Translate

Wednesday, July 24, 2013

මට හිතෙන හැටි.

ආදරය කියන එක අපි ජීවිතේදි ප්රධාන
වශයෙන් අත්විඳින්නේ ආත්මාර්ථකාමී
අර්ථයෙන්. නමුත් ටිකක් හිතුවහම
මේ ආත්මාර්ථයම පුළුල් කරන්න ගන්න
පුළුවන්, 'මම' කියන තැන ඉඳලා 'මාත් අයිති
වන මගේ සමාජය' වගේ තැනකට. ඒ
නිසා අපිට සමාජයට ආදරය කරන්න පුලුවන්
වෙන්නේ ඒ සමාජයට අපිවත් අයිති බව
දැනුනොත් තමයි. සමාජයකට අයිතිවීම
කියන හැඟීම පටු වෙන්න වෙන්න
මේ ආත්මාර්ථයත් පටුවෙනවා. එතැනදි
තමයි අපි හැමෝම අනෙකාව
නොසලකා සම්පූර්ණයෙන් 'මම' කියන
හැඟීමෙන් වැඩ කරන්නේ. ආගම්, ජාති, කුල
භේද වල අවසාන ඵලය වෙන්නේ ඒ
වගේ තත්වයක්.

ලෝකයට ආදරය කරන්න හොඳම විදිහ
තමයි මේ 'මම' කියන අර්ථය පුළුල්
කරගැනීම. 'මම' කියන්නේ තමන්,
තමන්ගේ පවුල් වල අය, මිතුරන්,
අසල්වාසීන්, රටවැසියන්, සහ
පොදුවේ මිනිසුන් ලෙස හිතන්න උත්සාහ
කරන්න ඕනේ. ඔය ඉතිං 'මම' හිතන
විදිහ.....

No comments:

Post a Comment