Translate

Saturday, July 20, 2013

ඈ ගියා, මා හැරදා...

සිතට වද දෙන, දුකම හඳුනන...
පෙමක පැටලුන වරද හන්දා...
අහස හඩවන, වැස්ස තරමට...
කඳුළු හෙලුවද නෙතත් මන්දා...

දුකම තවරන, සිහින අපමන...
නුබම අරගෙන ඇවිත් යන්නා...
නුබට අමතක, නුබෙම හීනෙක...
සතුට විඳගෙන මමත් උන්නා...

මගෙම හීනෙක, නුබගෙ අතගෙන...
කෙනෙකු යන හැටි මටම පෙන්නා..
නිතර යන එන, මගක ඉඳගෙන...
නුබගෙ දෙස මම බලන් උන්නා...

No comments:

Post a Comment