Translate

Saturday, June 29, 2013

බලාපොරොත්තු...

ඔයාලා දන්නවද...?
අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරේ කරන ආදරේ ලබන හැමතැනදිම අපිට මහ
හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ
හිතෙ තියන පුංචි බලාපොරොතු ඉස්ට කරගන්න අපි කොච්චර මහන්සි වෙනවද...?

හිතෙ තිබුන හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද...? එත් අපි උත්සහකරොත්
අපිට ඒ දේ ලබාගන්න පුළුවන්... අන්න ඒ
වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න
එපා උත්සහකරන්න... ඔයාට එයාව සත්තකින්ම
ලබාගන්න පුළුවන් වෙයි... නිකන් හිටියොත්
කිසිදෙයක් ලැබෙන්නෑ...

" ඔබ සතු හොඳම දේවල් ලෝකයට බෙදා දෙන්න.
එවිට ලෝකයේ ඇති හොඳම දේවල් ඔබ පසුපස එනු
ඇත... "

අපි හැමොත් එක්කම හොදින් හිටියොත්, අපි
හැමොටම ආදරෙ කරොත් අපිටත් එ ආදරෙ කරුනාව
අනිවාර්යෙන් ලැබෙනවා... අපි ලබන්න කැමති
ආදරෙ අනිත් අයත් විදින්න ආසයි... අපි අනිත් අයට
උදව් කරොත් අපිටත් එ අය දවසක හිත සතුටින් උදව්
කරයි...

" යම් දෙයක් කිරීමට ඔබට නොහැකි බව කවුරුන්
හෝ කියනවානම්, තේරුම් ගන්න, ඔබට යමක් කිරීමට
පුළුවන් කියලා... "

" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්රී
නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී
ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ
කිරීමටය... "

එත් අපි දකින හැම හිනයක්ම හැබැවෙන්නෑ තමයි...
එත් බලාපොරොතු තියාගන්න... අතාරින්න එපා...
දවසක එ බලාපොරොත්තු තමයි අපිව හරි තැනට
ගෙනියන්නේ... ලැබෙන නොලැබෙන දෙවල්
මේ ලොකෙ සාමාන්ය දෙයක්... කිසිදෙයක්
නොලැබුනා කියලා දුක් වෙන්න එපා... අපිට එ
දෙ නොලැබුනෙ අපිට ඊට වඩා දෙයක් ලැබෙන්න
කියලා හිතන්න... කවදාවත් පරාජය බාරගන්න එපා...
බලාපොරොත්තු තියාගෙන ජිවිතෙ ගොඩනගා ගන්න
පුරුදු වෙන්න... එතකොට කවදාවත් වරදින්නෑ...

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment