Translate

Sunday, July 7, 2013

තාත්ත.

තාත්තා.මොන තරම් බරක් හිතට දැනෙන වචනයක්ද?
ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින්
තමා අපි තාත්තා කියන්නේ.
සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ.
මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්.
තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්.
තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම.
ඒ දුව දීගෙක යනකොට.
අම්මා වගේ ලේ කිරි කරලා නොපෙව්වට.
තාත්තගේ දහඩිය ලේ වලට සමයි.
අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ අම්මගෙ වගේම තාත්තගේ දහිරිය ශක්තිය මග පෙන්වීම නිසයි.
තාත්තට පපුවේ තියෙන ආදරේ සෙනෙහස පෙන්නන්න බෑ.
පෙන්නන්න බෑ නෙමෙයි තාත්තට ඒක පෙන්නන්න තේරෙන්නේ නෑ.
ඒත් ඒ හිත ඇතුලේ තියෙන රටක් හොල්ලන්න පුළුවන් තරම් ආදරයක් සෙනෙහසක් දරු කැක්කුමක් තියෙනවා.
එහෙම නෑ කියන්න මටවත් ඔයාලටවත් අයිතියක් නෑ.
අපි දඟ වැඩක් කළාම අපිට තාත්තා බැන්නොත් හරි ගැහුවොත් හරි අපේ හිත මහා ගොඩක් රිදෙන්නේ අපිට තාත්තගේ ආදරේ මහා මෙරක් වගේ දැනෙන නිසා.
මට මගේ තාත්තා අමිලයි.
මං දන්නවා ඔයාලටත් එහෙමයි.
මගේ අම්මා බුදු වේවා කියනවා වගේ මගේ තාත්තා බුදු වේවා කියන්න බැරි ඇයි අපිට..?
තාත්තගේ ගුණ ගයන්න පියවරුන්ගේ දිනයක්ම ඕනෙද...?
තාත්තා අපිටඇදුමක් අරන් දෙන්නේ,
අපි දිහා බලන්නේ ලෝක ළමා දිනයට විතරද..?
අම්මගෙ ලේ කිරි වලට පඬුරක් දෙනවා නම් තාත්තගේ දහඩිය කදුළු වලට කෝ තැනක්....?
මට මගේ අම්මා තාත්තා මගේ ඇස්දෙක වගේ.
අපිට අපේ ඇස් දෙකට වටිනාකමක් ඉල්ලුවොත් ඇස් දෙකට වටිනාකම් දෙකක් දෙන්න බෑ.
ඒ වගේම තමයි අම්මට එක වටිනාකමක් තාත්තට එක වටිනාකමක් දෙන්න බෑ.
තාත්තේ තාත්තගේ ආදරේ මට මහ මෙරක් වගේ.
ඒ ආදරේ බර මට මහමෙරක් වගේ දැනෙනවා.
ඔබ වැනි පියෙක් ලබන්නට මම පින් කර ඇත්තෙමි.
මතු උපදින හැම භවයකම ඔබ මගේම පියා වී ඉපදේවා කියා පතමි.
වෙන මට ඔබෙන් වැඳ වැටී ඉල්ලන්නට දෙයක් නැත.
මන්ද ඔබ මට මා ඉල්ලු හැමදේම අඩුවක් නැතුව දී ඇති බැවිනි.
ඔබේ ණය මට කවදාවත් ගෙවා නිම කර ගන්නට බැරි බැවින්, ඔබ මට දෙන ආදරයෙන් දශමයක් හෝ ඔබට දෙන්නට උත්සහ කරමි.මට
ඇත්තටම කියන්න ඕන උනේ මගේ තාත්තට
මං මහා ගොඩාක් ආදරෙයි කියලා...

No comments:

Post a Comment