආකල්ප රුචි අරුචිකම්වලට වඩාත්ම
ගැලපෙන පුද්ගලයා තෝරා ගෙන ඔහු/ඇය සමග
ගමන් ඇරඹීමයි. විවාහ කරගෙන හදා ගනිමි
සිතා තමාට නොගැලපෙන කිසිවකු සමග
කිසිදා සම්බන්ධතා ගොඩ නගා නොගන්න. එය
ආදරයේ පැවැත්මට හේතුවනු ඇත.

No comments:

Post a Comment