Translate

Monday, July 29, 2013

Facebook එකේ ඔබේ පින්තූර delete කරත් ඕනේ කෙනෙකුට ඒ පින්තූර වෙත ඇතුළු වෙන්න පුළුවන්.

ඔබ Facebook එක බරටම බාවිතා කරන කෙනෙක්නම් ඔබ ඔබේ පුද්ගලික පින්තූර, videos වගේ දේවල් Facebook එකට එකතු කරනකොට ටිකක් ප්රවේසම් වෙන්න. මොකද ඔබ ඔබේ Facebook එකට පින්තුරයක් හෝ වීඩියෝ එකක්
එකතු කරනා විට server කිහිපයක ඔබේ පින්තුරය හෝ වීඩියෝ එක ස්වයන්ක්රියව Syndicate වෙනවා. එය
එසේ වෙන්නේ එම පින්තුරයට හෝ වීඩියෝ එකට පිවිසීම පහසු කරන්නයි. ඉතින් ඔබ එක් කල photo එක හෝ video එක
Delete කලත් ඔබට වගේම ඕනෑම කෙනෙකුට එයට පිවිසෙන්නට පුළුවන්. ඉතින් එය Facebook එකේ ඔබේ Privacy
එකට එරෙහිව ඇති තවත් එක සිදුරක් විදියට දක්වන්න පුළුවන්.

Delete කලත්, මොන මගුලටද Facebook එකේ මේ විදියට අපේ images තියෙන්නේ?

මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution
Network) මතයි facebook ක්රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක් facebook එකට
upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා. කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක්
හෝ Video එකක් delete කලවිට main server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ
server වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට
ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.

Delete කරපු image වලට කොහොමද යන්නේ ?

Delete කරපු image එකේ URL එක දන්නවා නම් බොහොම පහසුවෙන් delete කරපු image එකට යන්න පුළුවන්. ඉතින්
එය ඔබම ඔප්පු කරගන්න පහත උපදෙස් අනුව කරන්නකෝ..

ඔක්කොටම කලින් ඔබ delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න.
Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න.

දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න ක්ලික් කර ඒ කොපි කරගත් URL එකත්
Notepad එකේ past කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ)

දැන් ඔබේ පින්තුරය delete කරන්න.

දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේවි.

දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න.

ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image
වල URL කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.

No comments:

Post a Comment