Translate

Wednesday, July 31, 2013

පලමු ආදරය සහ දෙවනි ආදරය.

ඔබ කවදාවත් සිතුවාද..?

ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්රථම ප්රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,//

ඉල්ලනවා නෙවෙයි,, පළවෙනි ආදරේට දෙන්න බැරිවුනු තරම් ආදරේ දෙනවා කිව්වොත් නිවැරදි,

පළවෙනි ආදරේ අමතක කරන්න බෑ, හේතුව පළවෙනි අත්දැකීම, පළවෙනියටම ආදරේ කියන හැගීම ඇතිවුනු අවස්තාව නිසා,ඒත් ඒක හැමදාටම හිත හිත ඉන්න ගියොත් ආයේ ජීවිතයක් නැතිවෙනවා, එයා ගියා නම්, ගියේ යන්න ඕනේ නිසා,, ඒක නම් එයාගේ සතුට ඒ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම ආදරේ කරා නම්...

වෙන්වුනු එක දුකක් තමයි,නමුතු මට දුකක් වුනාට ඒක එයාට සතුටක් වුනානම්,එයා ගියේ එයාගෙම ලෝකයක් හොයාගෙන නම්, එයාගෙම කියලා ජීවිතයක් හොයාගෙන නම් ඇයි මම අකුල් හෙලන්නේ.. සතුටු වෙන්න එපැයි මගේ ආදරේ හොදට ඉන්නවා කියලා.. ලගින් ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් ආදරේ දුන්නා නම් එච්චරයි.. ආයේ ඒ ගැන හිතලා පසුතැවෙන්න ඕනි නැ..

පළවෙනි ආදරේ හිතේ තියනවා හැමදාටම,නමුත් ඒක ඉවර වෙච්ච අතීතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි, හැමදාටම ඒ ආදරේ ගැන හිත හිත හිටියොත්, හිත හිත ඉන්නවා නම් දෙවනි සැරයක් විහිළුවටවත් ආදරේ කරන්න,තව කෙනෙකුට බලාපොරොත්තු දෙන්න, විහිළුවට හරි කෙනෙකුට මම ඔයාට ආදරෙයි කියලා කියන්න ඕනි නෑ.. තමන් කලින් ආදරේ කරා නම් ඒක දුක, ඒ හැගීම හරියට වින්දා නම් දුන්නා නම් ඒ දේ කරන්නේ නෑ.. නමුත් ආයේ ආදරයක් හිතට ඇවිල්ලා මම ආදරේ කරනවාමයි කියලා හිතලා පටන් ගත්තොත්, ගෙවිලා ගියපු අතීතේ සම්පූර්ණෙන්ම පැත්තකින් තියලා ආදරේ කරන්න ඕනේ.. කලින් ආදරේ කරන්න බැරිවුනු තරමටම... ඒහෙම කරන්න තරම් හිත හදාගන්න බැරිනම් හරි, හිත චංචලයිනම් හරි ආදරේ නොකර ඉන්න ඕනි..

අපි කාටත් පළවෙනි ආදරේ මතක් වෙන අවස්තා එනවා. නමුත් ඒක ගෙවිලා ගියපු මතකයක් මිසක් දැන් ජීවිතේ නෙවෙයි. අතීතයගේ ගමන් මලු බිමින් තිබ්බේ නැතිනම් අනාගතේතකුත් නැති වෙනවා..

No comments:

Post a Comment