Translate

Sunday, June 9, 2013

ඔබේ වින්ඩෝස් සෙවන් පරිගනකය වේගවත් කර ගැනීමට ඉගි හයක්

අරමුණ
හරි මුලින්ම මම ලියන්න යන අලුත්ම දේ අරමුණ ඔයාලට පැහැදිලි කරන්නම්.. අපි දන්නවා වින්ඩෝස්, තවමත් ලෝකයේ සාමාන්‍ය පරිගනය යූසර්ස්ලා පාවිච්චි කරන්නේ මේ වින්ඩෝස් බේස් ඔපරේටින් සිස්ටම් ඉතින් මම කල්පනා කලා ඔයාලට මේ වින්ඩෝස් පෙරට වඩා එහෙමත් නැත්නම් පරිගනකය පෝමැට් කල විට තිබෙන වේගයටම සමාන වේගයක් ලබා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන ලියන්න.. සමහරු හිතයිද දන්නේ නෑ මගෙ පිස්සුව හොද වෙලා කියලා. නෑ ඒක තවත් වැඩි වෙලා ඒකයි මේ
ක්‍රම හය මොනවද?
හරි මම මේ ක්‍රම හය ගැන මූලික අදහසක් කියන්නම් පස්සෙ වැඩ ටික කරගන්නේ කොහෙමද කියලා බලමු..
  1. ඔබේ වින්ඩෝස් පාටිෂන් එකේ ඉඩ වැඩියෙන් තබාගැනීම.
  2. ස්පයිවෙයා හා වයිරස් ඉවත් කර ගැනීම හා ඇතුළු නොවීමට වග බලා ගැනීම.
  3. පරිගනකය තුල ඇති දත්ත වලට පහසුවෙන් ලගා වීමට ඉඩ සකස් කිරීම.
  4. ඩිස්ක් එරර්ස් හදුනාගැනීම හා ඒවට නිසි පිළියම් ලබා දීම.
  5. රෙඩිබූස්ට් මතකය වැඩි කිරීම.
  6. වින්ඩෝස් සෙවන් අප්ග්‍රේඩ් කරගැනීම.
හරි මම උඩ අපේ මූලික කරුණු හය ගැන සදහන් කලා දැන් බලමු මේවට කරන්න පුළුවන් මොනවද කියලා.
පලවෙනි කරුන විදියට සදහන් වෙන්නේ වින්ඩෝස් පාටිෂන් එකේ ඉඩ වැඩියෙන් තබාගන්නේ  ගන්නෙ කොහෙමද කියන එකයි. මම මෙහෙම උදාහරනයක් කියන්නම් මම දැකලා සමහර සාමාන්‍ය යූසර්ස්ලා වින්ඩෝස් පාටිෂන් එකට දෙන්නෙ බොහොම අඩු ඉ‍ඩ ප්‍රමානයක් ඒකට හේතුව තමයි අනිත් පා‍ටිෂන් වල වල්පල් වැඩක් නැති ජරාව වලින් පුරෝගන්න. අනේ ඉතින් මොකද වෙන්නෙ ඉන්ටර්නෙට් යද්දි ටෙම්පරිෆයිල්ස්, මේල් කලයන්ට් කෙනෙක් යූස් කරනවා නම් උගෙ ඩේටා තවත් ෆයිල්ස් වලින් වින්ඩෝස් පාටිෂන් එකේ තියෙන කුඩා ඉඩත් පිරිලා යනවා. ඉතින් මැෂින් එක ස්ලෝ වෙනවා. ඉතින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් රීසයිකල් බින් එකේ තියෙනවනම් ඩිලීට් කරපු ෆයිල් මකලා දාන්න. ඉන්ටර්නෙට් හිස්ටරි ෆයිල්ස්, කුකීස් ඒවත් මකලා දාන්න ඇයි ඩවුන්ලෝඩ් හිස්ටරි එක ඒක ලොකු මෙමරියක් කනවා. තවත් දෙයක් තමයි ඔයා ඇඩෝබි පැකේජ් එකේ වැඩ කරනවා නම් ටෙම්පරි ෆයිල් හැදෙන්න වෙන පාටිෂන් එකක් දෙන්න පුළුවන් ඒ සර්විසස් උන් දෙන්නෙ කහනවට නෙමෙයි යකුනේ. අනික තමයි ඩිස්ක් ක්ලීනප් එකක් දෙන්න සතියකට සැරයක් වත් ඒකෙනුත් පට්ට ප්‍රයෝජනයි. තව තියෙනවා දෙකක් ඒ තමයි ඔයාගෙ මැෂින් එකේ ඇති ඔයා යූස් නොකරන සොෆ්ට්වෙයා ටූල්ස් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න ඒවත්. අවසාන එක තමයි රීස්ටෝපොයින්ට් එකක් තියාගෙන අනිත්වා මකලා දාන්න නැත්තම් බැකප් එකක් අරන් ඒකත් මකලා දාන්න පුළුවන්.
දෙවැනි කරුන විදියට ඔයාලට කිව්වෙ වයිරස් කථාවදැන් බලමු ඒකට මොකද කරන්න පුළුවන් කියලා මොනා කරන්නද වයිරස් ගාඩ් එකක් දානවා ඇරෙන්න. ඉතින් හොයලා බලලා හොදම වයිරස් ගාඩ් එකක් දාගන්න පොඩිගානක් වියදම් කරලා ඔරිජිනල් එකක් දාගත්තත් කමක් නෑ ඉතින්.
පරිගනකය තුල ඇති ඩේටා වලට ඉක්මනින් ලගාවීමට ඉඩ සැලසීම තමයි තෙවැනි කරුණ විදියට මම සදහන් කලේ. ඉතින් මේ වැඩේ කරගන්න පුළුවන් විදියක් අපි බලමු.  මේකට වින්ඩෝස් දීලා තියෙන ටූල් එක තමයි ඩිස්ක් ඩීප්‍රැග්මන්ටර් කියන්නෙ. ස්ටාර්ට් බාර් එකේ ක්ලින් කරලා සර්ච් කරලා බලන්න හම්බවෙයි නොවැ හම්බවුන්නැත්තම් අහන්නකෝ. මුලින්ම ඔයාගෙ පාටිෂන් එකක් සිලෙක්ට් කරලා ඇනලයිස් ඩිස්ක් යන්න ‍‍තෝරන්න ටිකක් වෙලා යයි. කමක් නෑ බලන් ඉන්න. විනාඩි තුනකින් විතර වැඩේ හරි යයි. ආයෙ ඒ පාටිෂන් එකම තෝරලා ඩිප්‍රැග්මන්ට් ඩිස්ක් යන්න. දැන් කලින්ට වඩා වෙලාවක් යයි. මේකෙන් සිද්ධ වෙන දේ ගැන පොඩි දෙයක් කියන්නම් . හාඩ් ඩිස්ක් එකක ඩේටා තැන්පත් වෙන්නෙ සෙක්ටර්ස් වල ඉතින් මේ එක එක සෙක්ටර්ස් වලට හදුන්ගැනීමේ අංකයක් තියෙනවා අයිනෝඩ් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මේ අයිනෝඩ් ටේබල් එකක දාලා හාඩ් එකේ තියෙනවා. සමහර වෙලාවට ඕස් එකේත් කොපියක් තියෙන්න පුළුවන් ඒ කොහෙම වුනත් මේකෙදි වෙන්නෙ අර මම කියපු ටේබල් හරියට සකස් වෙන එක..
හතරවෙනියට මම කිව්වෙ ඩිස්ක් එරස්ස් කතන්දරේ මේකට නම් අනිවා අපිට ටූල් එකක් ඕන වෙනවා විවිධ ටූල්ස් තියෙනවා මේ සයිබර් අවකාශයෙ රෙජිස්ටරි රෙපයාර් කියලා සර්ච් කරන්න මම යූස් කරන්නෙ යුනිබ්ලූ කියලා එකක් ඒක ෆ්‍රී නම් නෙමෙයි කී එකක් හොයාගන්නත් පට්ට අමාරුයි නමුත් හොයාගෙන ඒක දාගන්න පුළුවන් නම් හොදයි. ඒකෙන් ස්කෑන් එකක දීලා රෙපයාර් පාරක් දෙන්න. සෙවන් දාපුගමන් මේක දාලා ස්කෑන් කලත් එරර්ස් අහුවෙනවා.
පස්වෙනි කරුන වන්නේ රෙඩිබූස්ට් කියන එක මේ රෙඩිබූස්ට් කියන්නෙ විස්ටා හා සෙවන් වල ඩිපෝල්ට් එන සර්විස් එකක් මේකෙන් පුළුවන් ඕනම මෙමරි ඩිවයිස් එකක් ඒ කියන්නෙ පෙන් ඩ්‍රයිව් එකක් මෙමරි චිප් එකක් වගේ දෙයක් නන් වොලටයිල් මෙමරි එකක් විදියට යූස් කරන්න පුළුවන් එක අඩු රැම් මතකය තියෙන කෙනෙකුටත් තියෙන රැම් මතකය වැඩි කරගන්නත් මේක ප්‍රයෝජනවත් වෙනවා.
වින්ඩෝස් සෙවන් අප්ග්‍රේඩ් කරගැනීම තමයි මගේ අවසාන කරුන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා හොදම දේ තමයි අලුතින් වින්ඩෝස් ඕඑස් එකක් රිලීස් වුන ගමන් තියෙන එක පෝමැට් කරලා අලුත් එක දාන එක කියලා. අපි හොරෙන් දාගත්තට වින්ඩෝස් සල්ලි වලට තමයි ඒක දෙන්නෙ ඉතින් ලොකුසර්විස් එකක් දෙනවා ඇත්තටම කිව්වොත් එයිට් වලට වඩා සෙවන් වලට ලොකු සර්විස් එකක් තවමත් දෙනවා. මොකද සල්ලි වලට විකුණපු එකකට හොද සර්විස් එකක් නොදී බැරි නිසා..

No comments:

Post a Comment