Translate

Wednesday, June 5, 2013

බුදු පියාණන් වහන්සේ...

මනුෂ්ය ජිවිතයක් ලැබිමෙන් පසු එම
ජිවිතය නිසි අවබෝධයකින් යුක්තව හසුරුවා ගැනිමට
මඟ අප උතුම් බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ
සේක. එහෙත් ඒ ධර්මය අද අපි කරතබාගෙන
යනවා මිස එය විවර කර බැලිමට උදාසීන වි ඇත.

පවතින සමාජ රටාව තුල මුදල් පසුපසම
හඹා යාමට අපි සියළුම දෙනාට සිදු වි ඇත. ඒ
හඹායාමත් සමඟ අපි තුල තිබිය යුතු බොහෝමයක්
වටිනාකම් සැඟවි ගොස් ඇත.

එකෙකු පරයමින් එකෙකු නැඟි සිටින්නට
වෙර දරන යුගයක සිට මම මේසේ අකුරු කරමි.
භක්තිය සිතේ තිබුණාට එය ප්රායෝගික කරලිමට
අපි අද අපොසත් වන්නෙමු.

සෑම පෝයදාකටම ශ්රිලංකාවේ සියළුම
පන්සල් අතුරු සිදුරු නැතිව පිරි යන්නෝය. බුදුන්ට
දෝතින්ම දහාසක් මල් ද පුජා කරන්නෙමු. හදුන්කූරු
සුවඳින් මුළු පළාතම සුවඳවත් කරන ගමන්,
ප්රර්ථනා දහාසක් සිතේ තබා පහන් දහාසක්
දල්වාලයි. එහෙත් කාත් කවුරුත් නැති අසරණ
වුවෝ අනාථ නිවාස වල හුදකලා වි සිටිති. ඒ බව
සනාථ කරන නිදසුන් ඕනෑතරම් ඇත. අද
රටේ තිබෙන වැඩිහිටි නිවාස සහ ළමා නිවාස
ප්රමාණය වැඩි වි ඇති බව කණගාටුවෙන් වුවද මම
ප්රකාශ කරමි.

දොහොත් මුදුන් තබා බුදුන් වඳින
දෑතින් ස්ත්රීය දුෂණය කරන වටපිටාවක් නිර්මාණය වි
ඇත. පුතා අම්මා තාත්තා කපා කොටා ඝාතන කරන
තත්වයට පත්ව ඇත. දරුවන් මහ මඟ දමා යන පවිටු
ගැහැණුද අප අතර සිටිති. එවන් වු පසුබිමක සිට
මේ උතුම් තෙමගුලද අපි සිහිපත් කරන්නේමු.

No comments:

Post a Comment