Translate

Sunday, June 9, 2013

About Me...

                                රාම රාවණා ගැටුමදී රාවණා රජුග මරණින් පසු රාමාට සහය දුන් සුමන නම් වූ අයෙකුට කල පරිපාලන මධ්‍යස්ථානය වූ සමන්ත කූටය පැවරැ බවත් දවස සිට සමනළ කදු වැටියට සම්බන්ද වූ මම ජීවත් වන රත්නපුරය ˝සුමන සමන් අඩවිය˝  ලෙස හැදින් වූ බවත්¸ සුමන නම් වූ පාලකයා මියයැදීමෙන් පසු දවත්වයෙහිලා සලකනු වස් ˝සුමන සමන් දිවයරාජත්තමයා˝ ලෙස හැදින් වූ බවත්¸ අලිකිත ඉතිහාසය කියා පායි.
                                      ලංකාව පැවතෙන්නේ ඉන්දියාවේ සිට පැමිණ තම්මැන්නාවට ගොඩබට විජය නැමති රජකුගෙනි යන මහාවංශ මතය බිද දමමින් ආචාර්ය දැරණියගලයන් බලංගොඩ කුරගල ලෙන ආශිතව කල කැනීම් වලදී රත්නපුරයේ පමණක් නොව ලංකාවේම ඉතිහාසය උඩුයටිකුරැ කරමින් ˝බලංගොඩ මානවයාගේ˝ ශේෂ වු නෂ්ටාවශේස සොයා ගැනිමත් සමඟ රත්නපුරය අවුරැදු 2000 ක් තරමි අතීතයට දිවයන පාෂාණගත¸ මානව විද්‍යාත්මක පෞඩ ඉතිහාසයකට උරැමකම් කියන මිනිස් කොට්ඨාහයක් බව සොයා ගැනීම රත්නපුර දිස්තිකයේ ජීවත් වන මට ආඩමීබරයකි.

                                          ˝හොඳ  සිහි කල්පනාවෙන් ඉදපල්ලා˝ යන අර්ථය දෙන වලිගය ඔසවා, කට විවර කර සිටින ලේනුන් අට දෙනෙකුගේ රෑප කොටා ඇති ගල් කණු අටකින් මායිම් සනිටුවහන් කරන අටකළන් කෝරළයේ, භාවනායෝගීව වැඩ විසු ˝පතිභක්ත ධර්මරාජ˝ නම් වු ˝කසාවතින්˝  සැරසුණු තාපසවරයෙකු සිටි නිසා ˝කසාවතුගම˝ ලෙසත් පසු කලෙක ˝කහවත්ත˝  ලෙසත් මැණික් වෙළදාම නිසා පසිද්දියට පත් කහවතතේ. ලොව වටිනාම රතු මැණික් හමුවන පදේශය ලෙස නම් කර ඇති ඇන්දාන පදේශයේ W. A. දයාසිරි  නම් වූ පියාණන්ටත් E. K. G.මැණිකේ නම් වූ මැණියන්ටත් පළමු දරැවා ලෙස 1992 දී මා මෙලොව එළිය දකින ලදී. 

No comments:

Post a Comment