Translate

Saturday, July 27, 2013

ෆේස්බුක් Trusted Contacts පහසුකම සක්රීය කිරීම.

ඔන්න යාලුවනේ 2011 සිට කරගෙන ආපු පර්යේෂණයක ප්රතිපලයක් ලෙස ෆේස්බුක් විසින් අලුත්ම පහසුකමක් හදුන්වලා දීලා තියෙනවා. ඒ තමයි Trusted Contacts කියන පහසුකම. ඔයාලට සමහර විට මේ අත්දැකීම ඇති.
ඔයාලට මතකද සමහර වෙලාවට ෆේස්බුක් Account එකට ලොග් උනාම තාවකාලිකව බ්ලොක් වෙලා කියලා අර ෆොටෝ Tag කලේ කවුද කියලා එහෙම තෝරන්න එනවා. එකෙත් දෙතුන් පාරක් වැරදි ඒවා දුන්නොත් ආපහු බ්ලොක්
වෙනවා. කොටින්ම කිවුවොත් ඒ විදිහට උනාමනම් Account එක බේරගන්නවා බොරු. මෙන්න මේ පහල තියෙන්නේ මගේ යාලුවෙකුට ලඟදි ඔය විදිහට උන එකක්.

ඔය දේ කවදා වෙයිද කියලා බයෙන් තමයි අපි හිටියේ. මොකද ආයෙත් ඕක ගොඩගන්න එක ගොඩක් අමාරු නිසා. එත් මේ අලුත් Trusted Contacts පහසුකම මගින් තව දුරටත් එපිට මෙහෙම ෆොටෝ Tag කරපු අයව මාට්ටු කරන්න
එන්නේ නෑ. හරිම සරලයි. අපිට තියෙන්නේ අපිට විශ්වාස යාලුවෝ 3-5ත් අතර පිරිසක් අපේ Trusted Contacts වලට ඇතුලත් කරන එක විතරයි. හදිස්සියේ ඔයා හිතන්න අපේ Password එක කවුරුහරි වෙනස් කරලනම් අපිට අපේ Trusted Contacts භාවිතා කරලා ආපහු අපේ Password එක ලබාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට වෙන කාගේවත් අතට
අපේ Account එක යන එකක් නැති වෙනවා. මේක ඇත්තටම ගොඩක් ආරක්ෂිත පියවරක්.
මෙන්න මෙහෙමයි Trusted Contacts සක්රීය කරන්නේ මේක සක්රීය කරනවා කියලා අපිට කරන්න තියෙන්නේ අර මම කිවුව Trusted Contacts වලට අපේ විශ්වාස යාලුවෝ 3-5ත් අතර දෙනෙක් ඇතුලත් කරන එක විතරයි.

මුලින්ම Security Settings වලට යන්න ඕනේ.
එතන මෙන්න මේ විදිහට Trusted Contacts කියලා එකක් තියෙනවා. එතන ක්ලික් කරලා අපිට පුළුවන් ඒ අය නම් කරන්න. එහෙමත් නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ට්රයි කරලා බලන්නත් පුළුවන්

https://www.facebook.com/settings?tab=security&section=trusted_friends&view

No comments:

Post a Comment