Translate

Wednesday, July 10, 2013

ඔයා ඉක්මනට එන්නකෝ.....

ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකට...
සැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්න...
ඔයා කොයි වෙලේද හිනාවක් අරගන...
මගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේ...
දැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක
තරහත් එනවා...
හ්ම්ම් අද එන්නකෝ...
බොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන
ඉන්නම් මම...
ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේ...
අදනම් යාලු වෙන්නෙම නෑ....
එහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක්
නෑ....
ඔයා ඉක්මනට එන්නකෝ.......

No comments:

Post a Comment