Translate

Wednesday, July 31, 2013

ප්රථම ප්රේමය.

ඔබට පෙම්වතෙක් පෙම්වතියක් සිටිනවාද.?

බොහෝ දෙනාගෙ පිලිතුර ඔවු කලාතුරකින් කෙනෙක් නැහැ කියලත් කියාවී ඒත් ඔහුගේ /ඇයගේ හිතේ කෙනෙක් නැහැයි කියන්න බෑ,., මම හැමදාම කියනව වගේ ඔය කොයි අයියත් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හොයන්නෙ තමන්ටම කියල කෙනක්්.. ඉතින් ඔබට කෙනෙක් සිටිනවානන් මේ ලිපිය වැඩගත් වගේම සිත් රිදීමටත් ඉඩ ඇත,.,

ඉතින් ඔබේ පෙම්වතා/පෙම්වතිය ඔබට ලැබුනේ කොහොමද කියලා මම ඇහුවොත් ඔබට ගොඩක් පිලිතුරු තියේවී... මම පංසල් ගියපු වෙලාවේ , අමතර පන්තියෙදී,ඉස්කෝලෙදී , කැන්ටිමේදි, ඔෆිස් එකේදි, සමහර විට අහල පහල කෙනෙක් , කලාතුරකින් කෙනෙක් බුකියෙන් කියලත්
කියයි.. අනික මොබයිල් 4න් වලින් පටන් ගන්න ආදර කතාත් සමාජයේ ඕනි තරම් තියනවා ,.,ඒත් ,., ඔබ ඔබේ වත්මන් පෙම්වතාගේ/පෙම්වතියගේ පලමු පෙම්වතාද /පලමු පෙම්වතියද.. ඔබ අනිවාර්යෙන් ඔබ යාලු උන සැනින් අහන්නෙ , කියන්නෙ කලින් කෙනෙක් හිටියනන් එයා ගැන .."මට මෙහෙම කෙනෙක් හිටියා ඒත් දැන් එයා මගේ ජීවිතේ නෑ ඔයා තමයි හැමදාම මගේ ජීවිතේ..මීට පස්සෙ මගෙන් එයා ගැන අහන්නෙ එපා හරිද..ඔයාට මම හැමදෙයක්ම කියන
නිසා මේ කිවුවේ"... ඔය විදියට හරි ඔයිට සමාන
විදියකට හරි,.,ඇය / ඔහු කලින් යාලු වෙලා හිටිය කෙනෙක් ගැන පවසාවී... (ඔබ ප්රථම ප්රේමවන්තයා/වන්තිය නොවේනම්) ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න,.,

ඔබට ඇයව/ඔහුව ලැබුනේ .. කොහෙන්ද කියලා..මට ඔය ප්රශ්න වලට එන පිලිතුරු අතරේ ටිකක් හයිලයිට් වෙන උත්තරයක් එනවා "කලින් පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්"
කියලා .. මේකට ඔබ කෙතරම් දුරට මාත් එක්ක
එකගද කියලා මම දන්නෙ නෑ.. ඒත් මට
හිතෙන්නේ මේක වෙන්නෙ මෙහෙම තමයි කියලා.. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න.. ඔහු /ඇය ඔබේ වෙන්න කලියෙන් තව
කෙනෙක්ගේ වෙලා හිටියා නේද සමහර විට ඒ
ඔහුගේ ඇයගේ පලමු පෙම්වතිය/පෙම්වතා විය
හැකියි සමහර විට ඊටත් වඩා අගයක් ගන්න
පුලුවන්,.,.,

පොඩ්ඩක් කල්පනා කරල බලන්න,., ජීවිතයේ ප්රථම ප්රේමය අහිමි උනු කෙනෙක් ඉතාමත් කලාතුරකින් තමයි දෙවෙනි ප්රේමයක් හොයාගෙන යන්නෙ නැත්තේ.. ඉතින් ඔහු/ඇය දෙවෙනි ප්රේමයෙනුත් වෙලෙනව බැදෙනවා./. ආදරය කරනවා ජීවිතය විදිනවා ,.,ඒත් ඔබ කවදාවත් සිතුවාද,., ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම .. කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,.,ඔබ පලමු ආදරය අහිමිව වෙනත් ආදරයකින් වෙලිල ඉන්න කෙනෙක්නන් හිතට එකගව ..ඔබේ හිතෙන් මේ ප්රශ්නය අහන්න ,.,
"මම මගේ පලමු ආදරයට ආදරේයිද.. මම දැන්
මේ ආදරයෙන් බලා පොරොත්තු වන්නේ ඔහුගේ/ ඇයගේ ආදරය නොවේද"

මේ උත්තරයට හැමෝටම ලැබෙන්නේ එකම
උත්තරයක්,., ඔබගේ පලමු ආදරයට ඔබ ආදරය
නොකලා නන් කවදාවත් දෙවෙනි ආදරටත් ඔබට
ආදරය කරන්න බැහැ ,., ජීවිතයේ පලමු ආදරය
හා පලමු හාදුව කියන්නෙ හරි පුදුම දෙයක් ජීවිතය
වසනා තුරාවට හිතෙන් යවන්න බැරි මතකයක්,ඔබ
ඔහුගේ /ඇයගේ ,., උනුහුමට තුරුලු උනු පලවෙනි
වතාව මදක් සිහි කරන්න,.,කවදාවත් ඔබට එය අමතක කරන්න බැහැ ,.,ඔබ ඊලග පෙම්වතාගෙන්/
පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ ඒ ආදරය ඒ උනුසුම,., ඒ නිසාවෙන්ම තමයි,., ගොඩක් වෙලාවට,., පලමු පෙමින් පසුව ආදරයක් පටන් ගත් විට ආයෙමත් අර පලමු ප්රේමය ඔබට ලං වූ සැනින් ඔබ ඒ වෙත ඇදිලා යන්නේ,., [ ඒක එහෙමම වෙනව කියලා මම කියන්නෙ නැහැ]

ඔබට ඔබේ පලමු පෙම අමතක කල යුතුනම්
ඇත්තටම කල යුත්තේ ඔබ ආයෙමත් මැරිල නැවත
ඉපදීමයි,.ඒක ඒ තරම් ප්රබලයි.. ඉතින් දැන් ඔබට
ඉන්නෙ පලමු ආදරය නැති වෙච්ච පෙම්වතෙක් /
පෙම්වතියක් නම් ඔබට හිතෙනවා ඇති
මේයා එන්නෙ මගෙන් එයාගෙ පලවෙනි
කොල්ලගෙ /කෙල්ලගේ උනුහුම ගන්න කියලා...

එහෙම හිතන්න එපා .. ඔබටයි ඔබේ පෙම්වතාට/
පෙම්වතියට... ඔහුගේ /ඇයගේ පලමු පෙමේ හැගීම් යටපත් කල හැක්කේ ,., එවිට ඔහු/ඇය කවදාවත් ඔබව දමා යන්නේ නැහැ ,., ඇයට ඔහුට හැකි පමන උපරිමයෙන් ආදරය දෙන්න ,., ඔහුගේ /ඇයගේ කලින් ප්රේමය සම්බන්ද අන්ශු මත්ර්යක්වත් විහිලුවටවත් ඔබ මතක් කරන්න එපා,.,ඒක ඇයට/ ඔහුට වගේම.. ඔබටත් පසුවට පසු තැවීමට කාරනයක් වේවී.,.

ඉස්සර අපි ආදරේ කරපු අය, අපේ ජිවිත වල ඉදපු අය ගැන හිතුවොත් අපි හැමදාම පරාදයි. අපේ ජිවිත වලට අලුතෙන් එන්න හදන අයටත් පොඩි අවස්තවක් දීල බලන්න.

No comments:

Post a Comment