Translate

Monday, July 15, 2013

ආදරේ ලස්සන කර ගනිමු.

අම්මා තාත්තා ඇර අපිට අපි තරම් කවුරුත්
ආදරෙ නෑ. ආදරෙයි කියලා මැරිගෙන පස්සෙන්
ඇවිත් යාළුවෙලා පන දිගෙන හිටියත් තරහ වුනහම
දවසයි දෙකක්, මාසයක් ඉදියි. ආපහු වෙන
කෙනෙක් සෙට් කරගන්න අය මේ ලොකෙ ඉන්නෙ...

ඉතින් ඔනවට වඩා කාවවත් විස්වාශ කරන්න එපා. මොකද එකෙ ප්රතිඵලේ ඇස් දෙකටම විදපු අයත් ඇති, නැති අයත් ඇති. තමන් ගැන විශ්වාසෙ තියාගෙන මුලින්ම තමන්ට ආදරෙ කරන්න...

තමන්ට ආදරෙ කරන් නැති කෙනා ලග කොහෙද තියෙන්නෙ වෙන කෙනෙක්ට දෙන්න තරම් ආදරයක්. ආදරයක් නිසා මැරෙන්න හදන්න එපා. තෙරුම් ගන්න. ඉස්සෙලම පොලවෙ පය ගහල ජිවත් වෙන්න පුරුදු වෙන්න. ඔනවට වඩා බොලද වෙන්න එපා. එහෙම උනොත් ජිවිත කාලෙම අඩන්න වෙයි. මුලින්ම තමන්ට තමන් ආදරේ කරලා වෙන කෙනෙක්ට ආදරෙ කරන්න...
එතකොට ඔයාලගෙ අදරේ ලස්සන වෙයි.

No comments:

Post a Comment