Translate

Sunday, July 28, 2013

ආදරේ සුන්දර වරදකී.

ඔබ, ආදරය සෙනෙහස
විද තිබෙනවාද.. ඔබ නැහැ කියනවනන් ඒක
බොරුවක් ,.,ඇයි ඔබේ ආදරණීය අම්ම ඔබට දුන්නු
ආදරය සෙනෙහස.. ඒක තමයි ඕනිම
පුද්ගලයෙකුගේ ජීවිතයේ මුල්ම ආදරය මුල්ම
සෙනෙහස .,., ඒ නිසා වෙන්න ඇති අපි අපේ අම්මට
මේ තරම් ආදරේ .. සමහර කට්ටිය තමන්ගෙ ප්රථම
ආදරේ ගැන කතා කරනවා ඒත් මගේ ප්රථම
ආදරේ මගෙ රත්තරන් අම්මා,., හැබැයි අම්මගෙයි
ආදරෙයි තමන්ගේ පෙම්වතා පෙම්වතියගෙන් ලබන
ආදරෙයි දෙකක් ,., මම ඒක ගැන පස්සෙ ලියන්නන්.

අපි පොඩ්ඩ පොඩ්ඩ වයසින් වැඩෙද්දි ලමා කාලය පහු
වෙද්දි,., නව යොවුන් වියට පා තබද්දි ඇතිවන
එක්තරා විදියක හැගීමක් තමයි ආදරය .. හැබැයි
මේ කාලෙදි ඇති වන්නේ ආදරයක් නෙවෙයි
ආකර්ශනයක් කියලයි කියන්නේ ,.,
මගේ දැනුමේ හැටියටනන් ආකර්ශනය නිසයි ආදරය
ඇති වන්නේ ,., ඔබ කොහොමෙන් කොහොම හරි ,.
තමන්ගෙම කියලා කෙල්ලෙක්/කොල්ලෙක්
හොයාගන්නවා ,., ඔය
කෙල්ලෝ නෑ කොල්ලො නෑ කියල කයිය ගහන
අයියලා හිත යටින් හරි කාට හරි ආදරය
කරනවා අනිවා

,., මේක සුන්දර හැගීමක් ,.,
ඕනිම දෙයක් දෙපැත්තක් තියනවා වගේ ආදරයත්
එක්ක මේ විරහව කියන දෙය තියනවා .. මෙය එකම
කාසියේ දෙපැත්ත වැනිය. අපිට
අපේ ආදරේ මේ තරම් දැනෙන්නේ ,., විරහව කියන
දෙය තිබෙන නිසා කියලා ඔබ පිලිගන්නවාද ?. විරහව
කියන දෙය නැත්තන් ආදරය කියා දෙයක් කුමටද? .
විරහව කියන දේ ගැන හොද අර්තකථනයක් සහිත
ෆොටෝ එකක් මම බුකියේ දැක්කා

"ආදරය යනු දෙදෙනෙක් දෙපැත්තට ඇද සිටිනා රබර්
පටියක් වැනිය එක්කෙනෙකු එය අතහැරියොත්
රිදෙන්නේ අනිකාටය"

මේ කතාව හරියටම හරි.. ඔබගෙ පෙම්වතා /
පෙම්වතිය ඔබ හැර ගියාද එය ඔබට දරාගන්න අමාරු
දුකක් ගෙන ඒවී . ඒත් මට පොඩි ප්රශ්නයක්
තියනවා ඇයට/ඔහුට ඔබ එපා නම් ඔබට එයා ඕනි
ඇයි... ඔබේ හිතේ තියන ආදරය නිසා වෙන්න ඇති..
ඒත් පොඩ්ඩක් හිතන්න ,.,ඔබගේ උතුම් ආදරය වෙන
කෙනෙකුට නොදී ඔහුටම/ඇයටම දුන් ආදරය
එයා සත පහකට ගනන් ගන්නෙ නැති නන් ඔබට
එයා ගැන තියන කැක්කුම කුමක්ද? පොඩ්ඩක් හිතන්න
ආදරේ කරන්න ඕනි ආදරේ ලබාගන්න පුලුවන්
කෙනෙකුට, එහි අගය දන්න කෙනෙකුට මිස ඔබව
ගනන් ගන්නෙ නැති ඔබේ ආදරේ තුට්ටු දෙකකට
ගනන් ගන්නෙ නැති කෙනෙකුට නෙවෙයි,.,

අනික ඇයි ඔබ ඔබේ ආදරය ඔහුට/
ඇයට බලෙන් දෙන්නේ ඇයි එයා ලග ආදරය
යදින්නේ ,., ලැජ්ජ නැද්ද ,.,ඔබ ආදරය යැදීමේන්
කරන්නේ ඔබගේ උතුම් ආදරයට නිගාවක් .. එහෙම
කරන්න එපා යාලුවා ඔබගේ ඔය ආදරය තේරුම්
ගන්න පුලුවන් ඒකට වටිනාකමක් දෙන කෙනෙකුට
ඔය ආදරේ දෙන්න. . නැතුව ඔබේ ආදරය
එහෙ මෙහෙ පාච්චල් වෙන්න දෙන්න එපා,.. අනික
හොදට මතක තියා ගන්න ,.,

"එයාට ඔයාව එක පාරක් එපා නන් ඔබට එයාව දහ
පාරක් සිය පාරක් කවමදාවත් එපා"

තව දෙයක් මම කවදාවත් බුකියෙන්
පටන් ගන්න ආදරයන් අනුමත කරන්නෙ නැහැ මාත්
එක්ක තරහ වෙන්න එපා මම මේ කියන දේ ඔබලට
තේරෙන්න කල් යයි අත්දැකීම් විදින්න ඕනි,.,අනික
බුකියෙන් පටන් ගන්න ආදර සඹදතා නිකන් ආදරය
ප්රසිද්දියේ සේල් කරනව වගේ වැඩක්,.. ඔබ්ට
පෙම්වතෙක් පෙම්වතියක් හොයා ගන්න මේ බුකියටම
(FACE BOOK) ඕනි නැහැ ,.,ඒත් බුකියෙන් එහෙම
ඒව සිද්ද නුවුනා නෙවෙයි කලාතුරකින් සිද්ද වෙන
දෙයක් ,.,

No comments:

Post a Comment