Translate

Saturday, June 29, 2013

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න.

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව
බැරි වුනා.
එහි ප්රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන්
ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.
ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට
කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.
මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු
ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,
ඔයා මගේ හදවතින් ඈත් වෙලා අද වෙනකොට අවුරුද්දක්ම ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක
වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment