Translate

Tuesday, July 2, 2013

මං තවමත් ආදරෙයි....

ආයෙ ආයෙත් උන දේවල් ගැන හිතලා වැඩක්
නැහැ..
මං තවම නැවතුන තැන ඉදන්
කල්පනා කරනවා කොහාටද යන්නේ කියලා, ඉදිරියක්
නැති මට පාර පෙන්නලා ඔයා යන්නට ගියා..

මොනතරම් හුරක් යන්නට හම්බවෙයිද දන්නේ නැහැ.
හැරිලා වත් නොබලපු ඔයා වෙනුවෙන්, මං තවත් හීන
මවන්නේ නැහැ.. ඒත් මට දැන් උන්න තැනටම යන්න
ඕන..

ආපු විදිය මතකත් නැති මට, ආයෙත් යන්න
බැරුව අතරමං වෙද්දි, කාගෙන් අහන්නද,
ඔයා කිව්වා වගේ ප්රස්න තියෙන්නේ මුහුණ දෙන්න. පැනලා යන්න නෙමෙයි.

කිව්ව හැමදේම මතක්
කරමින් කරන්නේ කුමක්ද කියලා මං තවමත් බලන්
ඉන්නවා.. කොතනින් හරි මේ ගමන යා යුතුමයි..
ඔයා මටත් වඩා ලස්සනට එඩිතරව යන දිහා බලලා,
මමත් කොහොමින් හරි ඉදිරියට යන්නම්.

ආයෙත්
මං වෙනුවෙන් කදුලක් නොවැටෙන ඔය හිතට
මං තවමත් ආදරෙයි....

උපුටා ගැනුමකි.

No comments:

Post a Comment