Translate

Wednesday, July 10, 2013

ආදරය...

ඔබ ඔබේ ජීවිතේ කවදා හරි කාට හරි
ආදරේ කරලා තියෙනවා නේද? අපේ හදවත් වලට ආදරය තරම් දැනෙන,ඒ වෙනුවෙන් දුක් වෙන වෙන කිසිම හැඟීමක් තවත් නැහැ. ඔබ කොහොම ආදරය කරනවද,කොහොම අදරය විදිනවද කියල කියන්න මම දන්නේ නෑ.

ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෙත් නෑ. අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්,ඕන කෙනෙක්ගෙන් ආදරෙ ලබාගන්නත් පුලුවන්.හැබැයි නිර්ලොබී සෙනෙහසක් සහ ආදරයක් ලබන්න නම් අපරිමිත කැපවීමක් තිබිය යුතුමයි.

මතක තියා ගන්න ආදරයයි සෙනෙහසයි අතරෙ පැහැදිලි වෙනසක් තියෙනවා. ආදරය කියන්නෙ ආශාවට, ලෝබකමට, ඔබ දකින දේවල් ලබාගන්න ඇති වෙන ආශාවට ඔබ කරන්නේ ආදරය කරන එක. නමුත් සෙනෙහසක්
එහෙම නැහැ.

අපේ අම්මලා තාත්තලගෙන් අපට ලැබෙන්නේ අපරිමිත සෙනෙහසක්. ආදරයකයි
සෙනෙහසකයි තියෙන ප්රදාන වෙනස තමා කැප
කිරීම.. තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්
ජීවිතේ කැප කිරීම කියන්නෙ අපරිමිත
සෙනෙහසක්. අම්මලා තාත්තලා අපිට ආදරය
කරන්නේ අපෙන් කිසිම දෙයක් බලපොරොත්තුවෙන් නෙවෙයි.

ඔවුන් කැමතියි අපි අපේ ජීවිතේ හදා ගන්නවට. අපි දියුනු වෙනවට. අපේ ජීවිතේ ලස්සන
කරගන්නවට. අපේ ජීවිතේ ලස්සන
වුනා කියලා ඔවුන් ට තියෙන එකම ප්රයෝජනය තම සතුට. වෙන කිසිම ලාබ ප්රයෝජනයක්
නැහැ.සෙනෙහසක් කියන්නේ එහෙම දේකට.

නිකමට හිතන්න ඔබ ආදරය කරන පෙම්වතා./
පෙම්වතිය ඔබේ ජීවිතය වෙනුවෙන් කොච්චර
කැපවෙනවද? ඔබේ දියුනුව වෙනුවෙන් කොච්චර
කැපවෙනවද? ඔබේ දියුනුවම විතරක්
බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙම
පෙම්වතෙක්/පෙම්වතියක් ලබන්න ඇත්තටම පින්
කරන්න ඕන.

ඒ වගේ ආදරයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒක ආදරයකට වඩා සෙනෙහසක් හිතට සතුටක් සැනසීමක් වගේම සැහැල්ලුවක් ලැබෙන්නේ එවැනි සෙනෙහෙවන්තයෙක් හමුවුනදාට.

No comments:

Post a Comment