Translate

Friday, June 28, 2013

ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ...

මම ලිව්වා...ඒත් ඔයා කවදාවත් කියෙව්වෙ නෑ
මම ඔයා ලගට වෙලා මිමිණුවා....ඔයා අහගන
හිටියෙ නෑ
මම සන්වේදී....ඔයා කළුගලක් වගේ
මම ඇඩුවා...ඔයා හිනාවුනා
අපි දෙන්න ලෝක දෙකක බව දැන දැනත්
මම අඩ අඩ හිනාවුනේ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන්
ඇඩුවා
මගෙ ඇස් වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස් වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස් වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම
අඩන්නේ නෑ ....

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment