Translate

Saturday, July 6, 2013

FB

තමන්ගේ ෆේස්බුක් ගිණුමට අන් අය ඇතුළු වෙයි
යැයි බොහෝ දෙනා බිය වෙති. මන්ද, එවැනි වැඩ
ලොව පුරාම සිදුවෙන බැවිනි. මේ අවදානමෙන්
මහජනයා ගළවා ගන්නට සමත් ආරක්ෂක උපක්රම ෆේස්බුක් සේවයෙන් දැන් සපයා තිබේ. ඒ අතරින් එකක් වෙන්නේ ජංගම දුරකථන හරහා ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් නවීකරණය කළ හැකිවීමයි. ෆේස්බුක් සේවයේ http://www.facebook.com/mobile වෙබ් පිටුවට පිවිස.

ෆේස්බුක් මොබයිල් (Facebook Mobile) සේවාව සක්රීය කර ගත හැක. එවිට තම ෆේස්බුක් ගිණුමට ලැබෙන පණිවුඩ SMS වලින් දැන්මු දෙයි.

ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීම සදහා තම
ගිණුමට පිවිස එහි දකුණු ඉහල කෙළවරේ වු
Account තුළින් Account Settings තුළට
පිවිසෙන්න. එහිදී ගිණුමට අදාළ සියලුම සෙටිංස්
(Settings) පෙන්නුම් කරයි. එහි පහළට වෙන්නට
ඇති Account Security ඉදිරියේ තිබෙන Change යන්න මත ක්ලික් කළ විට ගිණුමේ ආරක්ෂාව තර කළ හැකි විධික්රම දැක්වේ.
සක්රීය කළ යුතුදේ ඉදිරියේ ඇති චෙක් බොක්ස් ඇක්ටිව් කළ යුතුය. ඒවා මෙසේය.

Secure Browsing (https) -

මෙය සක්රීය කළ විට කළින් ෆේස්බුක් ගිණුමට ප්රවේශවීමට භාවිතා කළ http://
www.facebook.com වෙබ් ලිපිනය https://
www.facebook.com ලෙස වෙනස් වෙයි. එහි https ලෙස දැක්වෙන්නේ ආරක්ෂාව තර කළ
වෙබ් සම්බන්ධයකි. එය සාමාන්ය http වෙබ් සම්බන්ධයකට වඩා ආරක්ෂාකාරී වන අතර ගිණුමට ලොග් වීමේදී ඇතුළු කරන දත්ත
අන් අය අත පත්වීම සම්පූර්ණයෙන්ම පාහේ වළකා ඒවායේ රහස්යභාවය රැක ගනී.

Login Notiafication -

මෙම
ආරක්ෂාව විධි ක්රමය සක්රීය කළ
විට, නිතරම ෆේස්බුක් වෙත ලොග්
වෙන පරිගණකයෙන් නොව වෙනත්
පරිගණකයකින් ෆේස්බුක් වෙත
ලොග්වීම පහසුවෙන් කළ
නොහැක. එවිට නිතර ලොග් වන
පරිගණකය නොව අනෙක්
පරිගණකය කුමක්දැයි නම් කරන
ලෙස ඉල්ලා සිටී. එම පියවර
සමුපුර්ණ නොකර ඉදිරියට යාමට
නොහැක.

එසේ පරිගණකය නම්
කොට ඉදිරියට ගියවිට අලුත්
පරිගණකය කුමක්ද? - එයින් ලොග්
වූයේ කුමන දිනකදීද - කුමන
වේලාවකදීද යන තොරතුරු SMS
හා Email මගින්
ගිණුමේ අයිතිකරුට දැනුම් දෙයි.

පිටස්තර අයෙකු තම ෆේස්බුක්
ගිණුමට ලොග්වූයේ නම් මෙම
පණිවුඩවලින් එය දැනගත හැක.
එසේම පණිවුඩ සමග ලැබෙන
ලින්ක් එකෙන් එය ෆේස්බුක්
බලධාරීන්ට දන්වා ආරක්ෂාව තර
කර ගත හැක.

Login Approval -

කලින් කී පරිදි
පුරුදු පරිගණකයෙන් නොව වෙනත්
පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට
ලොග්වීමට උත්සාහ කරන විට
රහස්ය අංකයක් ඉල්ලා සිටී. එම
රහස්ය අංකය මේ වෙලාවේම
ක්ෂණිකව ගිණුම් හිමියාගේ ජංගම
දුරකතනයට SMS පණිවුඩයක්
මගින් දන්වා සිටින නිසා ජංගම
දුරකතනයෙන් එම රහස්ය අංකය
කියවා එය ඇතුළු කොට ෆේස්බුක්
ගිණුමට ඇතුළුවිය හැක.

පුරුදු නැති
පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට
ලොග්වීමට උත්සාහ
කරන්නේ පිටස්තර කෙනෙකු නම්
දැන් ඔහු හෝ ඇය මෙම රහස්ය
අංකය නොදන්නා නිසා ලොග් විය
නොහැකියි. මෙම ආරක්ෂක
විධික්රමය නිසා තමාගේ ෆේස්බුක්
ලොගින් පාස්වර්ඩ් එක දැන සිටියද
ඉන් ඵලක් නොවේ. මන්ද ගිණුමට
ලොග්වීමට මෙම පාස්වර්ඩ් එක
සමගම කලින් අංක ලබා දී ඇති
දුරකතනයද ඔහු හෝ ඇය සතුව
තිබිය යුතු බැවිනි.

කෙසේ වෙතත් තමා පුරුද්දක් සේම පරිගණක
කිහිපයකින් ෆේස්බුක් වෙත ලොග් වේ නම් එම
පරිගණක මොනවාද කියා කලින්ම තොරතුරු ලබා දිය හැක. ඒ ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීමේදී එම පරිගණක Recognized Device ලෙස නම් කර සකසා ගත හැකියි.

No comments:

Post a Comment