Translate

Saturday, July 27, 2013

ෆේස්බුක් හැකින්ග් වලින් බේරෙන්න...

වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ්
අඩවියක් තමයි Facebook. ඒ වගේම තමයි
Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක්
තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා,
තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන
වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම
තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 %
පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි
දැනුමක් නැහැ. ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන
වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න,
තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින්
සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක්. ඒ වගේම
තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි
පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු
කරන්නෙ Google වෙත පිවිස facebook
හෝ facebook login යනුවෙන් සෙවුමක් කර
facebook වෙත පිවිසීමය. බොහෝ දෙනෙකු විසින්
මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති
විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක්
facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක්
facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන්
වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි
වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම
වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත.

Google.lk වෙත පිවිස search box එක තුල “F”
අකුර යොදා බලන්න. එවිට ලැබෙන ලැයිස්තුව තුල
පළමුව facebook යන්නත් දෙවනුව facebook
login යන්නත් දකින්නට ලැබේ.
Facebook භාවිතා කරන අය කරන ප්රධානම වැරද්ද
තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය
හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට
දැමීම. Facebook Profile එකේ කිසිවිටකත්
තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට
දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook
ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත්
වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි.

අනෙක්
කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල්
ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.
තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල්
ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන්
වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර
පදය වෙනස් කරන්න.
ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම
හෝ ඊ මේල් ලිපිනය විවෘත කිරීමෙන් වලකින්න.
සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies,
saved password ආදිය මකා දමන්න.
Web browser එක තුල මුරපදය save කිරීමෙන්
වලකින්න.
Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත
ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින්
ප්රවේසම් වන්න.
කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත
දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ්
අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිමින්
ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අඩවි
නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන්
නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ”
වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම්
කවලම් කර නිර්මාණය කරන්න.
සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ්
එකක් භාවිතා කරන්න
මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක
සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල්
කිහිපයක් නිසා. ඉන් එකක් තමයි
මාගේ මිතුරෙකුගේ facebook, yahoo ගිණුම්
දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook,
yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක්
තමයි Techkatha වල facebook, yahoo ගිණුම්
දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට
facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන්
කියා කියවන පුද්ගලයන්ය. මෙයද
වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන්
අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය
කියා දගලන්නේ නැත. එසේ සිටියොත්
සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම්
විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්
බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට
වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය.

බොහෝ දෙනා මෙම හැක්
කිරීම හා ක්රැක් කිරීම මාරු කරගෙන තමාට හැක්
කිරීම සිදු කළ හැකි යන්න පවසයි.
එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර
සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති.
මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට
අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT
තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම
තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක
ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට
බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන
ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින්
මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින්
ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය
සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම
දගලන්නේ facebook යාමටය.
හැක් කිරීම් සිදුකරන්නේ හෝ සිදුවන්නේ කෙසේද
යන්න, වෙන අයෙකු වැරදියට යොදා ගැනීම සිදු කරන
බැවින් එය සදහන් කර නැත. මෙහි මග හැරුනු කරුණුද
තිබිය හැක.

මම ඔය උඩ ලිපිය වෙනත් අඩවියකින් උපුට ගත්තු
එකක්. මොකද කොච්චර දේවල් දැන ගත්තත්,
කොච්චර දේවල් කියන්න තිබුනත් මට ඔච්චර
කොටන්න කම්මැලියි. දැන් ඔන්න මගේ ලිපිය ලියන්න
යන්නෙ. ඒ කත් කියවලා ඉන්නකෝ...
වැදගත් : මෙම ක්රම වලට අමතරව ෆේස්බුක් හැක්
කල හැකි ක්රම රාශියක් ඇත.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන
ලින්ක් තුලින් විවිද පුද්ගලයන් ලබා දෙන මෘදුකාංග
ඉන්ස්ට්රෝල් කර ගැනීමෙන් වලකින්න.
චැට් එකේදි හෝ ඔබගේ ඊමෙල් ගිනුමට පැමිනෙන
ලින්ක් තුලින් ඔබ ඔබගේ පාස්වර්ඩ් හා ඊමේල්
යොදා කිසිම අවස්ථාවකදි ලොග් වීම් සිදු කිරිමෙන්
වලකින්න.
ඊමේල් ගිනුම සඳහා Security Questions
ලබා දීමේදි එය කිසිවෙකුටත් අනුමාන කිරිමට
නෙහැකි ඔබ පමනක් දන්නා දෙයක් ලබා දෙන්න.
ෆේස්බුක් ගිනුම සඳහාද අනිවාර්යෙන්ම Security
Questions ලබා දෙන්න. මෙය ඉතාම වැදගත්. මෙය
පිලි නොපැද්දොත් ඔබව ඔබට නොදැනීම හැක් කිරිම
සුලුදෙයක්.

චැට් කරන විට අනෙකාව කිසිම විටෙක ඕනවට
වඩා විශ්වාස කරන්න එපා. අනිකා එවන ලින්ක්
පිලිබඳව ඔබට දැනුමක් නැත් නම් ඒවා ක්ලික්
කිරීමෙන් වලකින්න. ඔබ බලා පොරොත්තු වෙන
කෙනා නොවෙන්න පුලුවන් එහා පැත්තෙ ඉන්නෙ. ඒ
ගිනුම හැක් වී තියෙන්න පුලුවන්. ඔය වගේ හැක් උන
ප්රොෆයිල් වලින් ඇවිල්ලා මගේ යාළුවන් පවා හැක්
වෙච්ච අවස්තා තියෙනවා. කෙල්ලෙක් ලින්ක් එකක්
චැට් එකේදි දුන්නම අපේ එවුන් පිස්සු
බල්ලො වගේ හොයන්නෙ බලන්නෙ නැතිව ක්ලික්
කරලා ලොග් වෙනවා. අනේ ඉතින් දෙයියන්ගෙම
පිහිටයි.
ෆේස්බුක් වල තියෙන නොදන්නා ඇප්ලිකේශන්
සඳහා Allow කර පර්මිශන් ලබා දීමෙන් වලකින්න.
මෙයත් ඉතාම වැදගත්.

මිතුරන් ඇඩ් කර ගැනීමේදි සැලකිලි මත් වන්න.
නොදන්නා පුද්ගලයන් හානි කර විය හැකියි. ඔවුන්
ගැන සොයා බලා ඇඩ් කර ගැනීම සිදු කරන්න.
ෆේස්බුක් වල විවිද පුද්ගලයන් අපේ Wall එකට එක
එක ලින්ක් දානවා. ඒ ලින්ක් වලට ගියාම ඒ පේජ්
එකේ තියෙනවා කෝඩ් එකක්. ඒ කෝර්ඩ් එක කොපි
කරලා ඔයාලගෙ වෙබ් බ්රව්සර් එකේ ඇඩ්ඩ්රස් බාර්
එකට පෙස්ට් කරලා එන්ටර් කරන්න කියලා. කිසිම
වෙලාවක මෙන්න මේ දේ නම් කරන්න යන්න එපා.
මේකත් ඉතාම වැදගත්.
Barn Buddy ක්රෙඩිට් ලබා ගන්න කියලා විවිද
පුද්ගයන් එවන ලින්ක් වලින් ගිහිල්ලා පාස්වර්ඩ් ඊමෙල්
දීලා ලොග් වෙන්න එපා. අපේ එවුන් ලෝබ
කමේ මේවා ගන්න ගිහිල්ලා හැක් වෙනවා. ඊට
පස්සෙ හැක් කරපු එකා හැක් උන එකාගේ සත්තු
උස්සනවා. මේක වෙන්නෙ මෙලෝ මගුලක්
නොදන්න තන්හාව වැඩි අයට.

ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න පුලුවන් කියා එක
එක අය දෙන සොෆ්ට්වෙයා බාවිතා කිරිමෙන්
වලකින්න. මේකෙන් වෙන්නෙ ඔයාලාම හැක් වෙන
එක. අනිත් එක තමයි මේ තුට්ටු
දෙකේ සොෆ්ට්වෙයා එකකින් ෆේස්බුක්වත්,
ජීමෙල්වත්, යාහුවත් හැක් කරන්න බෑ.
උඹලාගේ එකවුන්ට් හැක් කර ගන්න ඕන නම්
මේවා යූස් කරාට කමක් නෑ. යූ ටියුබ්
එකේ මේවා වැහි වැහැලා. හැබැයි පාවිච්චි කරොත්
හැක් වෙන්නෙ ඔයාලමයි.
තව දෙයක් කියන්න ඕන ඔයාලගේ ඊමේල් එකට එන
තමන්ට අදාලත්වයක් නැති සැක සහිත ඊමේල් වලට
රිප්ලයි දාන්න යන්න එපා. එවැනි ඊමේල් වල තියෙන
ලින්ක් ක්ලික් කරන්න යන්න එපා.
එක එක අය එවන කෙටි කරපු ලින්ක් උඩ එක පාරට
ක්ලික් කරලා යන්න එපා. (eg: http://
ow.ly/4Gz8n ) ඔය ලින්ක් එක දැක්කාම ඔයාලට
මොකද හිතෙන්නෙ. අඳුර ගන්න පුලුවන්ද මොකක්ද
කියලා. බෑ... ඒක නිසා හොයන්නෙ බලන්නෙ නැතුව
කිසිම වෙලාවක ඔයවගේ ලින්ක් වලට යන්න එපා.
ඔය වගේ ලින්ක් චෙක් කරන්න ඕන නම් මෙන්න
මේ සයිට් එකට ගිහිල්ලා ඔය ලින්ක්
එකේ හංගලා තියෙන ලින්ක් එක මොකක්ද
කියලා හොයාගෙන ඉන්න. ( http://longurl.org/ )

තව දෙයක් තමයි මේ දිනවල ෆේස්බුක්
එකේ වේගයෙන් පැතිර යනවා ටී ෂර්ට් දෙන
කතාවක්. ඒ වගේ මෝඩ කතා වලට අහු වෙන්නෙ ඒ
වගේම හරක් තමයි. ඔය වගේ ඒවාට
ඔයාලා අහුවෙන්න එපා. අනිත් එක තව ෆේස්බුක්
වෝල්පේපර් කතාවකුත් යනවා. ආහ් තව එකක්
යනවා මේ ඔයාගෙ ප්රොෆයිල් එක බලපු ගාන
පෙන්නන එකක්. මේකේ හැමෝටම එන්නෙ එකම
රිසාල්ට් එක. ඔයාලාගේ වෝල් එකටත්
මේ වගේ ලින්ක් ඇවිල්ලා ඇති. කිලික් කරන්න
තියා හිතන්න වත් එපා.
මම මෙතන
මේ දාලා තියෙන්නෙ අපේ ලංකාවෙ මහා හැකර්ලා
කියලා හිතාගෙන ඉන්න චු කොල්ලො කරන පොඩි
වැඩ ටිකක්. මීට වඩා සංකිර්න ක්රම තව තියෙනවා.

ඒවා මේ අපේ හැකර් අයියලා නොදන්න නිසා එච්චර
ගැටලුවක් නෑ.
මේවා හරියට පිලිපැද්දොත් ඔයාලව හැක් කරන්න
ලංකාවෙ ඉන්න හැකර් බයියලට බෑ.
මේවා කියන්න හිතුනෙ නිකන් අපරාදේ නොදැනුවත්
කම නිසා ඔයාලා ඔයාලාගෙ එකවුන්ට් අහිමි කර
ගැනීම වලක්වන්න ඕන නිසා. තමන් මේවා හරියට
පිලි පැද්දොත්. මොලය කල්පනා කරලා වැඩ කරොත්
ඔයාලා ආරක්ශා සහිතයි.

No comments:

Post a Comment